spot_img
spot_imgspot_img

ඉන්ධන හළේ මැරයෝ, ත්‍රී රෝද රියදුරාට පහර දී බිම දිගේ ඇදගෙන යති

පුවත්

විදෙස්

නාවලපිටියේ ඉන්ධන පිරවුම්හළකට පැමිණි ත්‍රී රෝද රථ රියදුරකුට අමානුෂික ලෙස පහර දී තුවාල සිදුකර ඇතැයි නාවලපිටිය පොලිසිය සඳහන්  කරයි.

ඊයේ (22) රාත්‍රී ඔහුට මෙලෙස පහර දී ඇත්තේ ඉන්ධන පිරවුම්හළෙහි අයිතිකරු, අයිතිකරුගේ පුත්‍රයා සහ එහි සේවකයන් පිරිසක් විසිනි.

පහරකෑමට ලක් වූ පුද්ගලයා තම ත්‍රීරෝද රථයට පෙට්‍රල්ල ලබාගැනීම සඳහා පැය කිහිපයක් පෝළිමේ රැඳී සිටිිය දී පිරවුම්හළේ හිමිකරුගේ මිත්‍රයෙක් පෝළිමෙන් පිටතින් ඉන්ධන ලබාගැනීමට පැමිණීමත් සමඟ ඔහු අයිතිකරුගෙන් සිදුවන අසාධාරණය ගැන විමසීමේ දී බහින් බස්වීමක් ඇතිවිය. ඒ සමඟ ඔහුට පහර දී තිබේ.

පහර දී බිම වැටුණු ත්‍රී රෝද රථ රියදුරාව, ඉන්ධන හළේ සේවකයන් විසින් බිම ඇදගෙන ගොස් නාවලපිටිය දුම්රිය ස්ථානයට දමා තිබිණි. ඉන්ධන පෝළිමේ රැඳී සිටි පිරිසක් ගිලන්රථයක් ගෙන්වා ඔහුව රෝහලට යවා ඇත. ඔහුගේ තත්වය බරපතල බැවින් නාවලපිටිය රෝහලේ සිට මහනුවර ජාතික රෝහලට මාරුකර යවා ඇතැයි ද පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!