ආසාදිතයන් 8,000 ඉක්මවයි. අද 280ක්

0
86

කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් පුද්ගලයන් 280 දෙනකු අද (26) වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 8,000 සිමාව ඉක්මවා ගොස් ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 8,152ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති සමස්ථ රෝගින් සංඛ්‍යාව 3,933 කි. දැනට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 4,219කි.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ මේ වනවිට මිනුවන්ගොඩ හා පෑලියගොඩ ආශ්‍රිත කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 4,678ක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here