spot_img
spot_imgspot_img

පීපල්ස් රක්‍ෂණ සමාගම නවීන තාක්‍ෂණික සේවා කවුළුවක් මහජන බැංකු මූලස්ථානයේ දී විවෘත කරයි

පුවත්

විදෙස්

පීපල්ස් රක්‍ෂණ සමාගම, සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන රක්ෂණ සේවා වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ අරමුණින් රක්ෂණ සේවා සඳහා නව කවුළුවක් විවෘත කර තිබේ.

මෙහ කොළඹ 02, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ, අංක 75 දරණ ස්ථානයේ පිහිටා තිබේ මහජන බැංකු මූලස්ථානයේ ස්ථාපිත කර ඇත.

රාජ්‍ය ආයත අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් කරමින් පීපල්ස් රක්‍ෂණ සමාගම, මහජන බැංකුව සමඟ එක්ව මෙම සුවිශේෂී නවීන පහසුකම් සහිත සේවා කවුළුව විවෘත කිරීමට පසුගිය දා සිදුකෙරිණි. එමගින් සිය සමස්ත ගනුදෙනු කරුවන් වෙත රක්‍ෂණ සේවාවන් ලබා ගැනීම සඳහා පහසු ප්‍රවේශයක් නිර්මාණය කිරිමේ අරමුණ වී ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මෙම නව සේවා කවුළුව විවෘත කිරීමේ අවස්ථාව, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්‍ෂ, පීපල්ස් රක්‍ෂණ සමාගමේ සභාපති ඉසුරු බාලපටබැඳි, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී රන්ජිත් කොඩිතුවක්කු, පීපල්ස් රක්‍ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි දීපාල් අබේසේකර යන අයගේ සහභාගීත්වයෙන් සිදු කෙරණි. තවද එම අවස්ථාව සඳහා ගනුදෙනුකරුවන් සහ මහජන බැංකුවේ සහ පීපල්ස් රක්‍ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී විය.

මහජන බැංකුවේ ස්ථාපිත මෙම නව ව්‍යාපාරික කවුඵව වෙතින් මහජන බැංකුවේ ගනුදෙනුකරුවන් සහ එහි කාර්ය මණ්ඩලය ප්‍රමුඛ සේවාදායකයන් වෙත ආයතනික සහ පුද්ගලික රක්‍ෂණ විසඳුම් මාලාවක් අත්විඳ ගැනීමේ අවස්ථාව සළසා දී ඇත. මේ යටතේ වානිජ දේපළ රක්‍ෂණය, නාවික රක්‍ෂණය, වගකීම් රක්‍ෂණය, කණ්ඩායම් සෞඛ්‍ය රක්‍ෂණය මෙන්ම පුද්ගලික රක්‍ෂණ, නිවාස රක්‍ෂණ, පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ, සූර්ය පැනල රක්‍ෂණ, මෝටර් රථ රක්‍ෂණය සහ සංචාරක රක්‍ෂණය ආදී සාමාන්‍ය රක්‍ෂණාවරනයන් ගනුදෙනුකරුවන් වෙත ලබා ගැනීමේ හැකියාව ලබා දී ඇත.

තවද මෙම රක්‍ෂණ කවුළුව මගින් සපයනු ලබන රක්‍ෂණ පහසුකම් වලට අමතරව, පීපල්ස් රක්‍ෂණ ආයතනය විසින් සිය ගනුදෙනු කරුවන් වෙත විශේෂ සේවා රැසක් සැපයීමට ද ඉදිරිපත්ව ඇත. මේ යටතේ මාර්ගගත සේවාව (Online) ඔස්සේ රක්‍ෂණ යෝජනා පිරවීම, රක්‍ෂණ ආවරණ ගැලපීම්, වාරික පියවීම්, රක්‍ෂණ ආවරණ සටහන් නිකුත් කිරීම, රක්‍ෂණ සැලසුම් පිළිබඳ තොරතුරු ලබාගැනීම, මෙන්ම හිමිකම් සැකසීම සහ ලේඛන කළමනාකරණය වැනි මාර්ගගත නොවන (offline) සේවා ද ලබාගැනිමේ අවස්ථාව ලබා දී ඇත.

සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වඩාත් සාර්ථක ආකාරයෙන් ඉටුකිරීම සිය ඒකායන අරමුණ බවට පත් කර ගනිමින් මෙම නව සේවා කවුළුව මගින් පීපල්ස් රක්‍ෂණ ආයතනය සිය ගනුදෙනුකරුවන් වෙත තරඟකාරී සහ ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් පිරිනමයි. ඒ යටතේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙත පොලී රහිත පහසු වාරික ගෙවීමේ සැලසුමක් ලබා ගැන්මේ හැකියාව ද ඇත.

නවෝත්පාදන සහ සේවා විශිෂ්ටත්වය තුළින් රක්‍ෂණ වෙළෙඳපොළ මෙහෙයවීම් කාර්යයේ දී, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ නව සේවා කවළුව විවෘත කිරීම, කාර්ය බහුල ප්‍රදේශයක සියලුම පුද්ගල සහ ආයතනික රක්‍ෂණ ඔප්පු හිමියන්ගේ මූල්‍ය අනාගතය සුරක්‍ෂිත කිරීමේ ගමනේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!