තුර්කි භූමිකම්පාවක්, වරායට සුනාමි, නගරයට ගංවතුර

0
163

තුර්කියේ ඒජියන් වෙරළ තීරයේ ග්‍රීක සමෝස් දූපතට උතුරින් නොගැඹුරු මුහුදේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් තුර්කියේ ඊස්මීර් නගරයේ පුද්ගයන් හතර දෙනකු මියගොස් 120ක් පමණ තුවාල ලබා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ගොඩනැගි 20ක් පමණ කඩා වැටී ඇති බවත් තවත් ගොඩනැගිලි රැසකට අලාභහානි සිදුව ඇති බවත් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඇමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මෙම භූමිකම්පාව රිච්ටර් මාපක 7.0ක් ලෙස සඳහන් කළ ද පසුව එය 6.6ක් ලෙස සංශෝධනය කර තිබේ. භූමිකම්පාව ‌හේතුවෙන් ඉස්මීර් හා ග්‍රීක සමෝස් වරාය ජලයෙන් යටවූ කුඩා සුනාමි තත්ත්වයක් ඇති වූ බව ද වාර්තා වේ.

ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මෙම භූමි කම්පාවේ අපි කේන්ද්‍රය කිලෝ මීටර 10ක් පමණ ගැඹුරේ ඇති වූ බවයි.

තුර්කිය සහ ග්‍රීසිය බහුලව භූමිකම්පා සිදුවන කලාපයක පිහිටා ඇත.

තුර්කියේ විශාලතම නගරය වන ඉස්මීර්හි භූමිකම්පාව සිදුවීමෙන් පසු බොහෝ පිරිස් භීතියෙන් වීදිවල දිව යන අයුරු දැකගත හැකිවිය.

බීබීසී ඉස්තාන්බුල් වාර්තාකරු ඔ්ර්ලා ගුවෙරින් පවසන්නේ එක් ගොඩනැගිල්ලක් කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයන්හි පළ කර ඇති බවයි. දිවි ගලවාගත් අය සොයන අය එම සුන්බුන් අතර සැරිසරන අයුරු ද එම වීඩියෝවේ දැක්වේ.

මුහුදේ ඇති වූ කුඩා සුනාමි තත්ත්වය හේතුවෙන් මුහුදු ජලය ඉහළ යාමෙන් ඇළ මාර්ගයන් අවහරවී ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙන බව ද බීබීසී වාර්තාවල දැක්වේ.

වෙරළබඩ ප්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙස දූපත්වල සිටින වැසියන්ගෙන් රජය ඉල්ලා ඇති අතර ග්‍රීක දූපතක්වන ක්‍රීට්හි ද අද (30) භූමිකම්පාවක් ඇති වූ බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here