ගාල්ලෙන්, මූලාශ්‍රයක් නැති ආසාදිතයෙක්

0
933

බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තොටගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදනය වූ ආකාරය පිළිබඳ පැහැදිලි මූලාශ්‍රයක් සඳහන් කළ නොහැකි ආසාදිතයකු හමුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර සිංගාරච්චි පවසයි.

ඔහු විදේශගතවීම සඳහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීමේ දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත.

මේ වනවිට කොරෝනා පොකුරු ලෙස හදුන්වන මිනුවන්ගොඩ, පෑලියගොඩ යන ස්ථානයන් හා ආශ්‍රිත වී නැතැයි ද කොළඹ නැව් තටාංගනයේ අයෙකුට හෝ ඔහුගේ සම්බන්ධයක් නැතැයි ද වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

එසේ වුව ද ඔහුගේ ඥාතියකු නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වී පැමිණ ඇත. එම තැනැත්තා නිරෝධායනයෙන් පිටව යාමට පෙර කරන ලද පීසීආර් පරීක්ෂණය සෘණාත්මක වී තිබූ බව ද සෞඛ්‍ය අංශ පවසයි. තොටගොඩ පදිංචිකරුවාට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ නිරෝධායනය වී පැමිණි මෙම පුද්ගලයාගෙන් යැයි ද සැකයක් පවතී මෙම සැකය හේතුවෙන් නිරෝධායනය වී පැමිණි එම සහෝදරයා ද යළි පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට කටයුතු කර තිබේ. ආශ්‍රිතයන් සියලු දෙනා නිරෝදායනය සඳහා යොමුකර ඇත.

ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයා මේ වනවිට හම්බන්තොට රෝහලට ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here