spot_img
spot_imgspot_img

ඉන්දු – චීන සෙල්ලමෙන් ලෙල්ලම් වන ශ්‍රී ලංකාව

පුවත්

විදෙස්

by – LP

ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ දේශපාලනික වශයෙන් කැළඹිලි සහගතම අවස්ථාවක චීන ‍විදේශ අමාත්‍ය වැන්ග් යී පැමිණියා. විදේශ විනිමය අර්බුදය උග්‍ර වී ඇති අතර රන් සංචිතයෙන් අඩකටත් වඩා හිස්ව තිබෙනවා. මේ නිසා රෝගීව අසාද්‍ය වූ ආර්ථිකයේ පීඩනය යම් කිසි ප්‍රමාණයකින් හෝ ලිහිල් කරන්නට චීන ජාතිකයන් සහය දෙනු ඇතැයි මෙරට පාලකයන් අපෙක්ෂා කරනවා විය හැකියි.

නමුත්, සහනදායී ක්‍රියාමාර්ග දීර්ඝ කිරීම සඳහා, පසුගිය වසර තුළ චීන-ශ්‍රී ලංකා සබඳතා පොරොන්දු වී නැහැ. එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිරට සහ අසල්වැසි ඉන්දියාවට කැළඹීමට හේතුව වූ ශ්‍රී ලංකාව තුළ චීනයේ ශක්තිමත් අඩිතාලම පසුගිය මාස කිහිපය තුළ දුර්වල වී ඇති බව පෙනෙනවා. මේ අතර, ඉන්දියාව, ශ්‍රී ලංකාව තුළ චීනයේ පැවැත්මට එරෙහිව ක්‍රමානුකූලව පදනමක් ලබා ගනිමින්, දිවයිනේ ප්‍රධාන සංවර්ධන ගනුදෙනු කිහිපයක් ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකා භූමියේ චීන ආයෝජන නැවැත්වීමට ප්‍රමාණවත් බලපෑමක් කිරීමට පවා සමත් වී තිබෙනවා.

ඉන්දියාවේ සහ චීනයේ සෙල්ලම්

2021 ඔක්තෝම්බර් මාසයේදී ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන ශ්‍රිංග්ලාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම සඳහා ඉන්දියාවේ උපාය මාර්ග වෙනස් කිරීම පිළිබඳ පැහැදිලි ඇඟවීමක් ප්‍රදර්ශනය වූ බව පැහැදිළියි. ඔහුගේ සංචාරය, මහනුවර දළදා මාළිගාවෙන් ආරම්භ කළ අතර, එහිදී ඔහු ජාතීන් දෙක අතර ඇති පොහොසත්, ඓතිහාසික හා සංස්කෘතික මූලයන් ඉස්මතු කරමින්, රටේ සිංහල කතා කරන ජනතාවට බලපෑම් කිරීම සඳහා මෘදු බලය යොදා ගැනීමේ ඉන්දියාවේ සැලැස්ම ගැන වැඩියෙන් කතා කළා.

ශ්‍රී ලංකාව තුළ ඉන්දියාවේ සම්ප්‍රදායික විදේශ ප්‍රතිපත්ති මැදිහත්වීම්වල මෙතෙක් පැමිණි ක්‍රමවේදයට වඩා මෙය පැහැදිළි වෙනසක් පෙන්වූ අතර දේශීය දේශපාලනික වශයෙන් එය දෙමළ සුළුතර අව්‍යතා සඳහා තල්ලුකිරීමක් ලෙස අර්ථ දැක්විය හැකියි. ඒ නිසා, ශ්‍රිංග්ලාගේ හැසිරීමෙන් සහ අදහස් දැක්වීම්වලින් පෙනී ගියේ සිංහල බෞද්ධ බහුතරය කෙරෙහි ක්‍රියාකාරීත්වය සහ බලපෑම පෝෂණය කිරීමට ඉන්දියාවට ඇති කැමැත්ත. මහ කොමසාරිස් කාර්යාලයේ බිත්තිවල ප්‍රදර්ශනය කර ඇති බුදුදහම තේමා කර ඇති චිත්‍ර ප්‍රමාණවත් ලෙස පැහැදිලි නොවන්නේ නම්, මෙම ප්‍රවේශය දැනටමත් චීන ජාතිකයින් විසින් ප්‍රයෝජනයට ගෙන ප්‍රගුණ කර තිබෙනවා. ඒ ප්‍රධාන වශයෙන් සිංහල කතා කරන ප්‍රේක්ෂකයින් වෙත ඔවුන්ගේ ප්‍රධාන ආයෝජන සහ සේවා සැපයීම මගින්. ද්විපාර්ශ්වික සබඳතාවන්හි සැලකිය යුතු කොටසක් හැඩගස්වා ඇත්තේ බෞද්ධ රාජ්‍ය තාන්ත්‍රිකභාවය මගිනි  Belt and Road Initiative සඳහා භාවිතා කරන මෙවලමක් ලෙස.  ශ්‍රී ලංකාවේ දී චීන ජෝඩු සමූහ විවාහ මංගල්‍යයන් සහ චීන සංස්කෘතිය සමඟ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින් හුරු කරවීම සඳහා සිංහල භාෂාව චතුර ලෙස හසුරුවන චීන මාධ්‍යවේදීන් සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් යෙදවීම ඇතුළු අනෙකුත් සංස්කෘතික හුවමාරු කිරීම් ද මේ වනවිට චීනය විසින් භාවිතා කරනවා.

සෙමින් නමුත් ස්ථාවරව ඉන්දියාව ජය මාතවට

නමුත් ඉන්දියාව දැන් ශ්‍රී ලංකාවේ චීන උපාය මාර්ගයෙන් ම වාසි ලබා ගැනීමත් සමඟ, පසුගිය මාස කිහිපය තුළ චීනයේ ශ්‍රී ලංකාව තුළ අවකාශයට විවිධ බලපෑම් සිදුවුණා. ශ්‍රී ලංකාව කෙරෙහි චීනයේ බලපෑම ආපසු හැරවිය නොහැකි බවට වූ බොහෝ දෙනාගේ විශ්වාසය අනුව මෙය සුළුපටු දෙයක් නොවෙයි.

චීනය විසින් නිෂ්පාදනය කරන ලද සයිනෝෆාම් එන්නත අනුමත කිරීමේ ප්‍රමාදයන් සමඟ ආරම්භ වී, මෑතකාලීනව ‘තෙවන පාර්ශවයකින්’ ආරක්ෂක ගැටළු උපුටා දක්වමින් 2021 දෙසැම්බරයේ චීන ජාතිකයන් බලශක්ති හා බලශක්ති සංවර්ධන ගනුදෙනුවෙන් ඉවත් වීම පසුගිය වසර තුළ චීන ජාතිකයින්ට සිදුවූ පසුබෑම් ලෙස දැකිය හැකි වනවා. ශ්‍රී ලංකා දූපතේ පොහොර හිඟයෙන් බැටකන ගොවීන් ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ යූරියා භාවිතයට ශ්‍රී ලංකා බලධාරීන් විසින් ම තල්ලු කිරීමත් සමඟ චීන කාබනික පොහොර යාත්‍රාව පිළිබඳ මතභේදය සහ එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික ගැටුම නරක අතට හැරුණා. මේ අතර තවත් එක් ප්‍රධාන ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ඉන්දියාව පසුගිය සතියේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කිරීමේ ගිවිසුමකට අත්සන් තැබුවා.

චීනය දැන් තම තාලය වෙනස් කර ගමන් මග හරවා ගෙන ඇත්තේ මෙවන් පසුබිමකය. සිංහල බහුතරය කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා චීනය දැන් උතුර දෙසට අවධානය යොමු කරමින් සිටින බව චීන තානාපතිවරයා පසුගියදා උතුරේ කළ සංචාරයෙන් පැහැදිලියි.  ආදම්ගේ පාලම වෙත තානාපතිවරයාගේ සංචාරය විශේෂයෙන් විවාදාත්මක මාතෘකාවක්.

රාජ්‍ය තාන්ත්‍රිකයන් උතුරු පළාතේ සංචාරය කිරීම ඉතා සාමාන්‍ය දෙයක් වුවත්, චීන තානාපතිවරයාගේ සංචාරය එහි කාලසීමාව සහ භූ දේශපාලන සන්දර්භය අනුව එසේ සැහැල්ලුවෙන් ගත හැකි දෙයක් නෙවෙයි. හුණුගල් වැටිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඓතිහාසික සන්ධිස්ථානයක් වන අතර වසර ගණනාවක් තිස්සේ ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතාව වැඩි කරමින් එම දූපත් සේතුසමුද්‍රම් නැව් ඇළ ව්‍යාපෘතිය ලෙස සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමකට එළඹීමට උත්සාහ කරනවා. එබැවින්, තානාපතිවරයාගේ සංචාරය පැහැදිලි පණිවිඩයක් පෙන්නුම් කළා. චීනය පසුබැසීමට සූදානම් නැහැ. “මෙය අවසානයයි, එසේම ආරම්භයයි,” තානාපතිවරයා ආදම්ගේ පාලම නැරඹීමෙන් පසු මාධ්‍යයට පැවසුවා.

මෙම උපායයන් ශ්‍රී ලංකාවට පෙන්නුම් කරන්නේ කුමක්ද?

ඉන්දියාව සහ චීනය තම උපායමාර්ග වෙනස් කරමින් කරනු ලබන ඇඟවීම් ශ්‍රී ලංකාවට පැහැදිලිවම අහිතකර ලෙස බලපානවා. ඉතාමත් දුර්වල ආර්ථිකයක් ඇති ශ්‍රීි ලංකාවට මේ වනවිට කිසිම දෙයක් සම්බන්ධයෙන් කේවල් කිරීමට හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාව තිබෙන්නේ ඉතාමත් අවදානම් තත්වයක. කලාපයේ බලය සහ බලපෑම සඳහා තරඟ කරන නැගී එන බලවතුන් විසින් ශ්‍රී ලංකාව තම ග්‍රහණයට ගැනීමට නැතිනම් ‘නතුකර ගැනීමට’ සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව නැගී එන බල ක්ෂේත්‍රයකට ඇතුළුවීම සඳහා මන්දගාමී ගමනක යෙදී සිටියා. නමුත් 2021 දී පිහිටුවන ලද ගමන් පථය, නැඟී එන බල එදිරිවාදිකම්වලට හසුවීමට සහ හැසිරවීමට ශ්‍රී ලංකාවට දැන් මග සැකසී තිබෙනවා. අප්‍රිකානු හිතෝපදේශයක් පවසන්නේ අලි සටන් කරන විට එයින් පීඩාවට පත්වන්නේ තණකොළ බවයි. මේවා ශ්‍රී ලංකා නායකයින් විසින් මතක තබා ගත යුතු ඥානවන්ත වචන විය හැකි නමුත් දැන් එය ටිකක් ප්‍රමාද වැඩියි. ප්‍රායෝගිකව ‘නොබැඳි සහ මධ්‍යස්ථ’ විදේශ ප්‍රතිපත්තියක් සඳහා කිසිදු බලාපොරොත්තුවක් ඉතිරි වී නැහැ. අපි ඔවුන්ගේ යුධ පිටියේ ගැඹුරට ගමන් කරන විට, කලාපයේ මහා බලවතුන්ගේ නියපොතු ලංකා භූමිය හාරා තිබෙනවා.

ශ්‍රී ලංකාව දැනටමත් ඉන්දියාවෙන් මූල්‍ය ආධාර පැකේජයක් ගැන සාකච්ඡා කර ඇති අතර දැන් චීනය සහ ජපානය සමඟ ද සමාන විකල්ප සොයමින් සිටිනවා. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා විදේශ ආධාර මත දැඩි ලෙස යැපීම ගෝලීය පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ දුෂ්කරතාවය තවත් උග්‍ර කර තිබෙනවා. එසේ වුවද, නැගී එන බල තරඟය මධ්‍යයේ කැමැත්තෙන් රට ස්ථානගත කිරීම භයානක ක්‍රීඩාවක් වන අතර ශ්‍රී ලංකාවේ සුබ සිද්ධියට හානි කරයි. විශේෂයෙන් එහි භෞමික අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමට එය තර්ජනයක් වනවා. 

ස්වාධීන, මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් වෙනුවට, ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිවලට දිගු කලක් පවතින හානි සිදු කරමින්, එකිනෙකා යටපත් කිරීමට උත්සාහ කරන බැවින්, ශ්‍රී ලංකාව දැන් වඩ වඩාත් සහ ප්‍රසිද්ධියේ ඉන්දියාවේ සහ චීනයේ පදයට නටන්නට සිදුවීමේ අවදානමට මුහුණ දීමට සිදුව තිබෙනවා.

මෙම සංදර්ශනය ඉන්දියාව සහ චීනය අතර පමණක් නොවන බව මතක තබා ගැනීම වැදගත්. නමුත් චීනය ඉන්දියා-පැසිෆික් කලාපයෙන් ඉවතට තල්ලු කිරීම සඳහා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල අවශ්‍යතා වෙනුවෙන් සහාය දෙන ඉන්දියාවක් සමග ද ගනුදෙනු කරන්නට සිදුවන බව මතක තබා ගැනීම වනවා. US-USSR සීතල යුද්ධය සහ ගැටුමක් නොමැතිකම, ද්වීධ්‍රැවීය නියෝගයක් ගැටුමක් අවලංගු කළ හැකි ආකාරය පිළිබඳ උදාහරණයක් ලෙස බොහෝ විට උපුටා දැක්විය හැකියි.

එහෙත් ජාත්‍යන්තර ක්‍රමය අරාජික වන විට ද්වීධ්‍රැව ව්‍යුහයක් තුළ ගැටුමක් නොමැතිකම සහතිකයක් ද?

සම පාලනය හෝ ඒකාධිකාරය?

ලෝකය වර්තමානයේ පවතින පිළිවෙල නිර්මාණය කර ඇත්තේ එකිනෙක ගැටෙන අවශ්‍යතා සහ මතවාදයන් සමගිනුයි. එය ගෝලීය දේශපාලනයේ නිර්වචන අංගයක්. නැගී එන ලෝක බලවතුන් අතර තරඟකාරීත්වය ඇතැම් අවස්ථාවල දී ප්‍රචණ්ඩකාරී ලක්ෂයකට යොමුවීම ලෝක දේශපාලනයේ ඓතිහාසික සම්මතයක් වනවා. පශ්චාත් සීතල යුද්ධ පැවැති කාලයේ ඇතිවූ ගැටුම් දුරදිග නොගොස් අත්හිටුවමින් සිදුවූ මෑත කාලීන ඉතිහාසයේ ගොඩනැගීම අර්ථකථනය කිරීමට ෆුකුයාමා වැනි විද්වතුන් කටයුතු කළ ද, අද, විශාල ලෙස නැගී එන බල අරගල නැවතත් තියුණු සහ පූර්ණ ස්වරූපයකින් මතුවෙමින් තිබෙනවා. ලිබරල් ලෝකය පර්යායන් දුර්වල කිරීම වගේම ජනප්‍රියවාදය වැනි කරුණු හේතුවෙන් තමන්ගේ පැවැත්ම පිළිබඳ ඇතිවූ යම් යම් ගැටලු හේතුවෙන් ඇමෙරිකාව තම ආධිපත්‍යයේ මායිම් අඩුකර තිබෙනවා.  

වර්තමානයේ නැගී එන බල අරගලයේ තවත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එය භූ දේශපාලනය තුළ කටයුතු කරන ආකාරයයි. නැගී එන බලවතුන් එක්සත් ජනපදයේ අධිපත්‍යයෙන් යුතු සන්ධාවලට එක්වීමට හෝ වෙන්වීම සඳහා ඔවුන්ගේ   ආසන්න රටවල බලපෑම් ක්ෂේත්‍ර කපා හැරීමට තරඟ කරනවා. ප්‍රතිඵලය වන්නේ නැගී එන බල අරගලය දිනෙන් දින ඉහළ යාමයි.  කලාපීය සීතල යුද්ධවලට තුඩු දිය හැකි දිගුකාලීන එදිරිවාදිකම් සහ පූර්වාරක්ෂාවන් මගින් පෝෂණය වන දිගුකාලීන ගැටුමකට බලවතුන් දෙදෙනෙකු ඇද වැටෙන දර්ශනයක් වන ‘චර්චිල් උගුලට’ වැටීම ගැන විශේෂයෙන් කලාපීය බලවතුන් සැලකිලිමත් විය යුතුයි.

ඉන්දීය-චීන දේශසීමාවේ මෑත කාලීන ගැටුම් සහ ඉන්දියානු සහ චීන සොල්දාදුවන් දුසිම් ගනනක් මිය ගිය මාරාන්තික 2020 ගැටුම, ඉන්දු-පැසිෆික් කලාපයට බරපතල ආරක්ෂක ගැටලුවක් වුණා. මේ වන විට ශ්‍රී ලංකාවේ තවත් යුද පිටියක් සොයන දැවැන්තයින් දෙදෙනා, කලාපය තුල චර්චිල් උගුලෙහි ගොදුරු බවට පත්වීමේ අද්දර සිටින්නේ ද යන ප්‍රශ්නය පැන නගිනවා.

නැතහොත් ‘සම පාලනයක්’ – (කලාපයේ කුඩා රටවල් සියල්ලම හෝ බොහෝමයක් මත නායකත්වය සහ ආධිපත්‍යය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම) ශක්‍ය විකල්පයක් වේ ද? ශ‍්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන්ට අත්‍යවශ්‍ය ඉල්ලීම් එකකට වඩා ඇති අතර, එම ආධිපත්‍යයන් දෙකේ ක්‍රියාකාරීත්වයන් වෙනස් කිරීමට ඉඩ තබමින්, ඒ දෙකට ම එකවර ඉටු කළ නොහැකි ඉල්ලීම්වලට වඩා එය සැබවින්ම ශක්‍ය විය හැකියි. මෙමගින් ආධිපත්‍යයන් දෙකේම නායකත්වය එකවර පිළිගැනීමට මග පෑදෙයි.

ඉන්දියාව සහ චීනය අතර සමස්ත ගැටුමකට වියදම වැඩියි. එක් අතකින් එය විශේෂයෙන්ම චීනය සඳහා තාර්කික නොවන ක්‍රියාමාර්ගයක් වන අතර, තමන් අපේක්ෂා කරන ආධිපත්‍යය බොහෝ දුරට ආර්ථික ශක්තිය හරහා බව පෙන්නුම් කර තිබෙනවා. මීට අමතරව, උපකල්පිත යුද්ධයක දී, එක්සත් ජනපදය, ඉන්දියාව සහ රුසියාව සමඟ, බොහෝ විට චීනයට එරෙහිව එක් පැත්තකට වනු ඇති.  වත්මන් හැකියාවන් පෙන්නුම් කරන්නේ කිසිදු පාර්ශවයකට ජයග්‍රහණය කළ නොහැකි බවයි. එනිසා, ප්‍රතිවාදියා සමඟ සම පාලනයේ සහ බලය බෙදා ගැනීමේ තත්ත්වය පිළිගැනීම අවසානයේ ඒකාධිකාරී වීමේ අපේක්ෂාවෙන් තාර්කික තේරීමක්.

කෙසේ වෙතත්, මෙම ගැටලුවේ භූ දේශපාලන සන්දර්භය අනෙකුත් සාධකවලට වඩා ඉහළ කාර්යභාරයක් ඉටු කරනවා. තම ප්‍රතිවාදියා සමඟ භූගෝලීය වශයෙන් දෙපැත්තකින් මුහුණ දීමට ඉන්දියාවට අවශ්‍ය වන්නේ නැහැ. මේ අනුව, ඉන්දියාව සම-පාලක විධිවිධානයකට නොගැලපෙන අතර, එයින් ඇඟවෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියානු සාගර කලාපය මත ඒකාධිකාරී බලපෑම සහ බලය සඳහා වන ක්‍රියාමාර්ගය විය හැකි බවයි. මෙය රටවල් දෙක චර්චිල් උගුලකට තල්ලු කරනු ඇති. ඉන්දු-චීන සබඳතා ඉදිරියට යාමේ පංචශීල ගිවිසුම සැමවිටම යොමු කිරීමක් නොවිය හැකි බව පෙන්නුම් කරනවා. එය ශ්‍රී ලංකාව නැගී එන බල අරගලයට ගැඹුරට යාමට පෙර සලකා බැලිය යුතු ප්‍රධාන සාධකයකි.

(ලේඛකයා දැනට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සඳහා අධ්‍යයනය කරමින් සිටින අතර මහජන රාජ්‍යතාන්ත්‍රික හා සන්නිවේදනය පිළිබඳ විශේෂඥයෙකි)

https://www.reuters.com/article/us-sri-lanka-china-massmarriage-idUSKBN1EB0QI

https://www.thehindubusinessline.com/economy/agri-business/iffco-first-beneficiary-of-sri-lankas-policy-to-import-chemical-fertiliser/article37185995.ece

https://www.thehindu.com/news/international/india-inks-deal-with-sri-lanka-to-develop-trincomalee-oil-tank-farm/article38162574.ece

මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!