spot_img
spot_imgspot_img

කරාපිටියේ ECMO ප්‍රතිකාරය ඒලියන්ත වයිට් හට නොලැබී ගියේ ඇයි ?

පුවත්

විදෙස්

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලයන් රැසකගේ රෝග සුවපත් කළා යැයි කියන “රාජකීය ජීවකයා” ලෙස අන්වර්ථ නාමයක් හිමිකරගෙන සිටි ඒලියන්ත වයිට් ‍ඊයේ (22) කොරෝනා වැළඳී මියගියේය.

කොරෝනා වසංගතය අධ්‍යාත්මික බලයෙන් සුව කළ හැකි බව කියූ ඔහු සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ එක්වී කොරෝනා සුවකිරීම සඳහා මුට්ටි ගඟේ පා කර හැරි අතර කුණ්ලීනු ශක්තියෙන් කොරෝනා සුවකරන බවත් ඉන්දියාවෙන් පවා තමන්ට ඒ සඳහා ආරාධනා ලැබුණු බවත් කීවේය.

නමුත් ඒ සියල්ල මිත්‍යාවක් බව සනාථ කරමින් ඒලියන්ත වයිට් ඊයේ සිය දිවිගමන නිමා කළේ 48 හැවිරිදි වියේ පසුව සිටිය දී ය.

ඔහු මෙරට ඉහළම තලයේ ප්‍රභූ පුද්ගලයන් ඇසුරු කළ ද ඔහුට ලැබිය යුතුම වූ ප්‍රතිකාරයක් අහිමිව ගිය බව වාර්තා වෙයි.

ඒලියන්ත වයිට් හට කොරෝනා ආසාදනය වී එය නිව්මෝනියා තත්වයට පත්වීම හේතුවෙන් පෙනහළු ගර්තතුල දී රුධිරයට ඔක්සිජන් එකුතු නොවීමේ ගැටලුවක් ඇති වී තිබිණි. ඒ අනුව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී තිබුණේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඔහුට එක්මෝ ප්‍රතිකාරය ලබාදීම අවශ්‍ය බවයි.

මේ අනුව කරාපිටිය රෝහලේ පිහිටි එක්මෝ යන්ත්‍රය ඒ සඳහා සූදානම් කෙරිණි. ඒලියන්ත වයිට් එම ප්‍රතිකාර සඳහා රැගෙන ඒමට සියල්ල සූදානම් කර තිබිය දී කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයට ලැබුණු පණිවිඩයකින් කියවුණේ එක්මෝ යන්ත්‍රයට ගෙන ඔහු රැගෙන ඒම සඳහා සුදුසු නැකතක් ඇත්තේ ඊට පසුදිනයේ බවයි. ඒ හේතුවෙන් එම නැකත් වේලාවට ඔහු රැගෙන එන බව දැනුම් දී තිබිණි.

ඉන් පසු නැවත කරාපිටිය ශික්ෂණ රෝහලට කතා කළ ඒලියන්ත වයිට්ගේ රෝගී තත්වය පිළිබද දන්නා අයකු කියා තිබුණේ ඔහු වෙනත් කරලක් පානය කර රෝගය සුවකරගැනීමට කටයුතු කරමින් සිටින බැවින් එක්මෝ ප්‍රතිකාරය අනවශ්‍ය බවයි.

අධ්‍යාත්මික ශක්තියෙන් හා කුණ්ඩලීනු යෝගයෙන් කොරෝනා මර්ධනය කරන බවට කියූ ඒලියන්ත වයිට් හට කොරෝනාවලින් බේරීම්ට නොහැකිව මියගිය අතර ඔහුගේ නැකැත් විශ්වාසයන් හා කොරෝනා සම්බන්ධ ප්‍රතිකාරයක් නොවන නමුත් ජනතාව රැවටීමට ලක්ව සිටින කරලක් හේතුවෙන් ඔහුට අවසානයේ දී ජීවිතයෙන් සමුගැනීමට සිදුවිය.

2 COMMENTS

  1. කොහොම හරි කැරකිලා කරලට එනවා නේද rata.lk මැක්කාගෙ කතාව මතක් වුනා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!