රත්ගමින් තවත් ආසාදිතයක්. පෑලියගොඩ ගිය අයෙක්

0
264

ගාල්ල රත්ගම පදිංචි මත්ස්‍ය ව්‍යාපාරිකයකු කොරෝනා ආසාදිත බවට අද (29) ලැබුණු පීසීආර් වාර්තාවකින් තහවුරු වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

රත්ගම ගනේගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි මෙම පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානය හා සම්බන්ධ වූ අයෙකි. ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද ආශ්‍රිතයන් නිරෝධායන කටයුතු සඳහා යොමුකළ බව ද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බූස්ස පදිංචිව සිටි ගාල්ල රත්ගම වැල්ලේ මාළු ලෑල්ලක හිමිකරුවකු ද ඊයේ (28) ආසාදිත බව හඳුනාගෙන තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here