ගාල්ල පාළුවට ගිහින්

0
286

ඉරිදා දිනවල දී පවා ඉතා ජනාකීර්ණ, කාර්යබහුල නගරයක් වන ගාල්ල නගරය අද (25) ඉරිදා පාළු ස්වභාවයක් ඉසිලුවේය.

ගාල්ල නගරයේ වෙනත් ඉරිදා දිනවල විවෘතව තිබෙන වෙළෙඳ සැල් පවා අද වසා දමා තිබූ අතර ගාල්ල බස් නැවතුම් පොළේ ද ජනතාව දක්නට ලැබුණේ ඉතා අඩුවෙනි. ධාවනය වූ බස්රථ ප්‍රමාණය ද ඉතා අඩු ප්‍රමාණයක් විය.

ගාල්ල නගරය හා ඒ අවට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවූව ද අත්‍යාවශ්‍ය කරුණකට හැර අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙස සෞඛ්‍ය අංශවලින් කරන ලද දැනුම් දීම් හේතුවෙන් නගරයට ජනතාව පැමිණීම මෙලෙස සීමා වී තිබිණි.

ගාල්ල මූලස්ථාන පොලිසිය ඊයේ (24) දිනයේ දී ගාල්ල නගරයේ ව්‍යාපරික ස්ථානවලට ගොස් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳ දැනුම්වත් කිරීම් ද කර තිබිණි.

(ඡායාරූප – සාහිත ගම්මන්පිල)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here