ගාල්ලේ සියලු නඩු කල් දමයි. ඉදිරි දින දැන්වීම් පුවරුවේ.

0
116

කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානම හේතුවෙන් ගාල්ලේ සියලුම අධිකරණයන් හි විවෘත අධිකරණ නඩු කටයුතු ලබන 30 වැනි දා දක්වා නොපැවැත්වීමට තීරණය කර ඇත.

මෙම තීරණයට ගෙන ඇත්තේ අද (26) සවස මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංකගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමක දී ය.

අද (26) උදෑසන 8.00 ගාල්ල නීතිඥ සංගමයේ විශේෂ විධායක කමිටු රැස්වීමක් කැඳවා නඩු කටයුතු කල් දමන ලෙස විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට තීරණයක් ගෙන එම ඉල්ලීම සිදුකිරීමෙන් පස අද (26) දිනයේ දී ද නියමිතව පැවැති නඩු ඉදිරි දින සඳහා කල්තැබිණි. පසුව සවස මෙම රැස්වීම කැඳවා ඉහත තීරණය ගෙන තිබේ.

ඒ් අනුව හෙට (27) සිට මෙම සිකුරාදා (30) දක්වා ගාල් මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, මහාධිකරණ සහ සිවිල් අභියාචනාධිකරණය යන සියලු අධිකරණයන් හි නඩු කටයුතු නොපැවැත්වීමටත් ඒ ඒ දිනයන්වලට අදාල නඩු කටයුතුවල ඉදිරි දිනයන් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කිරීමටත් කටයුතු කරන බවට තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here