රටේ ජනගහනයෙන් 97%ක් රජයේ කටයුතු ගැන අප්‍රසාදයෙන් පසුවන බවත්, රටේ වැඩ සිදුවන ආකාරය පිළිබඳ 98%ක් ම සෑහීමකට පත්නොවන බවත් සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
වෙරිටේ රිසර්ච් ආයතනය විසින් “රට හිතන හැටි” යනුවෙන් මෙම දීප ව්‍යාප්ත සමීක්ෂණය සිදුකර තිබේ.
ඔවුන් මෙම සමීක්ෂණය ජුනි මස 30 වැනි දා ප්‍රකාශයට පත්කර ඇත
එහි දැක්වෙන්නේ ජනවාරි මාසයේ දී එලෙස ම සිදුකළ සමීක්ෂණයේ දී රටේ ජනගහනයෙන් රජයේ කටයුතු පිළිබඳ අප්‍රසාදයෙන් පසුවූයේ 90%ක් බවයි. එය මේ වනවිට 97%ක් දක්වා වර්ධනය වී ඇත.
රටේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ ජනාවාරි මාසයේ 6%ක පිරිසක් සෑහීමකට පත්ව සිටිය ද එය මේ වනවිට 2%ක් දක්වා අඩු වී තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිිකය ගැන විශ්වාසයක් ඇත්දැයි යනුවෙන් කරන ලද ගණනය කිරීමෙන් අනාවරණය වී ඇත්තේ එ් පිළිබඳ මෙරට ජනතාවගේ ඇති විශ්වාසය – 96ක් ලෙස දැක්වෙයි.
එම ඇගයීම සඳහා කෙටි ප්‍රශ්න ක්‍රමයක් භාවිතා කර තිබේ. එම ප්‍රශ්නවලට ලැබෙන ප්‍රතිචාරය සෘණ 100 සිට ධන 100 දක්වා පරාසයක තබා ඇගයීම සිදුකිරීඹ සාමාන්‍ය දත්ත විශ්ලේෂණ ක්රමවේදයයි.
සියලු දෙනා ආර්ථිික ක්‍රමවේදය විශිෂ්ඨ තත්වයක තිබෙන්නේ යැයි ඇගයීමට ලක්කරන්නේ නම් එහි අගය +100ක් වෙයි. කිසිවෙකුත් ආර්ථිකය පිළිබඳ විශ්වාස නොකරන්නේ නම් නැතිනම් ආර්ථිකය අයහපත්යැයි යන්න සියලු දෙනාගේ අදහස නම් එහි අගය -100ක් වෙයි.
මේ අනුව කරන ලද දත්ත විශ්ලේෂණයේ දී සමීක්ෂණයට අදහස් දැක්වූ පිරිසෙන් අති බහුතරයක් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අයහපත් තත්වයක පවතින බවයි. ඒ අනුව එහි අගය – 96ක් බවට පත්ව තිබේ. විශ්ලේෂකයන් පවසන්නේ මෙරට ජනතාවගෙන් 1.8%ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හොඳ මට්ටමක පවතින්නේ යැයි ප්‍රකාශ කර ඇති බවයි. එමෙන් ම 1.3%ක ප්‍රමාණයක් ආර්ථික හොඳ අතට හැරෙමින් පවතින බව ප්‍රකාශ කර තිබේ.
පසුගිය ජනවාරි මාසයේ දී ආර්ථිිකය ගැන විශ්වාස මට්ටම – 83ක පැවති අතර මේ වනවිට එය තවදුරටත් ඒකක 15කින් කඩා වැටී -96ක් බවට පත්ව තිබේ.
Mood of the Nation යනුවෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජනමතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදුකළ බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් යොදා ගනිමින්, රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට මෙහි දී සිදුකරයි. වෙරිටේ රිසර්ච් මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1052නෙකුගේ නියැදියකි. දත්ත එකතු කිරීමට සහාය ලබා දී තිබෙන්නේ වෑන්ගාර්ඞ් සර්වේ (පෞද්ගලික) ආයතනයයි.
