මහනුවර මුල්ගම්පළ ප්රදේශයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් තරුණියක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හීරැස්සගල ප්රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණියකි.
රියදුරාට පාලනය කරගත නොහැකි වූූ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන පාරේ ගමන් කරමින් සිටි තිදෙනකු යට කරගෙන ගොස් නවතා තිබූ යතුරුපැදියක හැපී නතර වී තිබේ. තුවාල ලැබූ සිව් දෙනකු මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතර සිටි තරුණිය මියගියාය. ඇය මාර්ගයේ ගමන් කරමින් සිටි අයකු බව ද පොලිසිය කියයි.
අනතුර සිදු කළ රියදුරා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි