කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 28,898 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,721ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 03 කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ ස”මස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,9106ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 578
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 313
- ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 208
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10.3
- ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම කොටස් මිලියන 10.1
- රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 9.8
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස් හෝල් සමාගම 33%
- ටෙලිකොම් සමාගම 24%
- ලංකෙම් සිලෝන් සමාගම 24%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් ලක්ෂ 05 රුපියල් 127.50 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 413
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 280
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 176
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 147ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 64 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 84ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 63
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 25
- බොගවන්තලාව වැවිලි සමාම රුපියල් මිලියන 9.7
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 12
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 11
- රේණුක හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 03
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ