spot_img
spot_imgspot_img

කොරෝනා ආසාදිතයන් තවත් වැඩි වෙයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 04 දෙනකුගේ මරණ අද (27) තහවුරු කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

ඉන් මරණ තුනක් වයස අවුරුදු 60 ඉක්ම වූ අය බව ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත. මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,548ක් බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද දිනයේ තහවරු වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද 154 දෙනෙකි. ඒ අනුව දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 665,240ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!