spot_img
spot_imgspot_img

නව ජීවී විශේෂ සොයා ගැනීම සමරති

පුවත්

විදෙස්

2021 වර්ෂෙය් දී කැලිෆෝනියා විද්‍යා ඇකඩමිය විසින් අලුතෙන් සොයාගන්නා ලද ජීවී විශේෂ අතර ඉතාමත් අලංකාර සතුන් රැසක් සිටින බව ඡායාරූප මගින් හෙළිකර තිබේ.  2021 වර්ෂයේ දී එම ඇකඩමියේ පර්යේෂණ මගින් සොයාගන්නා ලද නව ජීවී විශේෂ සංඛ්‍යාව 70කි.

මෙම නව සත්ව සහ ශාක විශේෂ මැඩගස්කරයේ වගුරු වනාන්තර, ඊස්ටර් දූපත අවට කොරල්පර සහ මෙක්සිකෝවේ සුවිසල් තුරු මුදුන් දක්වා විවිධ පරිසරවල ජීවත් වෙයි.

මෙම සොයාගැනීම් සත්ව සහ ශාක ජීවිත පිළිබඳ දැනුම පුළුල් කරන අතරම සංරක්ෂණ වැදගත්කම පිළිබඳ අවශ්‍යතාද ශක්තිමත් කරයි.

කැලි‍ෆෝනියා විද්‍යා ඇකඩමියේ ප්‍රධානී ෂැනන් බෙනට් පවසන්නේ මෙ සොයාගැනීම් ලෝකය ප්‍රතිනිර්මාණය කිරීමට උපකාරී වන බවයි.

“ජෛව විවිධත්වය අපගෙග් ග්‍රහලෝකයේ පැවැත්මට ඉතා වැදගත් වෙනවා. තිරසාර භාවිතයන් තවදුරටත් ප්‍රමාණවත් නොවන අතර ජෛව විවිධත්වය අපිට ඉතා වේගයෙන් අහිමි වෙමින් යනවා. අපි ස්වභාවික ලෝකයේ භාරකරුවන් ලෙස පරිසර පද්ධති ප්‍රතිනිර්මාණය කිරීමේ දී  අපි ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ යුතුයි. ස්වභාවධර්ම සමඟ අපගේ ඇති සම්බන්ධතාව මේ සෑම නව විශේෂයක් සමඟම වැඩි දියුණු වෙනවා. අපේ ග්‍රහලෝකය ක්‍රයිකරන ආකාරය පිළිබඳ අපගේ අවබෝධය ගැඹුරු විය යුතුයි. එය අවිනිශ්චිත අනාගතයට හොඳින් ප්‍රතිචාර දැක්වීමට හේතුවක් වේවි. මේ වනවිට අපි වෙනස්වන දේශගුණයක් සහ ගෝලීය වසංගතයක් සමඟ අපි දිගටම සටන් කරමින් සිටිනවා. පෘථිවියේ සිටින විවිධ ජීවීන් ආරක්ෂා කිරීමට මේ තරම් තීරණාත්මක කාලයක් කිසි දිනක තිබුණේ නැහැ. ” ඇය කියන්නීය.

කැලිෆෝනියා විද්‍යා ඇකඩමිය විසින් පසුගිය 2021 වර්ෂයේ දී සොයාගන්නා ලද නව විශේෂ අතර කුරුමිණියන් 14ක්, මුහුදු හම්බෙල්ලන් 12ක්, කුහුඹුවන් 09ක්, මාළු 07ක්, ගෝනුස්සන් 06ක්, සපුෂ්ක ශාක 05ක්, මෝරුන් විශේෂ 04ක්, මකුළුවන් 03ක්, මුහුදු පැලෑටි 02ක් සහ පාසි වර්ග 01ක් වෙයි.

මෙම අපූරු සොයාගැනීම් සැමරීම සඳහා විද්‍යා ඇකඩමිය ජනවාරි 06 වැනි දා සොයාගැනීම් කළ පර්යේෂකයන් ද සමග විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබේ.

https://www.dailymail.co.uk/sciencetech/index.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!