spot_img
spot_imgspot_img

රාජපක්ෂ පවුලට, මාලදිවයිනේ රැකවරණය ලැබෙන බව එරට මාධ්‍ය අනාවරණය කරයි

පුවත්

විදෙස්

මාලදිවයින් වත්මන් කතානායක, හිටපු ජනාධිපතී මොහොමඩ් නෂීඩ් ශ්‍රී ලංකාවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අයට ආරක්ෂිත මාර්ගයක් ලබාදෙමින් සිටින බව මාලදිවයින් මාධ්‍ය පවසයි.

Maldives Journal සඳහන් කරන්‍නේ, නෂීඩ් මේ වනවිට ශ්‍රි ලංකාවේ දේශපාලන පක්ෂ නායකයන් සමඟ පවා මේ ගැන සාක්ච්ඡා කරන බවයි. නෂීඩ් පසුගිය සතියේ ඒ සඳහා ශ්‍රී ලංකාවට ගිය බවත් සහන කටයුතු සම්බන්ධයෙන් කිසිදු අත්දැකීමක් නොමැති මාලදිවයින් ජනාධිපතිවරයා ජාත්‍යන්තර සහන කටයුතු සම්බන්ධීකරණය කරන බව පවසමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින බව ද එම මාධ්‍ය වාර්තා දක්වයි.

පසුගිය දින කිහිපයේ දී නෂීඩ් ඉහළ දේශපාලන නායකයන් සමඟ රැස්වීම් කිහිපයක් පවත්වා රාජපක්ෂ පවුලට මාලදිවයිනට ආරක්ෂිත මාර්ගයක් ලබාදීමට බලපෑම් කර තිබේ.

මාලදිවයින් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසන්නේ මහින්ද රාජපක්ෂ උදව් පතා නෂීඩ්ට කතාකර ඇති බවයි. ඒ ඔහු ඉල්ලා අස්වීමෙන් පසුවය.

මේ ඇමතුමෙන් මහින්ද නෂීඩ්ගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ තත්වය සමනය වනතුරු තම පවුලට මාලදිවයිනේ රැඳී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙසයි. මාලදිවයින් සංචාරක ව්‍යාපාරික චම්පා මුහම්මද් මූසා ට හිමි ස්ථානක තම පවුල පදිංචිවීමට ද මහින්ද රාජපක්ෂ මුල දී සැළසුම් කර තිබිණි. මූසා යනු රාජපක්ෂ පවුල සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇත්තෙකි.

කෙසේ වෙතත් මේ සඳහා විකල්පයක් ලෙස ඉන්දියාවේ සෝනු ශිව්දාසානි සතු දේපළක් වන සොනෙවා ෆුෂි හි පෞද්ගලික නිවසක් රාජපක්ෂවරුන්ට මිල දී ගැනීමට නෂීඩ් යෝජනා කර තිබිණි. සෝනු යනු නෂීඩ්ගේ සමීපතමෙයෙකි.

ශිව්දාසනි ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය සමඟ සමීප සම්බන්ධතා පවත්වයි. ඔශු හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලන සමයේ දී MDP බැංකුවේ මුදල් අවභාවිත කර ඇතැයි සැක කෙරේ.

හරියි සෝනු ශිව්දාසනි රාජපක්ෂ පවුලට පුද්ගලික විලා එකක් විකිණීමට එකඟ වී ඇති බවට ද මූලාශ්‍ර තහවරු කර ඇත. එය මිලදී ගන්නේ ඇමෙරිකානු ඩොලර් මිලින 12ක මුදලකටය. මිලියන තුනක මිලකින් යුතු අතිරේකවිලා එකක් ද ගනුදෙනුවට ඇතුළත් කර ඇත. එය පවුලේ කාර්ය මණ්ඩලය සහ ආරක්ෂකයන් සඳහා නිවාස ලෙස භාවිතා කරනු ඇත.

වැඩිහිටියන් 12 දෙනකුට සහ ළමුන් 06 දෙනකුට සුවපහසු ලෙස සිටිය හැකි මෙම නිවාසයේ විශාලත්වය වර්ග අඩි 24,000කි. පුද්ගලික පිහිනුම් තටාකයක්,  ව්‍යායාම් ශාලාවක්, සෝනා සහ වෙනත් පහසුකම් ද එහි ඇති බව පැවසේ.

ජාත්‍යන්තර ආධාර සම්බන්ධීකරණයට බව කියමින් මාලදිවයිනේ සිට නෂීඩ් පසුගිය දා ශ්‍රී ලංකාවට ගියේ යටි අරමුණු රැසක් ඇතිවය.

විදේශ රටවලින් සහන ලබාගැනීම සඳහා නෂීඩ් නොමසුරුව ඉදිරිපත් වූ බව රජය ප්‍රකාශ කළේය. ඉන් පසු නෂීඩ් හිටපු යෞවන හා ක්‍රීඩා ඇමාත්‍ය මහින්දගේ පුත්‍ර නාමල් රාජපක්ෂ සමඟ මෙන් ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ ද ඉතාමත් වැදගත් කරුණු රැසක් සමඟ ඉහළ මට්ටමේ රැස්වීම් කිහිපයක් පවත්වා ඇත.

නෂීඩ්ගේ මුල් ප්‍රතිඥාව ජාත්‍යන්තර සහන ප්‍රයත්නය සම්බන්ධීකරණය කිරීයි. මෙය ඔහු සිදුකරන සැබ කාර්යයේ පෙන්වන දෙය පමණි. අන් සියල්ල ඇත්තේ වේදිකාව පිටුපසය. සෑම රැස්වීමක දී ම නෂීඩ් රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ අයට ආරක්ෂිතව ගමන් කිරීම සඳහා නිරතුරුව හා අඛණ්ඩව බලපෑම් කළෙල්ය.

සජිත් ප්‍රේමදාස සමඟ පැවැති සාකච්ඡාවේ දී නෂීඩ් සාමය සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම ගැන කතා කර තිබේ. මෙම සාකච්ඡාවල දී ඔහුහ පළිගැනීම්වලින් වළකින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය. රාජපක්ෂගේ විදේහ ගමන් බලපත්‍රය ශ්‍රී ලංකා අධිකරණය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර හිටපු අගමැතිවරයාට විදෙස්ගමන් තහනමක් පනවා තිබේ.

රාජපක්ෂලාට රට අතහැර යාමට හැකිවන පරිදි විවිධ පර්ශවකරුවන් අතර සම්බන්ධීකරණය කිරීම නෂීඩ්ගේ එක කාර්යයක් බව තොරතුරු තහවුරු කරයි. ආරක්ෂිත පිටවීම සඳහා හිලව්වක් ලෙස නෂීඩ්ගේ දේශපාලන කටයුතුවලට සහය දැක්වීමට සහ අරමුදල් සැපයීමට මහින්ද රාජපක්ෂ එකඟවී ඇතැයි ද මාධ්‍ය වාර්තා පවසන්නේ තම මූලාශ්‍ර ඒ බව තහවුරු කළේ යැයි කියමිනි.

නෂීඩ් ශ්‍රී ලංකාව වෙනුවෙන් සහන සොයන බවට වූ පුවත මහජනතාවගේ විවේචනයට ලක්විය. එය එසේ වූයේ ඔහුට ආධාර ලබාදීම සම්බන්ධ අතීත වාර්තා කිසිවක් නොමැති බැවිනි. ඔහුගේ පාලන කාලයේ දී ඔහුට එසේ කළ හැකි බවට පුරසාරම් දෙඩුවත් මිලියන ගණනක් ගෙන ඒමට ඔහු අසමත් විය. ඊට වඩා නෂීඩ්ගේ පරිපාලනය රාජ්‍ය වත්කම් විදේශවලට ලාභදායී ලෙස විකුණා තිබිණි.

2008 මැතිවරණයේ දී නෂීඩ් පොපරොන්දු වූයේ ජනාධිපතිධූරයට පත්ව මාස තුනක දී විදේශ ආධාර වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් නෙ එන බව කියා තිබිණි. ඔහු ඉල්ලා අස්වීමෙන් පසු 2012 දී ඔහුගේ ධූර කාලය අවසන් වූයේ අකාලයේය. ඔහු පොරොන්දු වූ ආධාර තවමත් ලැබී නැත.

කෙසේ වෙතත් නෂීඩ්ගේ කෙටි නිල කාලය ආර්ථික දුෂ්කරතා වලින් සළකුණු වූ අතර මුදල් ඒකකයේ වටිනාකම අහිමිවිය. ඔහුගේ පාලන කාලයේ දී ඩොලරය විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

නෂීඩ් නියෝජනය කරන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නැවත ජනාධිපති ධූරය හිමිව තිබේ. දැන් පවතින පරිපාලනය ද විදේශ ආධාර මත දැඩි විශ්වාසයක් තබා තිබේ. සෑම වසරක ම විදේශ ආධාර වශයෙන් ලැබිය යුතු මුදල් ගැන මුදල් අමාත්‍යාංශය බිලියන ගණනින් ගණනය කරයි. එරට ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සහ පුනරාවර්තන වියදම් ලෙස භාවිතා වන්නේ ඒ මුදල්ය. නමුත් එලෙස අවශ්‍යවන මුදලින් 25%ක් හෝ වසරකට ගෙන ඒමට එරට පරිපාලනය අපොහොසත්ය. මෙම වර්ෂය සඳහා ඔවුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 188.01ක් හෙවත් මාලදිවයින් රුපියල් බිලියන 2.9ක ආධාර ඉලක්කයක් බලාපොරොත්තු වෙයි. නමුත් මෙතෙක් ඉන් 3%ක් හෝ ලැබී නැත.

එවැනි වාර්තා සමඟින් නෂීඩ්ට ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය මඟහරවා ගැනීමට සාර්ථකව සහය විය හැකියැයි ඔබට ඇති සහතිකය කුමක් ද ?

රාජපක්ෂලා සහ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර සෑම අවස්ථාවක ම පැවතියේ සමීප සම්බන්ධතාවකි. මාලදිවයින් ප්‍රජාත්නත්‍රවාදී පක්ෂය 2003 වර්ෂයේ දී ආරම්භ වූයේ ශ්‍රී ලංකාවෙනි. එකළ මාලදිවයිනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දේශපාලන පක්ෂවලට අවස්ථාවක් තිබුණේ නැත. ‍නමුත් මෙය නෂීඩ්ගේ සහ ඔහුගේ අනුගාමිකයන්ගේ අභිලාෂයන් නතරවීමට හේතුවක් වූයෙ නැත. ඔවුන් ශ්‍රී ලංකාව පදනම් කරගනිමින් සිය ක්‍රියාකාරකම් ආරම්භ කරන ලදී,

මහින්ද රාජපක්ෂ 2004 වර්ෂයේ අගමැති වූ විට නෂීඩ් සහ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඔහුගේ ආරක්ෂාව යටතේ සිය වැඩ කටයුතු කරගෙන ගියහ. 2008 ජනාධිපතිවරයණයේ දී නෂීඩ්ට අරමුදල් සැපයුවේ මහින්ද රාජපක්ෂ බවට ද විවිධ කටකතා මාලදිවයින පුරා පැතිරී තිබිණි. මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඉහළම කිහිප දෙනකු සිය දෙවැනි නිවහන යැයි පවසන්නේ ශ්‍රී ලංකාවටය. ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ්ගේ සෝලිහ්ගේ මාමණ්ඩිය වන සික්කා අහමඩ් ඉස්මයිල් මානික් ශ්‍රී ලංකාවේ පදිංචි වී සිටින අතර ඔහුගේ නමට ව්‍යාපාර සහ නිවාස කිහිපයක් ම තිබේ.

නසීම්ගේ බෑණනුවන් දැනට ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපතිවරයාය. හිටපු ජනාධිපති ඊබ්‍රහිම් නසීර් සිය ධූර කාලය අවසන් වූ විට නසීර් සමඟ සමීපව සිටි අය ශ්‍රී ලංකාවේ කඳවුරු පිහිටුවානෙ තිබේ. මෙයට මුමිනා හලීම් සහ ජනාධිපතිගේ මාමණ්ඩිය ද ඇතුළත්ය.

මහින්ද රාජපක්ෂගේ වර්තමාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නෂීඩ්ගේ මාලදිවයින් ප්‍රජතාන්ත්‍රවාදී පක්ෂය ඥාති සංග්‍රහයේ, ගජ මිතුරුවාදයේ සහ පාලනය නොකළ දූෂණයේ බල කඳවුරුය.

මහින්දගේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාය, තවත් සහෝදරයකු වන චමල් රාජපක්ෂ වාරිමාර්ග ඇමතිවරයා වූයේය. අනෙක් සහෝදරයා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයාය. චමල් රාජපක්ෂගේ පුත්‍රයා ද රාජ්‍ය ඇමතිවරයෙකි. විරෝධතා හේතුවෙන් ඔවුන් සියලු දෙනාම 2022 අප්‍රේල් මාසයේ දී සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්විය.

මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙය ඵලදායී ලෙස පිළිබිඹු කර ඇත. නෂීඩ් කතානායකවරයා ලෙස කටයුතු කරන අතර නෂීඩ්ගේ ඥාති සොහොයුරිය වන ඊවා ඔහුගේ නියෝජ්‍ය නිලධාරියාය. ජනාධිපති සෝලිහ්ගේ කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ තනතුරු පුරවන්නේ නෂීඩ්ගේ පවුලේ සමීපතමයන් සහ ඔහුගේ හිතවතුන් විසිනි.

ශ්‍රී ලංකාව මේ වනවිට පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියි. ජනගහනයෙන් බහුතරයක් මූලික අවශ්‍යතා සපුරාලීමට අරගල කරමින් සිටින අතර රට බංකොලොත් වී ඇත. විරෝධතාකරුවන්ගේ ප්‍රධානතම ඉල්ලීමක් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බවයි. ගෝඨා ගෝ හෝම් යන්න ඔවුන්ගේ නොසැලෙන ඉල්ලීමයි.

පසුතැවිලි නොවන මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අය රට හැරදමා මාලදිවයිනට යාම සඳහා අවම වගවීම ඉල්ලා සිටින පුරවැසියන් පියවරක් ආපස්සට යාමකි.

(Maldives Journal හි පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි)

මෙම ප්‍රවෘත්තිය මාලදිවයිනේ මාධ්‍ය මගින් ප්‍රචාරයවීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂගේ පුත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා තිබුණේ එය අසත්‍ය ප්‍රවෘත්තියක් බවයි. තම පියා හිටපු අගමැති මහින්ද රාජපක්ෂට හෝ සිය පවුලේ කිසිවෙකුට ශ්‍රී ලංකාව හැරදමා යාමේ කිසිදු වුවමනාවක් නැති බවත් නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.

ලිපියේ මුල් පිටපත මෙතැනින්

1 COMMENT

  1. රාජපක්ශ නම මිහිපිටින් අතුගලා දමන්න ඔනෙ. කාල කන්නි රැල අපෙ අසුචි කැව්නම් මේට වඩා .

Leave a Reply to Prabhath kulathunge Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!