තම පුතා ”අම්මා” කියා අමතන තුරු බලා හිඳින මවක්.

0
272

මීට වසර 06කට පෙර අපට ජීව විද්‍යාත්මක දෙමව්පියන් විය නොහැකි බව දැනගත්තා.

ඉන් පසු අප දෙදෙනා දරුකමට දරුවකු හදා ගැනීමට තීරණය කළා.

අපි බතූර් ඇල්ප් ලෙස නම් කළ අපේ පුතා ඉපදුණු විගසම අපේ අතට ගත්තා.

ඔහු ටිකෙන් ටික වැඩෙද්දී අපේ ලෝකය පුරාම සතුට උතුරා ගියා.

නමුත් හදිසියේ ම අපේ පුතා අසනීප වුණා.  

ඔහුට මෙනින්ජයිටිස් (මොළයට විෂබීජයක් යාම) රෝගය වැලඳී ඇතැයි වෛද්‍යවරුන්ගේ නිගමනය වුණා.

ඔහුගේ තත්වය කොතරම් දරුණුද කියනවා නම් වෛද්‍යවරුන්ට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.

දැන් වයස අවුරුදු 06 ක් වන ඔහු සිය මුළු ශක්තියෙන් ජීවිතයට ඇලී සිටිනවා.

කෙසේ වෙතත්, ඔහුට කිසිම ආකාරයකින් තම ශරීරය භාවිතා කරන්න බැහැ.

කථා කරන්නේ නැහැ.

සිනාසෙන්නේ නැහැ.

අපේ එකම බලාපොරොත්තුව පුතා.

අපේ ලෝකය එයා.

අපේ සතුට එයා.

අප දෙදෙනාම ඔහුට අසීමිතව ආදරය කරනවා.

දරුවන් නැති අප දෙදෙනා සොයා පැමිණි ඔහු අපේ එකම සම්පත.

ඔහුගේ ජීව විද්‍යාත්මක පවුලට අවශ්‍ය නොවන දරුවෙකු ලෙස උපත ලැබීමට අමතරව, මෙම රෝගය සමඟ අහිංසක ඔහුගේ කුඩා ශරීරය පොරබදයි.

මම මගේ පුතාව මාගේ කුසෙහි ඇති දැඩි නොකළා විය හැකියි,

නමුත් මම ඔහුව හදවතින්ම ඇති දැඩි කළා.

නින්ද නොයන රාත්‍රීන් හෝ දුෂ්කර ප්‍රතිකාර ක්‍රියාවලීන් හෝ ද්‍රව්‍යමය හෝ සදාචාරාත්මක උත්සාහයන් මොහොතකටවත් මටවත් මගේ සැමියාටත් බරක් වුණේ නැහැ.

අප අවට සිටින අය බොහෝ විට පවසන්නේ අපගේ පුතාට අප හොඳ දෙමාපියන් බවයි,

ඔහු තමයි අපේ ජීවිතය.

තුර්කියේ ආබාධිත ජීවන තත්වයන් යන්නෙන් අදහස් කරන දේ සමඟ ජීවත් වීමට අපි ඉගෙන ගත්තා.

පීනන්න නොදැන මුහුදට වැටුණාක් මෙන් වූ දෙයක් කරන්න අපට සිදුවුණා.

අපගේ භෞත චිකිත්සකවරයා පවුලට මග පෙන්වීම සඳහා යෝජනා ඉදිරිපත් කළා.

මම හැකි පමණින් සතුටින් සහයෝගය ලබා දී මගේ අත්දැකීම් බෙදා ගන්නවා.

මෙම නගරය යනු ආබාධිතයන් සඳහා ඉතාමත් හොඳින් සළකන හොඳ වැඩපිළිවෙලක් ඇති නගරයක්.

අපේ පුතාගේ ශාරීරික තත්වයන් නොතකා වයස අවුරුදු 4 දී බාලාංශයට ඇතුළත් කර ගත්තා.

ඔහුගේ මිතුරන් කිසි විටෙකත් ඔහුට වෙනසක් කළේ නැහැ.

ඔවුන් ඔහුට බෙහෙවින් ආදරය කළා.

වසර අවසානයේදී, ඔහුගේ ගුරුවරයා ඔහුගේ ඡායාරූපවල පිටපතක් පිළියෙළ කර තිබුණා.

ඒ පුතා ගැන මා ප්‍රීතිමත්ම වූ දිනයයි.

සෑම කෙනෙකුටම තම දරුවන් ගැන බලාපොරොත්තු සහ සිහින තිබෙනවා.

මට ඇත්තේ එකම එක සිහිනයක් පමණයි.

එය බොහෝ ඈත නමුත්

එක් දිනක්, එක් වරක් , මගේ පුතා මට “අම්මා”ලෙස කතා කරාවියයැයි ඇති පැතුම පමණයි. ඒ

ඇනී එස්කිශර් – තුර්කියේ මවක්

(සිංහල භාෂාවට සැකසීම තරංග ලක්නාත්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here