spot_img
spot_imgspot_img

ඉන්ධන ගැටලුවක් නිසා පොල්පිතිගම රෝහලේ කටයුතු අඩපණයි

පුවත්

විදෙස්

රෝහල් කාර්ය මණ්ඩලලයට ඉන්ධන ලබාදීමට පොල්පිතිගම සමූපකාර සමිතියේ ඉන්ධන පිරවුම්හළෙන් රෝහල් කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබා නොදුන් බව පවසමින් රෝහල් සේවකයෝ අද (26) සේවයෙන් ඉවත්ව ගියහ.

ඔවුන් පවසන්නේ ඉන්ධන පිරවුම්හළෙන් වෛද්‍යවරුන්ට පමණක් ඉන්ධන ලබාදුන් බවයි.

සිකුරාදා දිනයේ රොහල් කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන ලබාදීමේ ප්‍රමුඛතාව සළසසන්න යැයි පොල්පිතිගම සමූපකාර ඉන්ධන පිරවුම්හළට ද දැනුම් දී තිබුණත් සිකුරාදා සහ සෙනසුරාදා කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඉන්ධන ගැනීමට ගොස් සිටිය දී වෙනත් අයගේ  විරෝධතා හේතුවෙන් ඉන්ධන නොලැබුණු බවත් සේවකයෝ චෝදනා කරති.

රෝහලේ සේවකයන් පවසන්නේ සෙනසුරාදා දිනයේ වෛද්‍යවරුන්ට ඉන්ධන ලබාදෙන තුරු සේවයෙන් ඉවත් වී සිටීම හේතුවෙන් මෙවැනි තත්වයක් ඇති වූ බවයි. එබැවින් අද (26) කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඉන්ධන ලබාගැනීමට පෝළිමට යන බවට රෝහල් ගේට්ටුවේ පුවරුවක් ප්‍රදර්ශනය කර ඉවත්ව ගොස් තිබේ.

මේ අනුව අද සායනික කටයුතු ඇතුළු පොල්පිතිගම මූලික රෝහලේ කාර්යයන් පවත්වාගෙන යා නොහැකි තත්වයක් උදා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!