spot_img
spot_imgspot_img

තරුණයකු කොල්ල කෑ පොලිසියේ හතරක් අත්අඩංගුවට

පුවත්

විදෙස්

තරුණයකුගේ ගෙළ බැඳි රන් මාලයක් සහ ජංගම දුරකථනයක් කොල්ලකෑ පොලිසියේ සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ම කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළඹේ පොලිසියේ සැරයන්වරයකු සහ කොස්තාපල්වරු තිදෙනෙකි. ඔවුන් විසින් කොල්ලකෑමට යොදාගත් ත්‍රීරෝද රථයක් සහ කොල්ලකන ලද රන්මාලයත්, ජංගම දුරකථනයත් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

කොට්ටාව විද්‍යාල හන්දියේ දී සිය සොහොයුරියගේනිවසට යාමට පැමිණි වීරකැටියේ පදිංචි තරුණයකු මෙලෙස පසුගිය 20 වැනි දා කොල්ලකෑමට ලක්ව තිබේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි මෙම පොලිස් නිලධාරීන් සිව්දෙනා තරුණයා අසළට පැමිණ ඔහුගේ රන්මාලය සහ ජංගම දුරකථනය කොල්ල කා පලාගොස් බව ද පොලිසිය කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!