spot_img
spot_imgspot_img

අටලුගම දැරියට අතවර නොකර, මරා දැමූ බව දෙදරු පියා කියයි

පුවත්

විදෙස්

අටලුගම දී ඝාතනයට ලක්වූ දැරියට අතරවයට ලක්ව නැතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේ දි අනාවරණය වි නැතැයි ද අත්අඩංගුවට ගත් 29 හැවිරිදි සැකකරු දැරිය ඝාතනය කළ බවට පාපොච්ඡාරණය කළ බව ද පොලිසිය පවසයි.

තදින් මත්ද්‍රව්‍ය ගැනීමට ඇබ්බැහි වී සිටි එම සැකකරු දෙදරු පියෙකි. ඔහු පවසා ඇත්තේ පසුගිය 27 වැනි දා තමන් නිවසේ සිටිය දී එම දැරිය තනිවම යනු දුටු බවයි. ඉන් පසු මෙම දැරිය ඔසවාගෙන කැලෑබද ස්ථානයට රැගෙන ගිය බවත් ඇයට අතවර කිරීමට උත්සාහ ගත්ත ද ඇතිවූ බිය හේතුවෙන් අතවර නොකර දැරිය ඝාතනය කළ බව ද ඔහු පොලිසියේ දී කියා තිබේ.

ඇය ඝාතනය කළ ආකාරය මෙතෙක් හෙලි කරගෙන නැත. සම්පූර්ණ වෛද්‍ය වාර්තාව ලැබෙන තුරු ඒ ගැන ස්ථිරව පැවසිය නොහැකි බව ද අද (30) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!