spot_img
spot_imgspot_img

චීන බලධාරීන් බුදු පිළිම සහ බෞද්ධ පාසල් කඩා විනාශ කර දමයි

පුවත්

විදෙස්

ටිබටයේ ඛාම් ප්‍රදේශයේ ඩ්‍රැගෝ ප්‍රාන්තයේ ඉදිකර තිබූ අඩි 99ක් උසැති බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත්කිරීමට ප්‍රාදේශීය චීන බලධාරීන් කටයුතු කර තිබේ. මෙම ප්‍රදේශය ටිබෙට් ස්වයං පාලනයක් පවතින ප්‍රදේශයකි.

මෙම පිළිමයට අමතරව ඩ්‍රැගෝ නම් ආරාමය අසළ ඉදිකර තිබූ දැවැන්ත යාඥා උපකරණ 45ක් ද විනාශ කර ඇති බව ටිබෙට් මාධ්‍ය වාර්තා කරයි. ලාරුන්ග් ගාර් නමින් හැඳින්වෙන බෞද්ධ පුහුණු ආයතනයක මෙම පිළිමය ඉදිකර තිබිණි.

මෙය විනාශ කිරීමට ප්‍රාන්තයේ සිටින චීන ප්‍රධානී වැන්ග් ඩොංෂෙන්ග් වගකිව යුතු බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

පිළිමය ඉවත්කිරීම පසුගිය දෙසැම්බර් 12 වැනි දා ආරම්භ කළ බවත් ඒ සම්බන්ධයෙන් විරෝධතා ඇතිවීම වැළැක්වීම සඳහා ඒ අවට සෑම මාර්ගයක ම මංසන්ධියකම හමුදා භට පිරිස් විශාල වශයෙන් යොදවා තිබූ බවත් මාධ්‍ය වාර්තා කරයි.

සාගතය, යුද්ධය සහ ගින්නෙන්, ජලයෙන්, පොළොවෙන් හා වාතයෙන් ඇතිවිය හැකි ව්‍යසනයන් මෙම පිළිමය හේතුවෙන් වළක්වාගත හැකිය යන විශ්වාසයක් එම ප්‍රදේශයේ බෞද්ධ ජනතාව අතර පවතී. එම ප්‍රතිමාව පිහිටුවීම සඳහා පළාත් පාලන ආයතනවල විධිමත් අනුමැතිය ලබාගෙන ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙය කඩා දැමීමේ දී චීන බලධාරීන් පවසා ඇත්තේ එහි ඉදිකිරීම් ලියවිලිවල අඩංගුකර ඇති උස අවට ප්‍රදේශයට ඔරොත්තු නොදෙන බවයි. ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි අනුව පිළිමය කඩා දැමීමට කටයුතු කළ බව ද චීන බලධාරීන් පවසා ඇත.

මෙය ලෝකඩ ප්‍රථිමාවක් වන අතර එහ 2015 ඔක්තෝබර් 05 වැනි දින නිල වශයෙන් ඉදිකර අවසන්ව තිබිණි.

පිළිමය කඩා දැමීමට පෙර ඔක්තෝබර් මාසය අවසාන දින කිහිපයේ දී මේ අසළ පිහිටි ගාඩන් නම්ග්යාල් ආරාමයේ බෞද්ධ පාසල ද බලහත්කාරයෙන් කඩා දැමීමට චීන බලධාරීන් කටයුතු කර තිබිණි. එහි සිටි සිසුන් එළවා දමා පාසල කඩා දමා තිබිණි. චීන බලධාරීන් එහි දී කියා තිබුණේ පාසල ඉඩම් පරිහරණ නීතිය උල්ලංඝනය කර ඇති බවයි. මේ පාසල ඉවත්කිරීමේ දී ටිබෙට් ජාතිකයන්ට එම පරිශ්‍රයෙන් ඉවත්වීමට චීන බලධාරීන් ඉඩ ලබා දී තිබුණේ දින 03ක කාලයක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!