spot_img
spot_imgspot_img

බලය වෙනුවෙන් සියල්ල පාවා දෙන, ප්‍රතිපත්තියක් නැති මන්ත්‍රීවරු හඳුනාගන්න

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන පක්ෂ අතර වගේ ම සමාජය තුළත් විශාල කතා බහක් හටගෙන තිබේ.

ජනතාව අතර ඇති මතයක් වන්නේ රටේ දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳාගැනීමට නම් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යාවශ්‍ය බවයි. අරගලකරුවන් පවසන්නේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය නොදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිවෙස්වලට නොපැමිණිය යුතු බවයි.

එවැනි විශාල බලපෑමක් මධ්‍යයේ වුව ද මේ වනවිට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබේ. එම සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමේ අවස්ථාව අහිමිවීම තුළින් ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන බැසිල් රාජපක්ෂට මන්ත්‍රීධූරය අහිමිවීමේ අවධානමක් ද හටගෙන තිබේ.

එ් හේතුවෙන් මේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වනු ඇත්ද නොවේ ද යන් පිළිබඳ තවමත් ඇත්තේ කුකුසකි.

කෙසේ වෙතත් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය දක්වාම 17,18, 19 සහ 20 වැනි ස‍ංශෝධන 04කට ම ඡන්දය භාවිතා කළ මන්ත්‍රීවරු ද තවමත් පාර්ලිමේන්තුවේ සිටිති. ඔවුන් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්ද විමසීමට ද සහභාගී වනු ඇත.

මෙහි වඩාත් විශේෂත්වය වන්නේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැගත් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට හා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය ලබාදුන් මන්ත්‍රීවරු කිහිප දෙනකු ජනාධිපතිවරයාගේ බලය වැඩිකරන 18 වැනි  සහ 20 වැනි සංශෝධනයට ද පක්ෂව ඡන්දය දී තිබීම විශේෂතවයකි.

එයින් කිහිප දෙනකු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලය කප්පාදු කර 20 වැනි සංශෝධනයෙන් නැවත ජනාධිපතිවරයාගේ බලය අසීමිත ලෙස වැඩි කිරීමට ඡන්දය ලබා දී තිබේ. ඔවුන්ගෙන් ඇතැම් දෙනකු දැනටමත් 21 වැනි සංශෝධනය අවශ්‍යයැයි මොර දෙති.

දේශපාලකයෝ නිශ්චිත ප්‍රතිපත්තියක පිහිටා කටයුතු නොකරන බවත්, ඔවුන් තම බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන බවත් මේ හේතුවෙන් ම මනාව පැහැදිළි වෙයි.

පාර්ලිමේන්තුවේ දැනට සිටි මන්ත්‍රීවරු 225 දෙනා අතරින් 27 දෙනකු 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කර ඇත.

  • මන්ත්‍රීවරු 02 ක් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කර ඇත.
  • මන්ත්‍රීවරු 34 දෙනෙක් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර
  • මන්ත්‍රීවරු 10 දෙනෙක් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිය ඡන්දය දී තිබේ.
  • මේ අතර දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 04 දෙනෙක් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පමණක් පක්ෂව ඡන්දය දී ඇති අතර 18 හා 19 වැනි ව්‍යවස්ථා සංශෝධන සඳහා ඡන්දය දී නැත.
  • මන්ත්‍රීවරු දෙදෙනෙක් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පමණක් පක්ෂ වී ඇති අතර ඔවුන් 17 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනවලට ඡන්දය දී නැත.
  • 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පමණක් ඡන්දය දී 17 සහ 18 වැනි සශෝධන සඳහා ඡන්ද දී නැති මන්ත්‍රීවරු 16 දෙනෙක් දැනටත් පාර්ලිමේන්තුව නි‍යෝජනරය කරති.

මේ අතර ජනාධිපතිවරයාගේ විධායක බලතල අඩුකරන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරු 87 දෙනකු තවමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර වත්මන් පාර්ලමේන්තුවේ ජනාධිපතිවරයාගේ විධායක බලතල වැඩි කිරීමේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් 156 දෙනා අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වූ 55 දෙනකු සිටීම විශේෂත්වයකි. එම 156 දෙනා අතරින් පිරිසක් දැනටමත් 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට බලය වැඩිවීම රටේ අර්බුදවලට හේතුවක් වූ බවත් එබැවින් 21 වැනි සංශෝධනයක් ගෙන ආ යුතු බවත් කියති.

මේ අතර 21 වැනි ව්‍යවස්ථා සංශෝදනය කෙටුම්පත් කළ වර්තමාන අධිකරණ අමාත්‍ය විජේදාස රාජක්ෂ පවා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මෙන්ම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ද පක්ෂව ඡන්දය භාවිතා කර තිබේ. එමෙන් ම ස්වාධීන මන්ත්‍රී කණ්ඩාය‍මේ ප්‍රබල භූමිකාවක් නියෝජනය කරන විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර දෙදෙනා ද මෙම ව්‍යවස්ථා සංශෝධන දෙකටම පක්ෂව ඡන්දය දී තිබීම විශේෂත්වයකි.

ඒ අනුව ඉදිරියේ දී 17,18,19,20 සහ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනවලට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ද පාර්ලිමේන්තුවේ දැකගත හැකිවනු ඇත.

17,18,19 සහ 20 යන සංශෝධන 04ට ම පක්ෂව ඡන්දය ලබාදුන් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ

  1. අනුර ප්‍රියදර්ශන යාපා.
  2. ඒ.එල්.එම්.අතාඋල්ලා
  3. සී.බී.රත්නායක
  4. ඩිලාන් පෙරේරා
  5. ඩලස් අලහප්පෙරුම
  6. දුමින්ද දිසානායක
  7. ජී.එල්.පීරිස්
  8. බන්දුල ගුණවර්ධන
  9. දිනේෂ් ගුණවර්ධන
  10. ජනක බණ්ඩාර තෙන්නකෝන්
  11. ජයරත්න හේරත්
  12. ජෝන් සෙනෙවිරත්න
  13. ජොන්ස්ටන් ප්‍රනාන්දු
  14. ගාමිණී ලොකුගේ
  15. එම්.එස්.තවුෆික්
  16. මහින්ද සමරවීර
  17. මහින්දානන්ද අලුත්ගමගේ
  18. නිමල් සිරිපාල ද සිල්වා
  19. පවිත්‍රාදේවී වන්නිආරච්චි
  20. ප්‍රියංකර ජයරත්න
  21. රංජිත් සියඹලාපිටිය
  22. එස්.බී.දිසානායක
  23. සුසිල් ප්‍රේමරත්න
  24. විමල් වීරවංශ

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිගේ බලතල අඩුකිරීමට පක්ෂව ඡන්දය භාවිතා කර නැවත 20 වැනි සංශෝධනයේ දී ජනාධිපතිවරයාගේ බලතල වැඩි කිරීමට පක්ෂව සිය ඡන්දය ලබාදුන් මන්ත්‍රීවරු 55 දෙනාගේ නාම ලේඛනය

  1. අනුර ප්‍රියදර්ශන යාපා
  2. අරුන්දික ප්‍රනාන්දු
  3. ඒ.එල්.එම්.අතාඋල්ලා
  4. සී.බී.අරත්නායක
  5. චන්දිම වීරක්කොඩි
  6. ඩිලාන් පෙරේරා
  7. දිලුම් අමුණුගම
  8. ඩග්ලස් දේවානන්දා
  9. ඩලස් අලහප්පෙරුම
  10. දුමින්ද දිසානායක
  11. යෙිසාල් කාසිම්
  12. ජී.එල්.පීරිස්
  13. බන්දුල ගුණවර්ධන
  14. දිනේෂ් ගුණවර්ධන
  15. එච්.එම්.එම්.හරිස්
  16. ජගත් පුෂ්පකුමාර
  17. ජනක බණ්ඩාර තෙන්නකෝන්
  18. ජානක වක්කුඹුර
  19. ජන්ත කැටගොඩ
  20. ජයරත්න හේරත්
  21. ජෝන් සෙනෙවිරත්න
  22. ජොන්ස්ටන් ප්‍රනාන්දු
  23. කනක හේරත්
  24. ලසන්ත අලගියවන්න
  25. ලොහාන් රත්වත්ත
  26. ගාමිණී ලොකුගේ
  27. එම්.එස්.තවු‍‍ෆික්
  28. මහින්ද අමරවීර
  29. මහින්ද සමරසිංහ
  30. මහින්දානන්ද අලුත්ගමගේ
  31. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
  32. නාමල් රාජපක්ෂ
  33. වාසුදේව නානායක්කාර
  34. නිමල් සිරිපාල ද සිල්වා
  35. පවිත්‍රාදේවී වන්නිආරච්චි
  36. ප්‍රියංකර ජයරත්න
  37. රමේෂ් පතිරණ
  38. රංජිත් සියඹලාපිටිය
  39. රෝහණ දිසානායක
  40. රෝහිත අබේගුණනවර්ධන
  41. රොෂාන් රණසිංහ
  42. එස්.බී.දිසානායක
  43. එස්.එම්.චන්ද්‍රසේන
  44. ශාන්ත බණ්ඩාර
  45. ශෙහාන් සේමසිංහ
  46. සිරිපාල ගම්ලත්
  47. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
  48. සුසිල්  ප්‍රේම්ජයන්ත
  49. තේනුක විදානගමගේ
  50. ටිරාන් අලස්
  51. තිස්ස විතාරණ
  52. විදුර වික්‍රමනායක
  53. විජිත බේරුගොඩ
  54. විමල් වීරවංශ
  55. විජේදාස රාජපක්ෂ

මූලාශ්‍රය – manthri.lk

rata.lk වෙබ් අඩවිය ඕනෑම අයකුගේ පිළිතුරු දීමේ අයිතියට සුරක්ෂිත කරන වෙබ් අඩවියකි. එබැවින් මෙහි පළවන යම් තොරතුරක් සම්බන්ධයෙන් යම් පුද්ගලයකු, ආයතනයක්, සංවිධානයක් හෝ ජන සමූහයක් අගතිට පත්වන්නේ යැයි ඔවුන් සිතන්නේ නම් හෝ වෙනයම් ආකාරයක අදහසක් දරන්නකු හෝ ඇත්නම් ඔවුන්ගේ අදහස් මෙම ලිපි හෝ විශේෂාංගවලට ලැබෙන ඉඩ හා සමාන ප්‍රමුඛතාවක් ලබාදෙමින් පළකිරීමට rata.lk වෙබ් අඩවිය බැඳී සිටියි. එබැවින් එවැනි යම් ප්‍රතිචාරයක් දැක්වීමට අවශ්‍යනම් නොපමාව ඒ බව [email protected] විද්‍යුත් ලිපිනයට එවන මෙන් ඉල්ලා සිටින්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!