spot_img
spot_imgspot_img

රනිල්ගේ නිවසට හානි කළැයි සැක අයට ඇප නෑ

පුවත්

විදෙස්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට පහර දී අලාභහානි සිදුකළා යැයි අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දනකු ලබන අගෝස්තු 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (27) නියෝග කළේය.

දැනට විදෙස් ගමන් තහනම් කර සිටින ඉවෝන් ඇන්ඩෲ පෙරේරා නමැති පුද්ගලයා ද මෙහි 05 වැනි සැකකරු ලෙස නම් කිරීමට ද අධිකරණය අවසර ලබා දී තිබේ.

සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ මූලික මට්ටමේ පවතින බැවින් සැකකරුවන්ට ඇප ලබා දීමට විරුද්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස සිටිය දී රජයෙන් ලබා දී තිබූ නිල රථයට, ගිනි නිවන රථයකට සහ පොලිසියට අයත් වාහන 03කට මේ අවස්ථාවේ අලාභ හානි සිදුව ඇති බැවින් පොදු දේපළ පනත යටතේ සැකකරුවන්ට එරෙහිව විමර්ශන කටයුතු සිදුකරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කියා සිටියේ රථවලට සහ දේපළවලට තම සේවාදායකයන් හානි කළේ යැයි සනාථ කරන කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නැති බවයි. එබැවින් ඔවුන් ඇප මත මුදාහරින ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.

මෙම සැකකරුවන් නිශ්චිතව ම පොදු දේපළවලට හානි කළා යැයි කීමට නිශ්චිත සාක්ෂි මෙතෙක් ඉදිරිපත්ව නැතත් එවකට අගමැතිවරයාගේ පුද්ගලික නිවසට ආරාධනාවකින් තොරව ඇතුළුවූයේ කුමක් නිසා ද යන්න හේතු දැක්වීමට ‍අපොහොසත් වූ බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!