spot_img

මහ රැජනට අවසන් ගෞරව දක්වන්න රනිල් යයි

පුවත්

විදෙස්

දෙවැනි එලිසබෙත් මහ රැජනගේ අවසන් කටයුතුවලට සහභාගී වීම සඳහා ලබන 19 වැනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරට යාමට නියමිතය.

ජනාධිපතිවරයා ඒ සඳහා 17 හෝ 18 දිවයිනෙන් පිටව යාමට සූදානමින් සිටියි.

එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදු කෙරෙන ලබන 19 වැනිදා ශ්‍රී ලංකාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ද රජය කටයුතු කර තිබේ.

1952 සිට 1972 අතර කාලයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී සහ ලංකාවේ රැජන වූයේ දෙවන එලිසබෙත් මහ රැජිනයි. ඇය 1954 ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේ දී මෙරට රාජාවලියේ ස්වදේශික රජකු ලෙස පිළිිගනිමින් සිංහාසනාරූඪ කර නිල වශයෙන් පිළිගැනීම සිදුකෙරිණි.

1 COMMENT

Leave a Reply to sakuntha jayawaradhana Cancel reply

Please enter your comment!
Please enter your name here

Latest articles