spot_img
spot_imgspot_img

ගෝඨාගෝගම ඉවත් කිරීම ගැන නීතිපති දුන් පොරොන්දුව

පුවත්

විදෙස්

ගෝඨාගෝ ගම අරගල භූමියේ ඇති ඉදිකිරීම් සහ බෝග වගා නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වැනි දා දක්වා ඉවත් නොකරන බවට නීතිපතිවරයා අද (05) අභියාචනාධිකරණයේ දී පොරොන්දු වූයේය. එම ඉදිකිරීම් අද (05) සවස 5.00ට පෙර ඉවත්කර ගන්න යැයි පොලිසිය අරගලකරුවන්ට කරන ලද දැනුම්දීම බල රහිත කරන්න යැයි ඉල්ලමින් ගොනුකර තිබූ පෙපත්සම් කැඳවූ අවස්ථාවේ දී මෙම ප්‍රතිඥාව ලබා දී තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් අද අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන කියා සිටියේ අදාල කාලසීමාව තුළ මෙම අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම සම්බන්ධයේන වන මූලික නීතිමය පියවර ආරම්භ කිරීමට වගඋත්තරකරුවන්ට බාධාවක් නොමැති බවයි.

එමෙන් ම අදාල අරගල භූමියේ සිටින පුද්ගලයන් ස්වේච්ඡාවෙන් එම ස්ථානයෙන් ඉවත්ව යාමට එකඟ වන්නේ නම් එය සිදුකිරීමට බාධාවක් නොවන බව ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!