හම්බන්ත‌ොටින් තවත් ආසාදිතයන් තිදෙනෙක්

0
119

හම්බන්ත‌ොට දිස්ත්‍රික්කයෙන් තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනකු අද (29) හමුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මෙම රෝගීන් හමුවී ඇත්තේ තංගල්ල, අම්බලන්තොට හා තිස්සමහාරාමය යන ප්‍රදේශවලිනි.

තංගල්ල කුඩාවැල්ලේ පදිංචිකරුවකු ආසාදිත බව හඳුනාගෙන තිබෙන අතර, අම්බලන්තොටින් වාර්තා වූ ආසාදිතයා බලංගොඩ සිට පැමිණ කලමැටියේ හාතගල ප්‍රදේශයේ සිටිය දී ආසාදිතයකු බව හඳුනාගෙන තිබේ. තිස්සමහාරාමයේ ආසාදිත තැනැත්තා මුතිඅම්මා ගමේ පදිංචිකරුවෙකි.

ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්වෙත යොමු කළ බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා නිරෝදායන කටයුතු සඳහා යොමුකරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here