spot_img
spot_imgspot_img

ගුරු අරගලයට දින 90යි. විසඳුම් නැත්නම් සේවයට එන්නේ නැතැයි ගරු-විදුහල්පතිවරු කියති

පුවත්

විදෙස්

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට රජය විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන 21 වැනි දා පාසල් ආරම්භ කළ ද සේවයට වාර්තා නොකරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මේ බව කියා සිටියේය.

“ඉදිරි දින කිහිපයේ දී මේ ගැන තීරණයක් ගැනීමට රජයට හැකියාව තිබෙනවා. එසේ නොකළහොත් 21 වැනි දා අපි සේවයට වාර්තා කරන්නේ නැහැ. සියලු විදුහල්පති හා පරිවේණාධිපති රැස්වීම් වර්ජනය කරන්නත් මේ වනවිටත් වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.”

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසන්නේ පළමුවෙන් ආරම්භ කිරීමට නියමිතව ඇති ළමුන් 200ට වඩා අඩු පාසල්වල විදුහල්පතිවරුන්ගේ සාකච්ඡාවක් කැඳවා තිබුණ ද විදුහල්පතිවරු එම සාකච්ඡාව වර්ජනය කළ බවයි.

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියන් කියා සිටියේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා සඳහා විසඳුමක් නොදී පාසල් ආරම්භ කරන්නේ නම් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බවයි.

ගුරුවරුන් සහ විදුහල්පතිවරු දියත්කර ඇති අරගලයට අද වනවිට දින 90ක් ගත වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!