spot_img

එන්නත්කරණය සිදුවුවත් කොරෝනා පැතිරෙයි

පුවත්

විදෙස්

කොරෝනා මර්ධන එන්නත් ලබාගත් පිරිස් නිවැරදි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම භාවිතා නොකරන්නේ නම් තවදුරටත් කොරෝනා වසංගතය පැතිරීම ඉහළ යනු ඇතැයි රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි පවසයි. 

ඔහු පවසන්නේ කොරෝනා සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, දෑත් පිරිසිදුව තබාගැනීම, මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන්නේ නම් එන්නත්කරණය සම්පූර්ණ කළ අය අතර ද ආසාදන අනුපාතය 65-70% ප්‍රමාණයක් දක්වා ඉහළ යා හැකි බවයි.

එන්නත් ලබාදීමෙන් කොරෝනා ආසාදනය වන පුද්ගලයන් අසාධ්‍ය තත්වයට පත්වීම හා මරණයට පත්වීම වළක්වාගත හැකි වුව ද රෝගය පැතිරීම වැළැක්වීමට නම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම තවදුරටත් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

එන්නත් සම්බන්ධයෙන් පැතිරයන විවිධ දුර්මතවලට නොරැවටී තමන්ට කොරෝනා මර්ධන එන්නතක් ලබාගත හැකි පළමු අවස්ථාවේ දී ම ලැබෙන එන්නතක් ලබාගැනීම කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අංශ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles