spot_img
spot_imgspot_img

කොළඹ පාසල් සිසුන්ට එන්නත් දීම හෙට ඇරඹේ. එන්නත් මධ්‍යස්ථාන මෙන්න

පුවත්

විදෙස්

පාසල් දරුවන් සඳහා එන්නත් ලබාදීම හෙට (15) කොළඹින් ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව කොළඹ අධ්‍යාපන කලාප 04ක අවුරුදු 18ත් 19ත් වයස්වල පසුවන දරුවන් සඳහා හෙට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට නියමිතය.

එම වැඩසටන හෙට උදෑසන 8.30 සිට සවස 3.30 දක්වා ක්‍රියාත්මක වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව සිදුකරන මෙම වැඩසටහනේ දී පාසල් දරුවන් 24,000ක් එන්නත් කිරීමට නියමිතය.

ඒ අනුව කොළඹ අධ්‍යාපන කලාපයේ පාසල් 04ක එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරයි. කොළඹ විශාකා සහ තර්ස්ටන් විද්‍යාලයන්හි එන්නත්කරණය සිදුවන අතර එහි පැමිණිය යුතු වන්නේ ඒ පාසල් දෙකෙහි සිසුන් පමණි.

මීට අමතරව කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ පැවැත්වෙන එන්නත් වැඩසටහන සඳහා පහත සඳහන් පාසල්වල සිසු සිසුවියන් පැමිණිය යුතුය.

  • සාන්ත බෙනඩික් විද්‍යාලය
  • යහපත් එඩේරාගේ කන්‍යාරාමය
  • යහපත් එඩේරාගේ කන්‍යාරාමය (දෙමළ)
  • කුමාර කණිෂ්ඨ විද්‍යාලය

 කොළඹ විවේකානන්ද විද්‍යාලයේ එන්නත්කරණ වැඩසටහනට පහත සඳහන් පාසල්වල සිසු සිසුවියන් පැමිණිය යුතුව ඇත.

  • කනපති විද්‍යාලය
  • වුල්ෆැන්ඩල් බාලිකා මහා විද්‍යාලය
  • විවේකානන්ද විද්‍යාලය
  • අල් හකීම් විද්‍යාලය
  • මැද කොළඹ හින්දු විද්‍යාලය

හෝමාගම කලාපයේ පහත සඳහන් පාසල්වල ද එන්නත් වැඩසටහන ක්‍රියාත්මන වෙයි.

  • හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය
  • මහින්ද රාජපක්ෂ විද්‍යාලය – පිටිපන
  • දීපංගොඩ මහා විද්‍යාලය
  • සිරි පියරතන මහා විද්‍යාලය පාදුක්ක
  • සීතාවක මධ්‍ය මහා විද්‍යාලය
  • මායාදුන්න මහා විද්‍යාලය

පිළියන්දල කලාපයේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් පහත සඳහන් කර ඇත.

  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය  (එම විද්‍යාලයේ සිසුන් සඳහා පමණි)
  • කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය (එම විද්‍යාලයේ දරුවන් සඳහා පමණි)
  • පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය (එම විද්‍යාලයේ දරුවන් සඳහා පමණි)
  • බොරලැස්ගමුව මහා විද්‍යාලය (එම විද්‍යාලයේ දරුවන් සඳහා පමණි)

මොරටු මහා විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය

  • මෙතෝදිස්ත උසස් විද්‍යාලය
  • අර්ෆත් මුස්ලිම් විද්‍යාලය
  • ශ්‍රී සුනන්දෝපානන්ද මහා විද්‍යාලය

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය 

  • එස් ද එස් ජයසිංහ විද්‍යාලය
  • ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය
  • නුගේගොඩ දෙමළ මහා විද්‍යාලය
  • ඇලීතියා විද්‍යාලය. 

දකුණු කොළඹ විද්‍යා විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය

  • ශ්‍රාස්ත්‍රානන්ද විද්‍යාලය
  • ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ එන්නත්කරණ වැඩසටහන පහත සඳහන් පාසල්වල ක්‍රියාත්මක වෙයි.

  • මාලබේ රාහුල බාලිකා විද්‍යාලය
  • මහරගම මධ්‍ය මහා විද්‍යාලය
  • අංගොඩ රාහුල විද්‍යාලය
  • නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!