spot_img
spot_img

දළදා මාළිගාවක් හොරට හදනවා යැයි මහනායක හිමිවරුන්ගෙන් චෝදනා

පුවත්

විදෙස්

දළදා වහන්සේ තමන් සතුව ඇති බව කියමින් මුදල් ගැරීමේ කූඨ ව්‍යාපාරයක නිරතව සිටින කූරුණෑගල පදිංචිකරුවකු සම්බන්ධයෙන් අවධානය ‍යොමුකර කඩිනම් පියවර ගන්නා ලෙස මහල්වතු අස්ගිරි මහ නාහිමිවරු දෙදෙනා ඒකාබද්ධව ජනාධිපිත රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබේ.

මල්වතු මහා නායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහා නායක වරකාගොඩ වරකාගොඩ ඤාණරතන හිමි සහ දියවඩන නිලමේ නිලංග දෑල එම ලිපියට අතසන් තබා ඇත.

එහි දැක්වෙන්නේ ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කර ඉදිකරමින් පවතින බවට තොරතුරු ඇති බවයි.

කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජානක සේනාධිපති නමැත්තෙකු විසින් මෙලෙස ව්‍යාජ දළදා ඉදිකරමින් පවතින බවත් දේශීය සහ විදේශීය ගිහි පැවිදි බොහෝ දෙනකු මේ මිත්‍යාවට රැවටී ඇති බවත් එම ලිපියේ සඳහන් කර ඇත. මීට අමතරව බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන අයුරින් සමාජ මාධ්‍ය හරහා සිදුකෙරෙන විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් ද මහානායක හිමිවරුන්ගේ අවධානය යොමුවී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට බුදු දහම ආරක්ෂා කර පෝෂණය කිරීමේ කාර්යභාරයට බැඳී සිටින රජය විසින් මෙවැනි අබෞද්ධ ක්‍රියා වළක්වාලීම අවශ්‍ය බව ද එම ලිපියේ දක්වා තිබේ.  ඒ සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන්න යැයි ද අස්ගිරි සහ මල්වතු මනානායක හිමිවරු දෙපළ සහ දියවඩන නිළමේ සිහිපත් කර තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!