spot_img
spot_imgspot_img

මුහුණ filter කරන ගැහැනු. සමාජ මාධ්‍යවලට 90%ක්ම Photo දාන්නේ වෙනස් කරලා

පුවත්

විදෙස්

කාන්තාවන්නේ 90%ක් ම තමන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යජාලා වෙත එක්කිරීමට පෙර ඒ සඳහා filter හෝ වෙනත් සංස්කරණ ක්‍රමවේදයක් භාවිතා කරන බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ.

මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය පිළිබඳ පර්යේෂණ අංශයේ මහාචාර්ය රොසලින් ගිල් විසිනි.

මහාචාර්ය ගිල් මෙසේ පැවසීය.

“මෙම සමීක්ෂණයට ලක්වූ කාන්තාවන්ගෙන් 90% ප්‍රමාණයක් ම ඔවුන්ගේ ඡායාරූප Filter භාවිතයෙන් වෙනස් කර සමාජ මාධ්‍ය ජාලාවලට එක්කරන බව පවසා තිබේ. එහ දී සමෙහි ඇති ලප කැලල් ඉවත් කරන බවත් හකු සහ නාසය හොඳින් සිත් ඇදගන්නා සුළු අයුරුන් පෙනෛන Filter බාවිතා කරන බවත් ඔවුන් පවසා තිබේ. එමෙන් ම මේ ඡායාරූප වර්ණය වෙනස් කිරීම් වැනි සංස්කරණයන්ට භාජනය කරන බව ද කාන්තාවෝ වැඩි දෙනකු කියති.

එමෙන් ම මේ අධ්‍යයනයේ දී හෙළිි වී ඇති තවත් වැදගත් කරුණක් වන්නේ අධ්‍යයනයට ලක්ව ඇති තරුණියන්ගෙන් වැඩි දෙනකු සමාජ මාධ්‍ය ඔස්සේ රූපලාවන්‍ය කටයුතු සම්බන්ධ වීඩියෝ සහ විස්තර නරඹන බවයි. එහි දී නියපොත්, තොල් ආලේප පිළිබඳ, දත් සුදු කිරීම, පාදවල අලංකාරය රඳවාගැනීම, පියයුරු සහ උදරය සම්බන්ධ යහපත් හැඩය පවත්වාගන්නා ආකාරය පිළිබඳ වඩාත් සැළකිලිමත් වන බව ද හෙළි වි ඇත.

මහාචාර්ය ගිල් මෙසේ පැවසීය: “Instagram හි පමණක් සෑම දිනකම ඡායාරූප මිලියන 100 කට ආසන්න ප්‍රමාණයක් පළ කෙරෙනවා. අපි මින් පෙර මේ තරම් දෘෂ්‍යමාන සමාජ ආධිපත්‍යයක් දැක තිබුණෙ නැහැ. මාජ මාධ්‍යවල පළකිරීමෙන් ‘ලයික්’ ලබා ගැනීමේ දැඩි සතුටක් සහ අගය කිරීමේ අවධානයක් ඇති කළ හැකි නමුත් එය බොහෝ තරුණියන්ට විශාල කනස්සල්ලට හේතු වේ.

“යෞවනයන් කෙරෙහි කොරෝනා වසංගතය යම් තරමකින් මානසි සෞඛ්‍ය විනාශ කළා යැයි කිව හැකියි. එහි බලපෑම් දිනෙන් දින මතුවුණා. තරුණියන්ගේ අධ්‍යාපනය, රැකියාව, සමාජ ඇසුර හදිසියේම නතර වුණා. ඔවුන්ගේ නිදහස සීමා වුණා. බොහෝ දෙනෙක් මූල්‍ය දුෂ්කරතා, චිත්තවේගීය දුෂ්කරතා හෝ වියෝව අත්වින්දා.” පර්යේෂක කණ්ඩායම එසේ පවසයි.

මෙම පර්යේෂණය සඳහා City, University of London විසින් අරමුදල් සපයා ඇති අතර, 2020 තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ලිංගිකත්වය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ (GSRC) සිදු කරන ලදී.

ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයක ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය අනෙකුත් සමාජ බෙදීම් සහ අනන්‍යතා සමඟ අන්තර් විනය සංවාදය, සහයෝගීතාවය සහ පර්යේෂණ පෝෂණය කරන ආකාරය GSRC විශ්ලේෂණය කරයි.

https://www.eurekalert.org/news-releases/869150

https://www.city.ac.uk/__data/assets/pdf_file/0005/597209/Parliament-Report-web.pdf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!