spot_img
spot_imgspot_img

ගාල්ලේ දී විදේශිකයෝ නීති කඩති. බලධාරීන් රටම අමාරුවේ දමයි

පුවත්

විදෙස්

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සෑම පුද්ගලයකු ම තම පුද්ගලික පරිශ්‍රයෙන් බැහැරව යන්නේනේම සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වුව ද ගාල්ලේ එවැනි නීතියක් දක්නට නැත.

ගාල්ල නගරය, ගාල්ල කොටුව, උණවටුන, හබරාදුව, හික්කඩුව, බේරුවල, අහුංගල්ල ආදී ‍ප්‍රදේශවල මේ දිනවල බහුලව දැකිය හැකි විදෙස් සංචාරකයන් මුඛ ආවරණ පළඳින්නේ ඉතාමත් කලාතුරකිනි. ඔවුන් වැඩි දෙනෙකු මුඛ ආවරණ නොපළඳින අතර හිතුමතයේ ගාල්ල කොටුව, කෞතුකාගාර, දේවස්ථාන, වෙරළ තීරය, රූමස්සල වැනි පොදු ස්ථාවල ද හෝටල් සහ සුපිරි වෙළෙඳ සැල් තුළ ද සැරි සරති. එමෙන්ම දුම්රිය සහ බස්රථ වැනි පොදු ප්‍රවාහන සේවාවල දී ද ඔවුන් මුඛ ආවරණ පළඳින්නේ නැත. ත්‍රී රෝද රථවල ගමන්කරන අවස්ථාවල දී ද විදේශිකයෝ මුඛ ආවරණ නොපළඳිති.

නමුත් මේ ආකාරයෙන් ඇස් පනාපිටම විදේශිකයන් සෞඛ්‍ය නීති කඩ කරද්දී මෙරට නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. සෞඛ්‍ය අංශ සහ නිතිය ආරක්ෂා කිරීමට සිටින පොලිසිය ද එය නොදුටු ආකාරයෙන් සිටිති.

නමුත් යාපනයේ මුඛ ආවරණ නිවැරදිව පැළඳ නැතැයි කියමින් ශ්‍රී ලංකා පොලිසියේ කිහිප දෙනකු එක්ව එවැනි පුද්ගලයන් ඔසාවාගෙන ගොස් ජීප් රථයකට දමාගෙන ගියේ අත්අඩංගුවට ගනිමිනි. කොළඹ දී ද මුඛ ආවරණ නොමැතිව සිටි පිරිසකට නීතිය ක්‍රියාත්මක කරන ඇත්තෝ පහර දී තිබිණි.

ගාල්ලේ නීතියක් නොමැති වීමේ භායානක බව ගාල්ලේ පදිංචි සියලු දෙනා තේරුම් ගත යුතුය. එයට හොඳම උදාහරණයක් වන්නේ ඕමානයේ සිට ගාල්ලට පැමිණි විදේශිකයකු කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදය ආසදනය වී ඇති බව තහවුරු වීමයි. ඔහු ත්‍රී රෝද රථ මෙන්ම පොදු ප්‍රවාහන සේවා ද භාවිතා කර ගාල්ලේ සෑම තැනකම ඇවදි තිබිණි.

මේ ආකාරයට ‍රටේ සෞඛ්‍ය නීති කඩකරමින් විදේශිකයන්ට සැරි සරන්නට ඉඩ දුනහොත් කොරෝනා ඕමික්‍රෝන් පැතිරීයාම නම් වළක්වාගත නොහැකි වනු ඇත.

රටට ඩොලර් අවශ්‍යය. විදේශිකයන්‍ පැමිණ මෙරට සංචාරක කර්මාන්තය දියුණු විය යුතුය. ඒ ගැන කිසිදු විවාදයක් නැත. නමුත් ඒ වෙනුවෙන් රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව උගසට තැබිය යුතු නැත. විදේශිකයන්ට මුඛ ආවරණ දමා ගන්න යැයි පාඩම් කියා දීමට සාමාන්‍ය වැසියන් හෝ ඉදිරිපත් විය යුතුය.

මෙරට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් කවදාවත් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැත.

ශ්‍රී ලංකාවේ නීතිය හමේ පාට අනුවත්, ප්‍රදේශයෙන් ප්‍රදේශයටත් වෙනස් වේ.

එක රටකට එක නීතියක් නැත.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!