කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 28,789ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,104ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 183 කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,828ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 343
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 244
- වින්පෝර්ත් සමාගම රුපියල් මිලියන 123
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඒසියා ෂියාකා සමාගම කොටස් මිලියන 14
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාග කොටස් මිලියන 10
- වින්ෆෝර්ත් සමාගම කොටස් මිලියන 07
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සීඅයිටී සමාගම 22%
- ශ්‍රී ලංකා හොටෙල් කෝපර්රේෂන සමාගම 13%
- ආර්පිකෝ ෆිනෑන්ස් සමාගම 12%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- වින් ෆෝර්ත් සමාගම කොටස් මිලියන 07 රුපියල් 17.50 බැගින්
- ලංකා ලුබ්රිකන්ට් සමාගම කොටස් 450,000ක් 93.50 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 414
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 268
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 170
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 115ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 65ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 50ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- කාර්ගීල්ස් සමාගම රුපියල් මිලියන 30
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 11
- ඩයලොග් සමාගම රුපියල් මිලියන 10
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 37
- සිංගර් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 07
- සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රියල් සමාගම රුපියල් මිලියන 03
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ