spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ ‘චීන ණය උගුල’?

පුවත්

විදෙස්

උමේශ් මොරමුදලි, තිලිණ පඬුවාවල විසිනි

ශ්‍රී ලංකාව නිදහසින් පසු ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ විනිමය ස්වෛරී ණය පැහැර හැරීමක් සිදුකර තිබේ. දැඩි විදේශ විනිමය හිඟය හේතුවෙන් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) වැනි බහුපාර්ශ්වික සංවිධාන වෙත හැර සෙසු විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවන බව අප්‍රේල් 12 දා ශ්‍රී ලංකාව නිවේදනය කළේය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අවතීර්ණ වීමටත්, ආපසු ගෙවීම අත්හිටුවා ඇති විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් අදහස් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ අවධාරණය කළේය. ඒ අනුව, ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කළ අතර, මැයි 24 දින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා නීති සහ මූල්‍ය උපදේශකයන් පත් කරන ලදී.


චීනයට ශ්‍රී ලංකාවේ ණය බැඳීම් බොහෝ විට වැරදි ලෙස අර්ථකථනය කර තිබේ. චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා බව ඇත්තකි. මේ හේතුව නිසාම, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී චීනය ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. චීනය ශ්‍රී ලංකාවට ණය දීමේ ඉතිහාසය සමාලෝචනය කර බැලූ විට, විශේෂයෙන් 2018 වසරේදී සහ වසංගතය අතරතුර චීනය සෘජුවම අයවැය මූල්‍යකරණය සඳහා අරමුදල් සැපයුවාය. ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ චීනයේ අවබෝධය සහ ප්‍රධාන ණය දෙන්නෙකු ලෙස මැදිහත් වීමට චීනයට ඇති හැකියාව ද එමගින් පෙන්නුම් කරයි. වත්මන් අර්බුදය තුළදී චීනය ක්‍රියා කිරීමට තෝරා ගන්නේ කුමන මූලෝපායක්ද යන්න මත ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හැඩගස්වෙනු ඇත.


චීනය ශ්‍රී ලංකාවට සපයා ඇති ණය පරිමාණය තේරුම්ගැනීම


චීනයට ශ්‍රී ලංකාවේ ණය බැඳීම් බොහෝ විට වැරදි ලෙස අර්ථකථනය කර තිබේ. චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා බව ඇත්තකි. මේ හේතුව නිසාම, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී චීනය ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. චීනය ශ්‍රී ලංකාවට ණය දීමේ ඉතිහාසය සමාලෝචනය කර බැලූ විට, විශේෂයෙන් 2018 වසරේදී සහ වසංගතය අතරතුර චීනය සෘජුවම අයවැය මූල්‍යකරණය සඳහා අරමුදල් සැපයුවාය. ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ චීනයේ අවබෝධය සහ ප්‍රධාන ණය දෙන්නෙකු ලෙස මැදිහත් වීමට චීනයට ඇති හැකියාව ද එමගින් පෙන්නුම් කරයි. වත්මන් අර්බුදය තුළදී චීනය ක්‍රියා කිරීමට තෝරා ගන්නේ කුමන මූලෝපායක්ද යන්න මත ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හැඩගස්වෙනු ඇත.


ඇස්තමේන්තුවලට අනුව, 2022 අප්‍රේල් 12 වැනි දින ආපසු ගෙවීම අත්හිටුවන විටදී රාජ්‍ය අංශයේ පියවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 26.4ක පමණ විය (කර්තෘගේ ඇස්තමේන්තුව සඳහා පදනම් කරගනු ලැබුවේ ශ්‍රී ලංකා මහබැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ දත්තයි). ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 7.1 ක් පමණ චීනයෙන් ණය ලබාගෙන තිබේ. (තොරතුරු දැනගැනීමේ අයිතිය මත පදනම් වූ ඉල්ලීම් හරහා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් දත්ත මත පදනම් වේ). වෙනත් වචනවලින් කිවහොත්, ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත විදේශ ණයවලින් 26% ක් පමණ ගෙවීමට තිබෙන්නේ චීන ණය හිමියන්ටය. හිඟ ගෙවීම්වලින් ඩොලර් බිලියන 4.3ක් පමණ චීනයේ EXIM බැංකුවට (ChEXIM) ලබාදිය යුතු අතර ඩොලර් බිලියන 2.8ක් චීන සංවර්ධන බැංකුව (CDB) වෙත ගෙවිය යුතුය. මේ බැංකු දෙක චීනයේ විශාලතම ප්‍රතිපත්ති බැංකු දෙකයි. අනෙකුත් චීන ණයහිමියන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට එතරම් බලපෑමක් නැත.


චීනය ශ්‍රී ලංකාවට ණය දීම පිළිබඳ නිවැරදි චිත්‍රයක් ලබා දීම මගින් මිථ්‍යාවන් කිහිපයක් දුරුකළ හැකිය. ඒඅතරින් පළමුවැන්න නම්, ශ්‍රී ලංකාවේ ණයබර වැඩිවීම සම්බන්ධයෙන් චීනයේ දායකත්වය පිළිබඳ පවත්නා පොදු අධි තක්සේරුවයි. මෙහිදී බොහෝවිට පැවසෙන්නේ ශ්‍රී ලංකාව චීන “ණය උගුලක” ගොදුරක් බවයි. කෙසේ වෙතත්, දත්ත මගින් පෙන්නුම් කරන්නේ, පසුගිය දශකය තුළ විශාලතම විදේශ ණය ප්‍රභවය වූයේ යුරෝ බැඳුම්කර ලෙසද හඳුන්වන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) බවයි. 2021 වසර අවසන් වන විට, ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණයවලින් 36.5%ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වන අතර එම වසරේම මුළු විදේශ ණය ආපසු ගෙවීම්වලින් 47%ක්ම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම් වූ බවයි. මෙම සන්දර්භය තුළ, චීනයේ ණය බෙහෙවින් කුඩා ය. එහෙත් ඇතැම් මාධ්‍ය භාවිතාවන් හේතුවෙන් එය තවදුරටත් අවතක්සේරු කළ අගයක් විය හැකිය. එවැනි ජනප්‍රිය අදහසක් වන්නේ චීන ණය ශ්‍රී ලංකා රජයේ ණයවලින් 10% ක් පමණක් බවයි. එහෙත් යථාර්ථය එය නොවේ. චීනය රජයට ලබාදී තිබෙන වාණිජ ණය සහ ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසාය (SOEs) වෙත ලබා දී තිබෙන ණය සලකා බලන විට, රාජ්‍ය සහ රජය විසින් සහතික කරන ලද ණය (PPG) යන පුළුල් අර්ථ දැක්වීම අනුව, 2021 අවසානය වන විට චීන ණය පංගුව 19.9% දක්වා ඉහළ යයි. එම ණය තොගයේ ණය සේවා සමස්ත රාජ්‍ය සහ රජය විසින් සහතික කරන ලද ණය ණය සේවාවෙන් 20% කි.


රාජ්‍ය ණය සහ රජය විසින් සහතික කරන ලද ණය

අපි ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව (ERD) වෙතින් තොරතුරු දැනගැනීමේ අයිතිය මත පදනම්ව කරන ලද ඉල්ලීම් හරහා ලබාගත් දත්ත මත විශ්වාසය තබන්නෙමු. රාජ්‍ය ව්‍යවසාය විසින් සෘජුවම ලබාගන්නා ලද කුඩා විදේශ ණය කිහිපයක් හැර, රාජ්‍ය හා රජය විසින් සහතික කරන ලද ණය සේවාවල අති බහුතරය හසුරුවනු ලබන්නේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසිනි. එහි දත්ත මගින් පෙන්නුම් කරන්නේ ඩොලර් බිලියන 35.8 ක රාජ්‍ය හා රජය විසින් සහතික කරන ලද බාහිර ණය හිඟයක් 2021 අවසානය වන විට තිබෙන බවය. ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) දේශීය ණය ලෙස වර්ගීකරණය කරන ශ්‍රී ලාංකිකයන් සතුව ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 1.9ක් පමණ මෙයට ඇතුළත් බව සැලකිය යුතුය. එහෙත්, ණය සේවා අරමුණු වෙනුවෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එය බාහිර ණය ලෙස සලකයි. එයට හේතුව, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ආපසු ගෙවීම සිදුකළ යුත්තේ විදේශීය භාරකරුවන් විසින් බැවිනි. අවසාන බැඳුම්කර හිමියාගේ පදිංචිය එහිදී අදාළ වන්නේ නැත.


වසර 2000න් පසු චීන ණය


චීනයට ශ්‍රී ලංකාවේ ණය බැඳීම් බොහෝ විට වැරදි ලෙස අර්ථකථනය කර තිබේ. චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා බව ඇත්තකි. මේ හේතුව නිසාම, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී චීනය ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. චීනය ශ්‍රී ලංකාවට ණය දීමේ ඉතිහාසය සමාලෝචනය කර බැලූ විට, විශේෂයෙන් 2018 වසරේදී සහ වසංගතය අතරතුර චීනය සෘජුවම අයවැය මූල්‍යකරණය සඳහා අරමුදල් සැපයුවාය. ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ චීනයේ අවබෝධය සහ ප්‍රධාන ණය දෙන්නෙකු ලෙස මැදිහත් වීමට චීනයට ඇති හැකියාව ද එමගින් පෙන්නුම් කරයි. වත්මන් අර්බුදය තුළදී චීනය ක්‍රියා කිරීමට තෝරා ගන්නේ කුමන මූලෝපායක්ද යන්න මත ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හැඩගස්වෙනු ඇත.


චීනය වසර 70 ක් තිස්සේ ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සබඳතාවක් පවත්වයි. එහෙත්, චීන ණය මත පදනම් වූ පොදු යටිතල පහසුකම් සංවර්ධනය රට තුළ නව සංසිද්ධියකි. මහජන චීන සමූහාණ්ඩුව සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික සබඳතාව ආරම්භ වූයේ 1952දීය. ශ්‍රී ලංකාව කොරියානු යුද්ධයේදී සහල්-රබර් ගිවිසුම හරහා චීනය සමඟ වෙළඳ ගිවිසුමකට එළඹුණු රටවල් කිහිපයෙන් එකක් විය. එය මිත්‍රත්ව ගිවිසුමක් නොවීය. ශ්‍රී ලංකාවට සහල් හිඟයක් පැවති අතර ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් චීනයට රබර් විකුණන්නට කැමති පාර්ශ්ව සිටියේ නැත. ඒ අනුව එය අවශ්‍යතාව මත උපන් භාණ්ඩ හුවමාරු ගිවිසුමකි. ඉන් අනතුරුව, 1950 දශකයේ සිට 1970 දශකය දක්වා චීනය ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික ණය ලබාදුන්නාය. එහෙත්, 1977දී ශ්‍රී ලංකාව බටහිර දෙසට යොමුවූ ‘විවෘත ආර්ථිකයක්’ බවට පත්වීමෙන් පසු චීනය නොවැදගත් ණය දෙන්නෙකු බවට පත් විය. 2000 දශකයේ ආරම්භය වන විට, ශ්‍රී ලංකාවේ චීන ණය මුළු විදේශ ණයවලින් 1%කට වඩා අඩු වූ අතර විශාලතම ණය දෙන්නන් වූයේ ජපානය, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවයි. 2001 වන තෙක්ම චීන ද්විපාර්ශ්වික ණය ශ්‍රී ලංකාවට ලබා දුන්නේ පොලී රහිතව ආපසු ගෙවීමේ පදනම මතය.


චීනයෙන් ණයගැනීමේ නූතන කතාව ආරම්භ වන්නේ 2001 දී රජය සතු ව්‍යවසායක් වන ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මුතුරාජවෙල තෙල් ටැංකි සමූහ ව්‍යාපෘතියේ මූල්‍යකරණය සඳහා ඩොලර් මිලියන 72ක ණයක් චීන එක්සිම් බැංකුවෙන් ලබා ගැනීමත් සමඟ ය. වසර 20ක කල්පිරීමක් සහ වසර පහක සහන කාලයක් සහිත වූ මෙම ණය වෙනුවෙන් පොළී ගෙවිය යුතු විය.


2001 න් පසු චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය දෙන්නා බවට පත්වීම පැහැදිලිව හඳුනාගත හැකි අදියර තුනක් තිබේ. මෙම අදියර තුන තුළදී, ණයහිමියෙකු ලෙස චීනයේ භූමිකාව හුදු ද්විපාර්ශ්වික ණය දෙන්නෙකුගේ සිට ව්‍යාපෘති මත පදනම් වූ ණය දෙන්නෙකු දක්වා සහ අවසානයේ ගෙවුම් ශේෂ ආධාරකරුවෙකු දක්වා පරිණාමය විය. 2001 සහ 2021 අතර චීනයෙන් ලබාගත් රාජ්‍ය ණය සහ රජය විසින් සහතික කරන ලද ණය අවම වශයෙන් ඩොලර් බිලියන 9.95ක් වූ අතර එම කාලය තුළ ඩොලර් බිලියන 4.5 ක ණය සේවා ආපසු ගෙවන ලදී. ‘ශ්‍රී ලංකාව චීන ණය උගුලක ගොදුරක් බවට පත්වී තිබේ’ යන වැරදි මතය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වූයේ චීන ණය ප්‍රමාණය වැඩිවීමයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ චීන ණය කතාව ලෝක ප්‍රසිද්ධියට පැමිණියේ වත්කම් අත්පත් කර ගැනීමක් ලෙස සාවද්‍ය ලෙස අර්ථකථනය කරන ලද හම්බන්තොට වරාය ගනුදෙනුව හේතුවෙනි.


ශ්‍රී ලංකාව තුළ චීනයේ වත්මන් මූල්‍ය මැදිහත්වීම අවබෝධ කර ගැනීම සඳහා 2000 වසරෙන් පසු චීනයේ ණයදීමේ ඉතිහාසය වඩාත් විස්තරාත්මකව සලකාබැලීම අවශ්‍ය වේ.

වසර 2005 – 2010: උච්චතම අවධිය


2005 සිට 2010 දක්වා කාලය චීනය විසින් ශ්‍රී ලංකාවට ණය ලබා දීමේ පළමු අදියර ලෙස හඳුනා ගත හැකිය. මෙම කාලය තුළදී, චීනය ප්‍රධාන වශයෙන් කුඩා වාණිජ නොවන ණය ලබාදෙන්නෙකුගේ මට්ටමේ සිට යටිතල පහසුකම් ව්‍යාපෘති මූල්‍යකරණය සඳහා මහා පරිමාණ වාණිජ ණය ලබාදෙන්නෙකු බවට පරිවර්තනය විය. එම පරිවර්තනය සමගම ශ්‍රී ලංකා රජය චීනයේ එක්සිම් බැංකුව වෙතින් ණය ලබා ගනිමින් විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කළේය. එනම්, පුත්තලමේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය (ඩොලර් බිලියන 1.3), හම්බන්තොට වරාය (ඩොලර් මිලියන 372), මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ (ඩොලර් මිලියන 191) සහ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය (ඩොලර් මිලියන 248) වේ. මෙම කාල පරිච්ඡේදය තුළ මෙම ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 1.4 ක් පමණ ණය ලබාදෙන ලදී. මෙම ණයවලින් සමහරක් සඳහා 6.5% තරම් ඉහළ පොලී අනුපාත අයකරන ලදී. 2009 වන තෙක්ම ශ්‍රී ලංකාව සිවිල් ගැටුමක පැටලී සිටි අතර ගෝලීය ආර්ථිකය ද ගෝලීය මූල්‍ය අර්බුදයක පැටලී තිබිණි. කෙසේ වෙතත්, 2006-2010 කාලය තුළ ශ්‍රී ලංකා රජයේ විදේශ ණය සඳහා වූ සාමාන්‍ය ඵලදායී පොළී අනුපාතය වූයේ 3.1%ක් පමණි. (ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තා මත පදනම්ව කතුවරයා විසින් සිදුකරන ලද ගණනය කිරීමකි.) මෙම කාලය තුළදී ලබාගන්නා ලද ණය අතරින් වැඩි ප්‍රමාණයක් සහන පොළී අනුපාතික මත ලබාගත් ණය විය.
පවතින ආර්ථික තත්ත්වයන් නොතකා එවැනි ණය ව්‍යාපෘති ආරම්භ කිරීමට ගත් තීරණය, එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය මූලික යටිතල පහසුකම් සංවර්ධනය හා සම්බන්ධ දේශපාලන දැක්මේ කොටසකි. මෙම දේශපාලන දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා මූල්‍ය ශක්‍යතාව, පරිසරය සහ සමාජ අවශ්‍යතා පිළිබඳ නිර්ණායක පවා කඩ කිරීමට ආණ්ඩුව කැමැත්තෙන් සිටියේය. බහුපාර්ශ්වික ණය දෙන්නන් තම නිර්ණායක මත ඔවුන්ගේ පරීක්ෂාකාරීත්වය වැඩි කරමින් තිබියදී සහ 1997 දී ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම්ලාභී රටක තත්ත්වයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට සහනදායී ණය දීම අඩු කරමින් සිටියදී පවා, මෙම ව්‍යාපෘතිවලට සම්බන්ධ වූ චීන එක්සිම් බැංකුව සහ චීන රජයට අයත් ව්‍යවසාය ශ්‍රී ලංකා ආණ්ඩුවේ දැක්මට පහසුකම් සැලසීය.

වසර 2011 – 2014: ස්ථාවර වීම


චීන ණය ලබා දීමේ ශීඝ්‍ර වර්ධනයේ දෙවන අදියර සිදු වූයේ 2011 සිට 2014 දක්වා අවධියේදීය. ඉහත සඳහන් කරන ලද ව්‍යාපෘති පුළුල් කිරීමට සහ දුම්රිය, අධිවේගී මාර්ග සහ ග්‍රාමීය මාර්ග ඇතුළු නව ප්‍රවාහන අංශයේ ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා රජය චීන එක්සිම් බැංකුව වෙතින් තවදුරටත් ණය ලබා ගන්නා ලදී. මෙම කාල සීමාව තුළ චීනයේ බෙල්ට් ඇන් රෝඩ් මුලපිරුමේ පොදු කුලකය තුළට මෙම ව්‍යාපෘති ද ඇතුළත් කරගන්නා ලදී. 2005-2010 කාලය තුළ ලබා ගත් ඇතැම් මූලික ණය ආපසු ගෙවීමේ සහන කාල සීමාවන් අවසන් වීම ද සිදුවූයේ මෙම වකවානුවේදීය. ඒ සමඟ 2013 සිට මූලික ගෙවීම් සැලකිය යුතු ලෙස වැඩි විය. මෙම ස්ථාවර වීමේ කාලසීමාව තුළදී ඩොලර් බිලියන 3.1ක් ණය ලබා දී ඇති අතර, එම වකවානුවේ මුළු ණය සේවා ප්‍රමාණය ඩොලර් බිලියන 0.6 ක් විය. (2005-2010 වර්ධන අවධියේදී එය පැවතියේ ඩොලර් බිලියන 0.1ක මට්ටමේය.)

වසර 2017 – 2021: ගලවාගැනීමේ ප්‍රයත්නය


ශ්‍රී ලංකාවේ විදේශ ණය ගොඩගැසෙමින් තිබියදී, විදේශ ණය ආපසු ගෙවීම ද වැඩිවිය. අපනයන කාර්යසාධනය එකතැන පල්වීම හේතුවෙන් රටේ ගෙවුම් ශේෂයේ අවදානම්සහගත තත්වය ද වේගයෙන් වර්ධනය විය. 2015-2016 සමයේ ණය ලබාදීමේ මන්දගාමිත්වයකින් පසුව, 2017දී චීන ණය ලබාදීමේ නව අදියරක් මතු විය. 2017 වසරේ සිට, චීන එක්සිම් බැංකුව නව අධිවේගී මාර්ග ව්‍යාපෘති සඳහා මුදල් ලබා දීම වැඩි කළ අතර 2018 ඔක්තෝම්බර් මාසයේදී චීන සංවර්ධන බැංකුව සෘජු අයවැය මූල්‍යකරණය සඳහා ඩොලර් බිලියනයක විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමක් (FCTFF) ලබාදුන්නේය. වසර අටක ණය පහසුකමක් වන මෙහි මූලික ගෙවීම් සඳහා වසර තුනක සහන කාලයක් ලැබිණි. අපනයන ණය හෝ ගැනුම්කරුවන්ගේ ණය ස්වරූපයෙන් විශේෂිත ව්‍යාපෘති මූල්‍යකරණය සඳහා යයි නාමකරණය නොකර ලබාදෙන ලද පළමු මහා පරිමාණ චීන ණය එය විය. ඉන් පසු වසරවලදී ද චීන සංවර්ධන බැංකුව විසින් තවදුරටත් විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් සපයන ලදී. කෝවිඩ්-19 අධිවසංගත බලපෑම මධ්‍යයේ බාහිර මූල්‍යකරණය සම්බන්ධ ගැටලු විසඳාගැනීම සඳහා එය අත්‍යවශ්‍ය බව ඔප්පු විය. 2020 මාර්තු මාසයේදී සහ 2021 අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 500ක් බැගින් සපයන ලදී. 2021 සැප්තැම්බර් මාසයේදී RMB බිලියන දෙකක් (ඩොලර් මිලියන 310ක්) සපයන ලදී. මෙම විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් හේතුවෙන් චීනයෙන් ගලා ආ නව ණය චීනය වෙත ලබාදිය යුතු ඉහළ යමින් පැවති ණය සේවා ගෙවීම්වලට වඩා ඉහළ මට්ටමක පැවතිණි. කෙටියෙන් කිවහොත්, මෙහිදී සිදුවූයේ, චීනය ශ්‍රී ලංකාවට කලින් දුන් ණය ප්‍රතිමූල්‍යකරණය කිරීම කෙරෙහි අවධානය යොමුකිරීමයි. 2017-2021 කාලය තුළදී චීනය ඩොලර් බිලියන 4.4ක් පමණ ලබා දී ඇති අතර, ඩොලර් බිලියන 2.3ක් විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් වන අතර එම කාලය තුළදී ආපසු ගෙවන ලද ණය සේවා ප්‍රමාණය ඩොලර් බිලියන 3.0ක් පමණ විය.


ශ්‍රී ලංකාවේ රජයට අයත් වරාය අධිකාරිය සමඟ හවුල් ව්‍යාපාරයක් ලෙස හම්බන්තොට වරාය ඩොලර් මිලියන 900 කට චයිනා මර්චන්ට් වරායට වසර 99කට බදු දීමට ශ්‍රී ලංකාව තීරණය කළේ ද මෙම අදියරේදී සඳහා 2017-2018 සමයේදීය. ජනප්‍රිය මාධ්‍ය විසින් ඉදිරිපත් කරන ලද තත්වයට පටහැනිව, එය ණයට හිලව් ලෙස කරන ලද කොටස් හුවමාරුවක් වූයේ නැත. හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගත් එක්සිම් බැංකුවේ ණය ශ්‍රී ලංකා රජය අඛණ්ඩව ගෙවයි. මෙමගින් ලබාගත් ඩොලර් මිලියන 900 ශ්‍රී ලංකාවේ විදේශ සංචිත කළමනාකාරිත්වයට අත්‍යවශ්‍ය වූ අතර එය නොමැති වී නම් කෝවිඩ්-19 අධිවසංගතයට පෙර සිටම රට ණය සම්බන්ධ ගැටලුවලට මුහුණ දීමට ඉඩ තිබුණි. ආතති සහගත දේශීය රාජ්‍ය මූල්‍ය හිඟයන් මධ්‍යයේ පාඩු ලබන රාජ්‍ය ආයතනයවලට අඛණ්ඩව සහාය දීමෙන් වැළකී සිටීමට ද එය ශ්‍රී ලංකා රජයට අවස්ථාව ලබාදුන්නේය. මෙය ද රටේ ගෙවුම් ශේෂ අවදානම් මඟහරවා ගැනීමේ මාර්ගයකි. පළමු අවස්ථාවේදීම විදේශ ආයෝජන සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම වඩාත් සුදුසු විය හැකිව තිබුණමුත් එය වෙනම තර්කයකි.


දළ දේශීය නිෂ්පාදිතයේ මට්ටමට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවති රාජ්‍ය ණය මධ්‍යයේ (2021 අවසානයේ 115.5%), මෑත වසරවලදී ශ්‍රී ලංකා රජයට ආයෝජන අරමුණු සඳහා තවදුරටත් ණය ගැනීමට නොහැකි විය. ගෙවුම් ශේෂයන් පියවාගැනීමේ සහාය ලෙස 2018 සිට විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් නිතිපතා සැපයීමේදී, ශ්‍රී ලංකාවට ප්‍රධාන ණය ලබාදෙන්නා ලෙස චීනය තමන්ගේම භූමිකාව පිළිබඳ අවබෝධයක් පෙන්නුම් කළේය. 2021 සැප්තැම්බර් මාසයේදී ලබාදුන් RMB බිලියන දෙකක විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් ප්‍රතිපාදන මගින් මෙය මනාව පිළිබිඹු කරනු ලැබේ. අවම වශයෙන් චීන ණයවලින් 18-20% ප්‍රමාණයක් RMB ලෙස නම් කර ඇති අතර එම නිසා එම ආපසු ගෙවීම් සඳහා ශ්‍රී ලංකාවට RMB සපයාගැනීම අවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ දේශපාලන තීරණ ගන්නන්ගේ දෘෂ්ටිකෝණයෙන් බැලූ කල, චීනයෙන් ඉහළ මට්ටමින් ණය ලබාගැනීමේ වාසිය වූයේ, විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බහුපාර්ශ්වික ආයතන වෙතින් ණය ලබාදීම හා සම්බන්ධ වූ ප්‍රතිපත්ති හෝ ප්‍රතිසංස්කරණ කොන්දේසි චීන ණය සමග නොමැති වීමයි. 2020 සහ 2021 කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකින් තොරව විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් හරහා චීනයෙන් අයවැය මූල්‍යකරණය සඳහා ණය ලබාගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය හා බාහිර හිඟයන් අවුල් වීමට අවස්ථාව සැලසිණි.

ශ්‍රී ලංකාවේ ණය පැහැරහැරීම සම්බන්ධයෙන් චීනයේ භූමිකාව


ශ්‍රී ලංකාවේ අතුරේ ගමන 2022දී අවසන් විය. ද්විපාර්ශ්වික මුදල් හුවමාරු කිරීම් සහ බහුපාර්ශ්වික ණය හැර රජයේ සියලුම විදේශ ණය බැඳීම් ආපසු ගෙවීම ඒකපාර්ශ්විකව අත්හිටුවන බව රජය විසින් 2022 අප්‍රේල් 12 වැනි දින ප්‍රකාශයට පත්කරන ලදී.


ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සමග සම්බන්ධ ප්‍රධාන ණය දෙන්නා චීනයයි. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල හිඟ සහ අත්හිටුවා ඇති මුදල ඩොලර් බිලියන 12 ක් පමණ වේ. එම බැඳුම්කරවල අයිතිකරුවන් රැසකි. (තනි පුද්ගල ණයහිමියන් සිටින්නේ සාපේක්ෂ වශයෙන් කුඩා ප්‍රමාණයකි.) ඊට ප්‍රතිවිරුද්ධව, චීන එක්සිම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුව පිළිවෙලින් 2021 අවසානයේ ඩොලර් බිලියන 4.3ක් සහ ඩොලර් බිලියන 2.8ක් සහිතව, ඉතා විශාල තනි ණය දෙන්නෝ වෙති. ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ලෝක බැංකුව හා සසඳන විට මඳක් කුඩාය. කෙසේ වෙතත්, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ශ්‍රී ලංකාව ප්‍රියකරන ණයහිමි තත්ත්වයක භුක්ති විඳින අතර, චීන එක්සිම් සහ චීන සංවර්ධන බැංකු එසේ නොවේ.


මෑතකදී සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට පහසුකම් සැලසීමේදී චීනයේ මැදිහත්වීම හෝ මැදිහත්වීමේ මඳකම පිළිබඳ මතභේදයක් ඇතිවිය. එය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාවට ණය සහන ලබාදීමට මේ වන විට චීනය කැමැත්තෙන් සිටියි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීම ප්‍රමාදයක් වෙයිද යන්න පිළිබඳව කුකුසක් පවතී. එහිදී ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු ප්‍රධාන කර්තව්‍යයක් වන්නේ, චීනයේ ප්‍රතිපත්ති බැංකු ඇතුළු අනෙකුත් ණය හිමියන්ට සාපේක්ෂව තමන්ට ද සමානාත්මතාවෙන් යුතුව සලකනු ලබන බව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ට සහතික කිරීමයි. ශ්‍රී ලංකාවට සැලකිය යුතු ණය සහන ලබා දීමට චීනය දක්වන කැමැත්ත සහ අනාගත අරමුදල් සහතික කිරීම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා වේගවත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වනු ඇත. එය රට මුහුණදෙන ක්ෂණික අර්බුදයෙන් මිදීමට උපකාරී වේ. ශ්‍රී ලාංකිකයන්ට බලාපොරොත්තු තැබිය හැකි එකම දෙය වන්නේ වසර 70ක් පැරණි සහල්-රබර් ගිවිසුමේ ජීවය තවමත් පවතිනු ඇති බවයි. දුෂ්කරම කාලවලදී හවුල්කරුවන් වූ අය තවදුරටත් අපගේ අත් අල්ලාගෙන සිටිය යුතුය.


උමේෂ් මොරමුදලි වර්තමානයේදී කොළඹ විශ්වවිද්‍යාලයට අනුයුක්ත සහිත කථිකාචාර්යවරයකු සහ රාජ්‍ය මූල්‍ය පිළිබඳ විශේෂඥතාවක් සහිත ආර්ථික විද්‍යාඥයෙකි. ඔහු මීට පෙර මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සඳහා සහාය දක්වන පර්යේෂණ විශ්ලේෂකයෙකු ලෙසත්, ලංකා වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු ලෙසත් සේවය කර ඇත. ඔහු වෝර්වික් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව සඳහා විද්‍යාපති උපාධිධාරියකු අතර එහිදී ඔහු චෙව්නිං විද්‍යාර්ථියකු ද විය (2018/19). ඔහුගේ විද්‍යුත් තැපැල් ලිපිනය [email protected].


තිළිණ පඬුවාවල දැනට කොළඹ පදනම් කරගත් ෆ්‍රොන්ටියර් රිසර්ච් හි ආර්ථික පර්යේෂණ ප්‍රධානියා වේ. පෞද්ගලික අංශයට සාර්ව ආර්ථික උපදේශන සේවා සපයන අතරම, ඔහු රාජ්‍ය මූල්‍ය හා ආර්ථික ඉතිහාසය ගැන උනන්දුවක් දක්වයි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. ඔහුගේ විද්‍යුත් තැපැල් ලිපිනය [email protected]
මෙය කතුවරුන් විසින් සම්පාදනය කරමින් තිබෙන මෙම මාතෘකාව පිළිබඳ සවිස්තරාත්මක පත්‍රිකාවක කෙටි සාරාංශයකි. එම පත්‍රිකාව ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීම ඔවුහු බලාපොරොත්තු වෙති. මෙහි ඉදිරිපත් කරන ලද අදහස් සහ විශ්ලේෂණ කතුවරුන්ගේ අදහස් වන අතර එමගින් කිසිසේත්ම කතුවරුන් අනුබද්ධ ආයතනවල අදහස් පිළිබිඹු කරනු නොලැබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!