මිහින්තලා පුද බිම ජනපතිගේ නිරීක්ෂණයට

0
86

මිහින්තලා පුද බිමෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙහි දී මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණය සිදුකරයි. ඊයේ (24) මිහින්තලා පුදබිමට ගිය ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැඳපුදා ගැනීමෙන් අනතුරුව ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එහිදී මිහිඳු මහරහතන් වහන්සේගේ පළමු පාදස් පර්ශය සිදුවූ ස්ථානය සේ සැලකෙන “චන්ද්‍රකාන්ති පාෂාණය” පිහිටි සේල චෛත්‍ය මළුවේ ඉදිකෙරුණු මිහිඳු පිළිරුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරිණි.

මිහින්තලා පුද බිමේ ප්‍රතිසංස්කරණ කටයුතු ලබන පොසොන් පොහොට පෙර අවසන් කිරීමට බලාපොරොත්තුවන බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here