කොරෝනා ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ ඝාතනය කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ බොරලැස්ගමුව, එගොඩවත්ත පාරේ පදිංචි කලනි යසින්තා මාපලගම නමැති 45 හැවිරිදි දෙදරු මවකි.
කොරෝනා ආසාදිතව නිවසේ ම ප්‍රතිකාර ලබමින් සිටි ඇය සැප්තැම්බර් මස 15 වැනි දා රාත්‍රී 10.00ට පමණ නිදි යහනේ දී ම මියගොස් ඇතැයි සැමියා විසින් බිරිඳගේ සොහොයුරටන් දුරකථන ඇමතුමකින් දැනුම් දී තිබේ. ඔවුන් ද පැමිණ ඇය කළුබෝවිල රෝහලට රැගෙන ගොස් තිබිණි.
වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇගේ මළ සිරුරෙන් ජෛව සාම්පල රැගෙන පීසිආර් පරීක්ෂණයක් කළ යුතු බවයි. එම පරීක්ෂණයෙන් ද ඇය කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.
නමුත්, තම සහෝරියගේ සැමියාගේ බෙල්ලේ සීරීම් තුවාලයක් තිබීමත් ඔහු නිතර එය කමිසයේ කොලරයෙන් වසා ගැනීමට උත්සාහ ගැනීමත් පිළිබඳ මියගිය කාන්තාවගේ සොහොයුරන් විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි.
එම පැමිණිල්ලට අනුව බොරලැස්ගමුව පොලිසිය මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන් අතර පශ්චාත් මරණ පරීක්ෂණයකට නියෝග කෙරිණි. ඒ අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය සම්පත් සේනතුංග විසින් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ මුඛය හා නාසය සිරකිරීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
බොරලැස්ගමුව පොලිසය මෙම මරණය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.