දෙහිවල මුහුදට කිඹුලා ආ හැටි ඔබත් දැනගන්න

පුවත්

ගාල්ලේ දී සිදුවූ කැති ප්‍රහාරය (CCTV)

ගාල්ල යක්කලමුල්ලේ පදිංචිකරුවකුට කැත්තකින් කෙටීමට තැත්කිරීම සහ යතුරුපැදියකට අලාභහානි සිදුකළ පුද්ගලයකු අධිකරණ්‍ය මගින් අද (18) ඇපමත මුදාහැර තිබේ. යක්කලමුල්ලේ...

මහනුවර “ටොම්ලින් උද්‍යානය” සහ “සහස් උයන රථ ගාල” විවෘත කරයි

මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ඉදිකළ “ටොම්ලින් උද්‍යානය” හා සහස් උයන “නාගරික රථගාල උද්‍යානය” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (16) පස්වරුවේ විවෘත කරන...

කූරගල “ඇසිදිසි සුගත මහා සෑයේ” පූජා වස්තු තැන්පත් කරති

ඓතිහාසික කූරගල පුරාවිද්‍යා භූමියේ ඉදිකරමින් පවතින “ඇසිදිසි සුගත මහා සෑයේ” පූජා වස්තු තැන්පත් කිරීම ඊයේ (16) සිදුකෙරිණි. නෙල්ලිගල ජාත්‍යන්තර...

පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹීමට පාසල් සිසුවියන් පෙරහුරුවේ

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම ලබන අඟහරුවාදා (18) උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ. මේ සඳහා අද (15) පෙරහුරුවක් ද...

විදෙස්

දෙහිවල ආසන්න මුහුදේ දී විසිතුරු මසුන් අල්ලන කිමිඳුම්කරුවකු කිඹුලකුගේ ප්‍රහාරයකට හසු වී මියගිය පුවත් මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ ද දැඩි අවධානයට ලක්ව තිබිණි.

බොහෝ දෙනකු පුදුම වූයේ මහ මුහුදේ කිමිදෙමින් සිටි අයකු එලෙස කිඹුල් ප්‍රහාරයකට ලක්වීම පිළිබඳවය. ශ්‍රී ලංකාවේ බස්නාහිරි, නිරිත සහ දකුණු මුහුදේ වරින් වර කිඹුලන් වාර්තා වී ඇතත් මුහුදේ දී කිඹුල් ප්‍රහාරයකට පුද්ගලයකු ගොදුරු වූ පළමු අවස්ථාව මෙයයි.

මෙම ප්‍රහාරයෙන් මියගියේ රත්මලාන, කල්දෙමුල්ල, සුනාමි ධීවර නිවාසවල පදිංචි 57 හැවිරිදි එක්දරු පියෙකි. කේ.සෝමසිරි පීරිස් නමැති ඔහු මුහුදේ කිමිදෙමින් විසිතුරු මසුන් අල්ලා අළෙවි කර සිය ජීවන වෘත්තිය කරගෙන යයි.

මුහුද හොඳින් හුරුපුරුදු දක්ෂ කිමිදුම් කරුවකු මෙවැනි අනතුරකට ලක්වීම ඔහු දන්නා අඳුනන අයටත් පුදුමයට කරුණක් විය.

කොළඹ දිස්ත්‍රික්කයේ විසිතුරු මසුන් අල්ලනන්ගේ සමූකාර සමිතියේ සභාපති රංජිත් ද සිල්වා මහතා කිඹුලාගෙන් සෝමසිරි බේරාගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරුවේය. ඔහු මෙසේ පවසයි.

“අපේ කිමිදුම් කරුවන් මාළු අල්ලන්න මුහුදට යනවා. ඒක අලුත් දෙයක් නෙවෙයි. නමුත් කවදාවත් මෙහෙම කිඹුල්ලු දැකලා නෑ. මේක ලොකු ප්‍රශ්නයක්. අපේ කර්මාන්තය කරගෙන යන්න බැරි වෙනවා. එදා සෝමසිරි කිඹුලෙක් විසින් ඩැහැගත්තා කියලා කිව්වේ මුහුදේ කිමිදෙමින් හිටපු විදේශිකයන්. අපි බෝට්ටුවක නැගලා එ් දිශාවට ගියා. එයාගේ උරහිසෙන් කිඹුලා අල්ලගෙන හිටියේ. යටට යනවා උඩට එනවා. කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ. බෝට්ටුවේ තිබුණු නැංගුරමක්ක දාලා කිඹුලා ඒකේ පැටලෙන විදියට ඇද්දාම ඌ සෝමසිරිව අතඇරියා. අපි එයාව බෝට්ටුවට අරගෙන කළුබෝවිල රෝහලට යන අතරේ මියගියා.”

ඔහු පවසන්නේ දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ඉතාමත් සිත්ගත් මුහුදු තීරයක මෙලෙස කිඹුලන් වාර්තාවීම ඉතාමත් භයානක තත්වයක පෙරනිමිති බවයි. කුඩා දරුවන් පවා මුහුදේ දිය නෑමට පැමිණෙන බවත් ඔවුන් ද යම් අවස්ථාවක කිඹුලන්ගේ ප්‍රහාරයට ලක්වුවහොත් විනාශයක් සිදුවිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි. එබැවින් මේ සඳහා වහාම විසඳුමක් ලබාදිය යුතුයැයි ද ඔහු ඇතුළු කිමිදුම්කරුවෝ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාව අවට මුහුදේ දී කිඹුලකු පුද්ගලයකු ගොදුරු කරගැනීමට ගත් උත්සාහයක් වාර්තා වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වුව ද කිඹුල් ප්‍රහාර ශ්‍රී ලංකාවට අමුතු දෙයක් නොවේ.

එමෙන් ම ශ්‍රී ලංකා මුහුදේ කිඹුලන් වාර්තාවීම ද මීට පෙර සිදුව ඇත.

ලෝකයේ කිඹුලන් විශේෂ 18 ක් සිටියි. ඒ අතරින් ශ්‍රී ලංකාවේ කිඹුල් විශේෂ දෙකක් වාර්තා වෙයි. ලෝකයේ වාර්තාවන කිඹුල් විශේෂ සියල්ලම මිනිස් වර්ගයාට වැඩිම අවස්ථා ගණනක දී පහරදීම් වර්තා කර ඇති කිඹුල් විශේෂය වන්නේ නයිල් ගඟ අවට ජීවත්වන නයිල් කිඹුලාය. එබැවින් එම විශේෂය ලොව දරුණුම කිඹුල් විශේෂය ලෙස සළකන අතර ඉන් පසු මිනිසාට වැඩිම පහරදීම් ප්‍රමාණයක් වර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාව, දකුණු ආසියාව සහ නැගෙනහිර ආසියාව තුළ පැතිරී සිටින ගැට කිඹුලා නම් විශේෂයටයි.

එම විශේෂය ඉංග්‍රීසි භාෂාවෙන් Saltwater Crocodile ලෙස හඳුන්වයි. සත්ව විද්‍යාතමකව හඳුන්වන්නේ Crocodylus porosus ලෙසිනි. මෙරටින් වාර්තාවන අනෙක් කිඹුල් විශේෂය සිංහල බසින් හැල කිඹුලා ලෙස හඳුන්වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් Mugger Crocodile ලෙසත් සත්ව විද්‍යාත්මකව Crocodylus palustris ලෙසත් හැඳින්වේ.

ගැට කිඹුලා

ශ්‍රී ලංකාවේ සිටින කිඹුල් විශේෂ දෙකෙන් වඩාත් දරුණු විශේය වන හැල කිඹුලන් තෙත් කලාපයේ ගංඟා, කලපු සහ වගුරු බිම් ආශ්‍රිතව දැකිය හැකි සත්ව විශේෂයකි. හැල කිඹුලන් වාර්තා වන්නේ වියළි කලාපයේ ගංඟා සහ වැව් ආශ්‍රිතවය.

හැල කිඹුලා සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කුඩා වන අතර ගැට කිඹුලන් අතිවිශාල උරගෙයකි. හොඳින් වැඩුණු ගැට කිඹුලකු අඩි 18-20ක් තරම් විශාල වෙයි.

ගැට කිඹුලා ඉංග්‍රීසි වචනාර්ථය වූ Saltwater  Crocodile ආකාරයට ම ලවණ මිශ්‍රිත ජලයට ප්‍රියකරන්නෙකි. ඔවුන්ට මුහුද අමුතු තැනක් හෝ ජීවත්වීමට අපහසු ස්ථානයක් නොවේ.

ශ්‍රී ලංකාවේව ගැට කිඹුලන් සාමාන්‍යයෙන් 2,500ක් 3,500ක් අතර ප්‍රමාණයක් සිටින බව වන ජීවී දෙපාර්තමේන්තුව ඇස්තමේන්තුගත කර ඇත. ඉන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණය් ජාතික වනෝද්‍යාන තුළජීවත් වන බව පවසයි. මෙරට සිටින හැල කිඹුලන් ප්‍රමාණය ඊටත් වඩා වැඩ අගයක් ගනී. නමුත් ඔවුන්ගෙන් මිනිසුන්ට එතරම් හානියක් සිදුවන බවක් වාර්තා වන්නේ නැත.

ගැට කිඹුලා පෘථිවියේ සිටින විශාලතම උරගයා ලෙස සැළකේ. ඔවුන් ගංඟා ඇතුළු ජලජ පරිසරයේ ප්‍රධානතම විලෝපිකයා වන අතර ශ්‍රී ලංකාවේ දී ඔවුන්ට එරෙහිවීමට මිනිසා හැර වෙනත් කිසිදු සත්ව විශේෂයක් සමත් නොවීම ඔවුන්ගේ ව්‍යාප්තිය වැඩිවීමට හේතු වී ඇත.

වියළි කලාපයේ ජීවත්වන හැල කිඹුලන් වැව් කණ්ඩි ආශ්‍රිතව බිත්තර දමන අතර ගැට කිඹුලන් ගොඩබිම කොළ රොඩු එකතුකර කූඩුවක් සාදා එහි බිත්තර දමයි. මොවුන් දැනට වැඩිපුරම වාර්තාවන්නේ නිල්වලා ගංඟා නිම්නයෙනි.

නිල්වලා ගඟ ආශ්‍රිතව ගංවතුර වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වූ නිල්වලා ව්‍යාපෘතියෙන් පසු හම්බු ගස් එම ප්‍රදේශයේ බහුලව ව්‍යාප්තවීම ද ගැට කිඹුලන්ට සිය පැවැත්ම තහවුරු කරගැනීම මනා රුකුලක් වී ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙයි. හම්බු ශාකය ඔවුන්ගේ කැදලි තැනීමට හොඳ අමුද්‍රව්‍යයක් වී ඇත.

ගැට කිඹුලන් තමන්ගේ වාසස්ථානයක් වූ ගංඟා එක් ගංඟා නිම්නයක සිට තවත් ගංඟා නිම්නයක් දක්වා ගමන් කරන්නේ නොගැඹුරු මුහුද ඔස්සේ බව පර්යේෂකයන් විසින් තහවුරු කරගෙන තිබේ. එලෙස කිලෝ මීටර දහස් ගණනක් එක් මෝයක සිට තවත් මෝයක් දක්වා මෙම කිඹුලන් ගමන් කළ අවස්ථා ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවේ ද එය සනාථ කරන සාධක වරින් වර හමුව ඇත. එබැවින් කොළඹ නගරයේ ඇළ මාර්ගවල ද ගැට කිඹුලන් හමුවීම අරුමයක් නොවේ. මීගමුව කලපුව, මුතුරාජවෙළ, හැමිල්ටන් ඇල, ජා ඇල, දියවන්නා ඔය, බොල්ගොඩ වැව ආදී ප්‍රදේශවල සිටින ගැට කිඹුලන් මුහුද ඔස්සේ තම වාසස්ථාන ප්‍රදේශ වෙනස් කරගැනීම සාමාන්‍ය ස්වභාවික සිදුවීමකි. එබැවින් ඔවුන් දෙහිවල, ගල්කිස්ස, වැල්ලවත්ත අවට මුහුදේ වරින්වර දක්නට ලැබුණ ද එය පුදුමවීමට කරුණක් නොවනු ඇත.

පසුගිය දා දෙහිවල දී කිමිඳුම්කරුවකු කිඹුල් ප්‍රහාරයෙන් මියගිය පසු වැල්ලවත්ත ඇළ මාර්ගයේ කිඹුලකු දක්නට ලැබෙන බව ද වාර්තා විය. තවත් පිරිසක් කියා සිටියේ එහි කිඹුලන් දෙදෙනකු දක්නට ලැබුණු බවයි. ඇතැම් විට සෝමසිරිට පහරදුන් කිඹුලා වැල්ලවත්ත ඇලට පැමිණෙන්නට ඇත. නැතිනම් එහි ඇත්තේ වෙනත් කිඹුලකු වීමට ද ඉඩ තිබේ.

පරිසරවේදීන් පවසන්නේ කිඹුලන් මිනිසුන්ට පහරදීමට වඩා මඟහැර යාමට උත්සාහ ගන්නා බවයි. ශ්‍රී ලංකාවේ වැඩිම කිඹුල් ගහනයක් දක්නට ලැබෙන නිල්වලා ගඟ ආසන්නයට ගිය විට දක්නට ලැබෙන කරුණක් වන්නේ කිඹුලන් මිනිසුන් මඟහැර යන බවයි. බොහෝ විට ඔවුන් ඉක්මණින් දියට බැස පිහිනා ගොස් සැඟවෙයි. ගං ඉවුරුවල කඩොලාන සහ පඳුරු ආශ්‍රිතව සැඟවී සිටින ඔවුන් ඉක්මණින් දිය යටට යයි.

නමුත් යම් පුද්ගලයකු කිඹුලන් සිටින ප්‍රදේශයක සෑම දිනකම එකම වේලාවක එකම කාර්යයක් කරන්නේ නම් උදාහරණයක් ලෙස ගතහොත් සෑම දිනකම එකම ස්ථානයකින් පැමිණ ජලයේ මුහුණ සෝදන්නේ නම් කිඹුලා එම පුද්ගලයා ගොදුරු කරගැනීමට සැළැස්මක් සකස් කරයි. සැඟවී කල් යල් බලා සිට දින ගණනකට පස එකම රටාවට පැමිණෙන පුද්ගලයා ගොදුරු කරගනියි. මෙය නිල්වලා ගඟ අවටින් වාර්තාවන කිඹුල් ප්‍රාහර අධ්‍යයනයෙන් පර්යේෂකයන් විසින් තහවුරු කරගත් කරුණකි.

නමුත් දෙහිවල ප්‍රහාරය ඊට වඩා වෙනස් වූ බව පෙනෙන්නට තිබේ. කිඹුලකු ජලයේ දී යම් ගොදුරක් හඳුනාගන්නේ ජලයේ සිදුවන අසාමාන්‍ය චලනයත් සමගිනි. මුහුදේ කිමිදුම්කරුවකු යනු පාදවලට පිහිනුම් වරල් සවිකරගත් අයෙක්. ඔහු ඒවා චලනය කරමින් මුහුදේ පිහිනා යනවිට එමගින් ඇතිවන කම්පනය සහ චලනය කිඹුලා යම් ගොදුරක් ජලයට වැටී ඇතැයි සිතන්නට ඇත. ඒ අනුව මුහුදේ පිහිනමින් සිටි කිඹුලා එම ගොදුර ඩැහැගන්නට ඇති බව අනුමාන කළ හැකිය.

කොළඹ දිස්ත්‍රික්කයේ විසිතුරු මසුන් අල්ලන්නන්ගේ සමූපකාර සමිතියේ සභාපතිවරයා පවසන පරිදි කිඹුලන් මුහුදට පැමිණියහොත් ඔවුන්ගේ කර්මාන්තය අනතුරට ලක්වීම සිදුවනු ඇත. එවැන්නක් මාතර දිස්ත්‍රික්කයේ පොල්අතුමෝදර මෝය ආසන්නයේ ද සිදුවිය.

කාලයක් එම ස්ථානය විසිතුරු මසුන් එකතුකරන්නන්ගේ තෝතැන්නක් වී තිබිණි. නමුත් කිඹුලන් එම ස්ථානයේ බහුලව වාර්තාවීමත් සමඟ විසිතුරු මසුන් එකතු කිරීම නවතා දැමීමට ඔවුන්ට සිදුවිය.

දෙහිවල මුහුදේ දක්නට ලැබුණු කිඹුලා සම්බන්ධයෙන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක මහතා කියා සිටියේ එම කිඹුලා අල්ලා ඉවත්කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවයි. ඒ අනුනව දෙපාර්තමේන්තුව සතුව ඇති සම්පත් සහ මිනිස් බලය අනුව එම කිඹුලා ගැන සොයා බලා අල්ලා ඉවත්කිරිමට කටයුතු කරන බව ද ඇමතිවරයා කිවේය.

නමුත් ලවණ ජලයට ඉතා කැමැත්තක් දක්වන මෙරට සිටින ජලාශ්‍රිත විශාලතම හා දරුණුම විලෝපිකයා වන ගැට කිඹුලකු මුහුදේ දී කොටුකර ගැනීමනම් ඉතාමත් අපහසු කාර්යයකි. එම කිඹුලා දැන් තමන්ගේ ගමනාන්තය වෙත ළඟා වී තිබෙන්නට ද බැරි නැත. කොළඹ නගරයට ද ගැට කිඹුලන් අමුත්තන් නොවේ.

පරිසරවේදීන් පවසන පරිදි කිඹුලන් ඉවත්කිරීම ද එතරම් ප්‍රායෝගික නැත. වරක් ඕස්ට්‍රේලියාවේ ගම්මානයක මිනිසුන්ට බරපතල තර්ජනයක් වූ කිඹුලකු අල්ලා එරට බලධාරීන් එම කිඹුලා ගුවනින් කිලෝ මීටර 2,000කට වැඩි දුරක් ගෙන ගොස් සුදුසු පරිසර පද්ධතියකට නිදහස් කර තිබිණි. නමුත් සති කිහිපයකට පසු ගුවනින් ගිය කිඹුලා යළි තමන් සිටි තැනටම පැමිණ තිබිණි.

මේ ස්වභාවික සංසිද්ධීන් තේරුම් ගෙන කටයුතු කළ යුතුය.

විශේෂ ස්තූතිය – ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය  

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

කරාපිටිය රෝහලේ බත් පතටත් හෙනහුරා ලබයි

කැකුළු හාල් මිල දී ගැනීමට නොහැකිවීම හේතුවෙන් දැනට දින කිහිපයක සිට කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සපයන බත්වේලට ඇත්ත‍ේ සුදු හාලෙන් සැකසූ බත් පමණි.

පුද්ගලික විදුලි බලාගාරයක් අක්‍රියවෙයි. විදුලි අර්බුදය දරුණු වෙයි

Sojitz පුද්ගලික විදුලි බලාගාරය මේ වනවිට අක්‍රිය කර තිබීම හේතුවෙන් මෙගාවොට් 160ක ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට අහිමි වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය...

රැකියාවට, පාපැදියෙන් එන්න යැයි රජය කියයි

පාපැදියෙන් ගමන් කිරීම කෙරෙහි රටේ ජනතාව උනන්දුකිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාක් සකසා ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. වායු දූෂණය...

2022 මූල්‍ය වාර්තා ඉදිරිපත් කළ සමාගම්වලට නව ජවයක්

කොළඹ කොටස් වෙළඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 50,677 සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් මිලියන 6,099ක් බවට පත්විය. සමස්ත කොටස්...

පැරණි සහ ප්‍රමුඛ සමාගම් කෙරෙහි උනන්දුව වැඩිවීම කොටස් වෙළෙඳ ‍පොළ වර්ධනය වේගවත් කරයි

කොළඹ කොටස් වෙළඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 43,209 සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 18,423ක් බවට පත්විය. සමස්ත කොටස් මිල...

මැණිකේ පන්සලටත් රිංගයි. හිමිවරු පෙමක පැටැලේ (වීඩියෝ)

මැණිකේ මගේ හිතේ ගීතය මේ වනවිට භික්ෂූන් වහන්සේලාගේ සිත් ඇතුළටත් රිංගාගෙන ඇත. යොහානි ද සිල්වා විසින් ගායනා කළ "මැණිකේ මගේ හිතේ" ගීතය...

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකක කොරෝනා රෝගීන්ට. සාමාන්‍ය සැත්කම් නවතී

කොරෝනා ආසාදිතයන් රට පුරාම වැඩිවෙමින් පවතින බැවින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය නැවත කොරෝනා ආසාදියන් සඳහා වෙන්කළ බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ...

රටපුරා මාර්ග අඳුරුකිරීමට, විදුලි උපකරණ අක්‍රිය කිරීමට කැබිනට් යෝජනාවක්

විදුලි පරිභෝජනය අඩු කිරිම සඳහා විථි පහන් නිවා දැමීම, වායුසමන යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීම, කාර්යාල විදුලි උපකරණ භාවිතය නවතා දැමීම යන යෝජනා කැබිනට්...

ආහාර උද්ධමනය 21.5% කින් ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව කියයි

2021 දෙසැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ ආහාර උද්මධනය 21.5%කින් ඉහළ ගොස් ‍ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කළ නිවේදනයක දැක්වේ.

පේරාදෙණිය විද්‍යා පීඨයේ කොරෝනා පොකුරක්. ආශ්‍රිතයන් 400ක් පොදු වාහනවල රටපුරා යති

පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ මේ වනවිට කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති අතර ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් වූ සිසු සිසුවියන් 400ක පමණ පිරිසක් පොදු ප්‍රවාහන...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!