ගෝඨාභය රජපක්ෂට ජනපතිධුරයෙන් ඉවත්වන්නැයි ඔහු බලයට ගෙන ඒමට මුල් වු ත්‍රෛනිකායික මහා සංඝරත්නයෙන්ම බලපෑම් කරමින් උපවාසයක් ආරම්භ කර ඇත.
ඊයේ (07) සිට පිටකොටුව බෝධිය ඉදිරිපිට මෙම මාරාන්තික උපවාසය දෙවන දිනටත් අද (08) දිනයේ ක්‍රියාත්මක විය. භික්ෂුන් වහන්සේලා පහළොස් නමක් පමණ උපවාසයේ යෙදි සිටි අතර කතෝලික පුජකවරු හා කන්‍යා සොයුරියන් ද ඒ අවට රැදි සිටිනු දක්නට ලැබිණි.
මෙම උපවාසයේ යෙදි සිටින භික්ෂුන් අතරින් මාධ්‍යයට අදහස් ඉදිරිපත් කල පුජ්‍ය බැදිවැවේ දියසේන හිමියන් ප්‍රකාශ කලේ ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වනතුරු මහා සංඝරත්නය මේ උපවාසය අත් නොහරින බවයි. කිසියම් ආකාරයකින් හෝ දිගින් දිගටම බලයේ රැදි සිටිමට උත්සාහ කලහොත් මේ මහා සංඝරත්නයේ ජීවිත ද රටේ ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් පුජා වනු ඇති බවයි.
මෙම භික්ෂු උපවාසයට සහාය දිම සඳහා ගිහි සංවිධාන රාශියක් රැස්වි සිටියහ. ඒ අතර සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය, සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය, ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය ද විය.