spot_img
spot_imgspot_img

සරත් ෆොන්සේකා රටම උසිගන්වයි. අරමුණ ගැන සැකයක් ?

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා රජයට එරෙහිව ජනතාව පෙළ ගැස්සවීමේ ක්‍රියාවක තවදුරටත් නිරත වෙමින් ලබන අගෝස්තු 09 වැනි දා සියලු දෙනාට කොළඹට පැමිණෙන ලෙසත්, මාසයක් හෝ නතර වී මේ ප්‍රශ්නය විසඳාගත යුතු බවත් නැවත ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වැනි වගන්තිය අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ප්‍රතිඥා දී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා අරගල කිරීමට මේ ආකාරයෙන් රටේ ජනතාව පෙළඹවීම කොතරම් දුරට නිවැරදි ද යන්න පිළිබඳ මේ වනවිට දේශපාලන සහ නීති ක්ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්ව තිබේ.

පසුගිය ජූලි 09 වැනි දා කොළඹට පැමිණි අති විශාල ජන ගඟ තරම් පිරිසක් පැමිණෙනු ඇතැයි කිසිවෙකු බලාපොරොත්තු නොවූ බවත්, ලබන අ‍ගෝස්තු 09 වැනි දා ද ජනතාව එලෙසම කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කරයි.

පසුගිය ජූලි 09 වැනි දා කොළඹට පැමිණි ජනතාව ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගත් අතර වත්මන් ජනාධිපති එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ද ගිනි තැබූහ. ඉන් පසු 13 වැනි දා අගමැති ලේකම් කාර්යාලය ද අල්ලාගත් අරගලකරුවන් ජාතික රූපවාහිනියට ද ඇතුළු වී එහි විකාශන කටයුතුවලට ද බාධා කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ‍ෆොන්සේකා නැවත වතාවක් ජනතාවට එලෙස කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ සඳහා රටේ සියලු ජනතාව ඒකරාශී විය යුතු බවත් කියා සිටියි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මාසයක් හෝ කොළඹ රැඳී සිට ඉලක්කය සපුරා ගැනීමට පැමිණෙන ලෙසයි.

පසුගිය 09 වැනි දා සහ 13 වැනි දා විවිධ ස්ථානවලට අරගලකරුවන් කැඳවූ ඇතැම් සමාජ ක්‍රියාකාරිකය්න මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාර්යය ම සිදුකරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම නීතිය ක්‍රියාත්මක වූයේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!