spot_img
spot_imgspot_img

දානයේ පිරිකරට පෙට්‍රල් පිරවූ බුලියක්

පුවත්

විදෙස්

පිටිගල අතුකෝරළ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩී.ඩබ්ලිව්.අතුකෝරළගේ ගුණ සමරු දානමය පිංකමේ දී ඊට වැඩම කළ භික්ෂූන්ට පෙට්‍රල් පූජාවක් සිදුකෙරිණි.

පෙට්‍රල් ලීටර 10 බැගින් අඩංගු බුලියක් බැගින් දානයට පැමිණි භික්ෂූන්ට පිරිකර ලෙස පූජා කිරීමට පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ වත්මන් සභාපති අනුර තිලක් අතුකෝරළ කටයුතු කළේය.

දානයට මෙවැනි පිරිකරක් කිසිදිනක ලැබී නැතැයි ද මෙය මිල කළ නොහැකි පිංකමක් යැයි ද සංඝරත්නය කීහ.

ඉන්ධන නිකුත් කිරීම QR කේතයක් අනුව සිදුකරමින් සිටිය දී සහ ඉන්ධන ගබඩා කිරීම නීති විරෝධීයැයි වැටලීම් සිදුකරද්දී මෙලෙස බෞද්ධ හිමිවරුන් සඳහා බුලිවල පුරවා ඉන්ධන දන් දීම නීත්‍යානුකූළ කාර්යයක් ද යන්න විමසා බැලිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!