spot_img
spot_imgspot_img

තිස්ස කුට්ටිආරච්චිට කතානායකගෙන් දැඩි අවවාද

පුවත්

විදෙස්

කාන්තාවන්ට නිග්‍රහවන ආකාරයෙන් අශෝබන වචන භාවිතා කරමින් කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට කතානායකවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී දැඩි ලෙස අවවාද කළේය.

ඔහු කළ කතාව සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටුවට පත්වන බව ද කතානායක වරයා කීවේය. එවැනි තත්වයන් ඉදිරියේ දී වළක්වාගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් විසින් තම පක්ෂවල මන්ත්‍රීවරු දැනුම්වත් කරන ලෙස ද කතානායකවරයා පාර්ල‍ිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

ඉදිරියට මෙවැනි දේ සිදුවන්නේ නම් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද කථානායකවරයා එහි දී කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි විසින් 2021.11.20 වැනි දින සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කුමාරි විජේරත්නට සහ වෙනත් බාහිර කාන්තාවකට අපහාස වන අයුරින් කතා කළේය. මේ සම්බන්ධයෙන් බොහෝ පාර්ශවවල විරෝධය ප්‍රකාශ වූ අතර රෝහිණී කුමාරි මන්ත්‍රිනිය විසින් ඊයේ (22) ඒ සම්බන්ධව වරප්‍රසාද ප්‍රශ්නයක් ද මතු කළාය.

තිස්ස කුට්ටිආරච්චි කළ ප්‍රකාශයට  එරෙහිව පරීක්ෂණයක් සිදුකරන ලෙසත් කථානායකවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි.

තිස්ස කුට්ටිආරච්චිට නැවත මේ පිළිබඳව අදහස් දැක්වීමට කථානායකවරයා විසින් අවස්ථාව ලබාදුන්නේය. 

එහිදී අදහස් දැක්වු තිස්ස කුට්ටිආරච්චි මෙසේ කීවේය,

සමාවෙන්න කථානායකතුමනි, අයවැය විවාදයේ දී කරපු කථාව සම්බන්ධව විපක්ෂයේ මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රිතුමිය ඉල්ලීම් කර තිබෙනවා. මට තේරෙන්නේ නෑ. මම කියපු අසභ්‍ය වචනය මට කියන්න. කථානායකතුමනි, මම වල් නෑ. අහපු මිනිස්සු වල් වුණාට මට කරන්න දෙයක් නෑ. මම කිව්වේ යහපත් සිතින්. මම බටු ගැන කිව්වහම කොහොම ද  කාන්තාවන්ට අපහාස වෙන්නේ. එහෙම අසාධාරණයක් මට කරන්න එපා. මම සමාව ගන්නවා ජාතියෙන් ම මට පැහිදිලිව කියන්න කාන්තාවන් ට අපහසුතාවයට පත්වෙන විදියට මම කියපු පරුෂ වචනය මොකද්ද කියලා.”

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාන්තා සංසඳයේ සභාපතිනි, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, සභාවේ උත්තරීතරත්වය ආරක්ෂා වන ලෙස සියලු දෙනා හැසිරිය යුතු බවය.

මේ සභාගර්භයේ ඉන්නවා මන්ත්‍රීවරු 225ක්. ඒ 225ට අදාළ කරුණු කාරණා මිසක් මින් පරිභාහිරව ඉන්න කාන්තා සහ පුරුෂයින්ගේ නම් මේ සභාවට ගේන්න එපා කියලා මම ගෞරවයෙන් ඉල්ලනවා. සභාවේ උත්තරීත්වය රැකෙන්නේ 225 දෙනාගේ හැසිරීම අනුව. දරුවෝ බලාගෙන ඉන්නවා. කාන්තා මන්ත්‍රීවරු ඉන්නේ 12යි. පක්ෂ හෝ විපක්ෂ මන්ත්‍රීවරියන්ට අසභ්‍ය හෝ වක්‍ර ප්‍රකාශ ඇත්නම් ඒවා හෙළා දකිනවා ඒවට විරුද්ධව කටයුතු කරන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!