spot_img
spot_imgspot_img

අපනයන ආදායම වැඩි වීම, කොටස් වෙළෙඳ පොළට ජවයක් වෙයි

පුවත්

විදෙස්

2021 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාර්තුව ගණනය කිරීමේ දී සම්පූර්ණ අපනයනය ඩොලර් මිලියන 3,800ක් වූ අතර 2022 වර්ෂයේ එම කාල සීමාවේ දී එම සම්පූර්ණ අපනයන ඩොලර් මිලියන 4,165 ඉක්මවා තිබේ. ඒ අනුව 2022 වර්ෂයේ පළමු කාර්තුවේ පමණක් අපනයනයෙන් ලැබූ විදේශ ආදායම 11%කින් වර්ධනය වී තිබේ. මෙම අපනයනය ආදායම් වර්ධනය වීම සහ ඉහළ උද්ධමන අගයන් කොටස් වෙළෙඳ පොළෙහි කොටස් මිල දී ගැනීම කෙරෙහි හිතකර ලෙස බලපානු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකරති.

අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාව විසින් සිදුකරන ලද භාණ්ඩ අපනයනය කිරීම් වැඩිම වර්ධනයක් පෙන්වා ඇත්තේ කැනඩාව වෙත  28%කින් ජර්මනිය වෙත ද, 27.8%කින් ඉතාලිය වෙත 27%කින් වශයෙනි.

ජනවාරි සිට අප්‍රේල් දක්වා මාස 04ක කාල සීමාව තුළ දී වැඩිම භාණ්ඩ අපනයයක් සිදුකර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට වන අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,097කි. මහා බ්‍රිතාන්‍යය වෙත ඩොලර් මිලියන 333ක ද, ඉන්දියාව වෙත ඩොලර් මිලියන 282ක ද භාණ්ඩ අපනයන කර තිබේ.

මේ අතර කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (24) දිනයේ ගනුදෙනු 20,845ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,319ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 81කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,393ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 479
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම ‍රුපියල් මිලියන 451
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 361

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • නේෂන් ලංකා සමාගම කොටස් මිලියන 192
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 46
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 19

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලාෆ් පවර් සමාගම (x) 16%
  • ආබන්ස් ෆිනෑන්ස්  සමාගම 12%
  • ලංකා අයිඕසී සමාගම 12%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 455
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 288
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියන 192

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 49ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 27කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 22ක මුදලක් අද දිනයේ ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 10
  • හේලීස් සමාගම රුපියල් මිලියන 9.2
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 5.9
  • එච් සෙමිත් සමාගම රුපියල් මිලියන 5.8
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 03

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 6.2
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 4
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 2.5
  • ප්‍රීමා සමාගම රුපියල් මිලියන 1.4
  • ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 1.1

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!