කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 32,658 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,799 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 149කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,736ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 955
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 523
- මේල්සටා කොප් සමාගම රුපියල් මිලියන 352
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 36
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 24
- මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 08
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
- බේරුවල රිසෝට් හෝටල් සමාගම 18%
- හුන්නස් ෆෝල්ස් හෝටල් සමාගම 17%
සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම්
- ජෝන් කීල්ස් හෝල්ඩ්න්ස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 120.00 බැගින්
- මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 6.4ක් රුපියල් 41.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 409
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 226
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 179
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 262ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 468 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 206ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් අද ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- හේලීස් සමාගම රුපියල් මිලියන 08
- මස්කෙළිය වැවිලි සමාගම රුපියල් මිලියන 02
- බේරුවල රිසෝට් සමාගම රුපියල් මිලියන 02
- බොගවන්තලාව වැවිලි සමාගම රුපියල් මිලියන 02
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 151
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 53
- සිස්ටෙක් සමාගම රුපියල් මිලියන 06
- කෙවරෝන් ලුබ්රිකන්ට් සමාම රුපියල් මිලියන 06
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ