spot_img
spot_imgspot_img

උපායමාර්ගික බුද්ධිමය සැළැස්ම සහ ජපානයට නිදහස දීමේ JR භූමිකාව

පුවත්

විදෙස්

සටහන – කරු පරණවිතාන

1951 සැප්තැම්බර් මාසය ජපාන – ශ්‍රී ලංකා සබඳතාවල අතිශය වැදගත් මාසයක් වෙනවා. මන්ද ? ජපානයට නිදහස ලැබීමේ 70 වැනි සංවත්සරය සමරන්නේ 2021 වර්ෂයේ සැප්තැම්බර් 06 වැනි දා. ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන්ප්‍රැන්සිස්කෝ නගරයේ පැවැති එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ දී එවකට ලංකාව ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව ජපානයට පක්ෂ ස්ථාවරයක සිටිමින් ලෝකයේ අවධානය ඒ වෙත යොමු කිරීම ආකර්ෂණීය සිදුවීමක් වුණා. දෙවැනි ලෝක යුද්ධය අවසන්වීමෙන් පසු යුද සමයේ සිදුවූ සතුරු ක්‍රියාවන්ට පිළියම් ලබා දෙමින් එක්සත් ජාතීන් වෙනුවෙන් ජපානය සහ මිත්‍ර පාක්ෂිකයන් අතර සාමකාමී සබඳතා නැවවත ස්ථාපනය කිරීමත් මේ සමුළුවේ අරමුණක් වී තිබුණා. එවකට මුදල් ඇමති ජේ.ආර්.ජයවර්ධන ප්‍රමුඛ ධූත ලංකාවේ නියෝජතයන් දැක්වූ ස්ථාවරය අද දක්වා ම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ඉහළම අවස්ථාවක් ලෙස හැඳින්වෙනවා.

එදා එක්සත් ජාතීන්ගේ සමුළුවේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වූ ජේ.ආර්.ජයවර්ධන පසුව ශ්‍රී ලංකාවේ ජනාධිපති වී මෙරටට විවෘත ආර්ථිකය හඳුනාවදීමේ පුරෝගාමියා වුණා. ඔහු සිදුකළ දේශපාලන හා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ හේතුවෙන් රටේ සමාජ සැකැස්මේ සැළකිය යුතු වෙනස්කම් රැසක් සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය පතිපත්ති දෙකේම ජයවර්ධනගේ බලපෑම තවමත් සැළකිය යුතු හා ජීවමාන තත්වයකින් දක්නට හැකියි. සැන්ෆ්‍රැන්සිස්කෝ සමුලුවේ දී ඔහුගේ භූමිකාව නැවත සළකා බැලීම මෙම සන්දර්භයේ අරමුණක්.

ජයවර්ධන ජපානය පූර්ණ නිදහසකට තල්ලු ක‍ළේය නිවැරදි ස්ථාවරයනේ සහ නිවැරදි ස්වරයෙන් කොන්දේසි විරහිතව ජපානයට සසහයෝගය දැක්වීම සමස්ත සම්මන්ත්‍රණයේ ස්වබාය හා ගතිකතාවය වෙනස් කළේය.

කුඩා දුප්පත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතුව කුඩා දුප්පත් රටකින් පැමිණි නියෝජතයින් විසින් ජපානයට සනාථ කරන ලද සහයෝගය සළකා බැලිම හැර ජපනායට විරුද්ධ වූ රාජ්‍යයන්ට  වෙනත් විකල්පයක් තිබුණේ නැත.

මේ සමුළුවේ දී සෝවියට් කණ්ඩායම ජපානයට පක්ෂ වූයේ නැහැ. 1952 වනවිට ජපානයට විසඳුමක් ලැබුණා. ජපානයේ ඇමෙරිකානු හමුදා කඳවුරුගත වීම අවසන් වුණා. ජාත්‍යන්තර හමුදා පෙරදිග සඳහා වූ අධිකරණමය තීන්දු පිළිගත්තා. ජපානය ක්‍රමයෙන් ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූ අතර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දක්වා ඇති ජාත්‍යන්තර වශයෙන් සියලු රටවල් සමඟ කටයුතු කරන වගකිව යුතු සහකරුවෙක් බවට පත්වුණා. සමළුව සහ සාම ගිවිසුම් සා්ථක වුව ද අවසන් නොවූ සීතල යුද්ධයේ බල දේශපාලනයේ පීඩනය නිසා නිවැරදි තීරණ ගැනීමේ දී ජපානයට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවුණා. එදා සැන්ෆ්‍රැන්සිකෝ සමුළුවේ දී ජයවර්ධනගේ භූමිකාව තක්සේරු කිරීමට අවශ්‍ය වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, සෝවියට් සංගමය සහ ඔවුන්ගේ හිතවත් රටවල් අතර ඇති සීතල යුද්ධයේ ගතිකාවන් සහ භූ දේශපාලන ආතතීන් හේතුවෙන් ජාත්‍යන්තරයේ ගොඩගැසුණු ප්‍රතිවිපාක සමගියි.

ආසියාවේ රටවල විදේශ සබඳතාවලට ද බලපෑම් එල්ල වුණා. සෝවියට් සංගමය සිය අසල්වැසි අනිකුත් ආසියානු රාජ්‍යයන්ගේ දේශපාලනය තුළට සංකීර්ණ උපාය මාර්ග ඔස්සේ ‍ඇතුළු වී සිටියා. චීනයේ කොමියුනිස්ට් බලකාය එකසත් ජනපදයේ සහ බටහිර රටවල හිතවතකු වූ චියන්-කයි-ෂෙක්ගේ පාලනය පෙරළා දැමුණා. වියට්නාමයේ බොහෝ ප්‍රදේශවල බලය පිහිටුවීමට හෝචිමින්ගේ නායකත්වයෙන් යුත් කොමියුනිස්ට්වාදීන්ට හැකියාව ලැබුණා. 1950 සිට රට අත්පත් කරගෙන සිටි ප්‍රංශ ජාතිකයන්ට සහ‍යෝගය ප්‍රකාශ කරන මෙම කොමියුනිස්ට්වාදීන්ට එරෙහිව ඇමෙරිකාව වියට්නාමයට ඇතුළු වුණා. කාම්බෝජය සහ ‍ලාඕසය ද දිගු කාලීන යුද්ධවලට ගොදුරු වුණා. 1950 දී ආරම්භ වූ කොරියානු යුද්ධය ජාත්‍යන්තර දේශපාලන අර්බුධ රැසක් උග්‍ර කළා. සෝවියට් සංගමය සහ චීනය කොරියානු අර්ධද්වීපයේ බලය අල්ලාගැනීම සඳහා උතුරු කොරියානු කොමියුනිස්ට්වාදීන්ට සහයෝගය දුන් අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දකුණු කොරියාව ආරක්ෂා කිරීමට ආරක්ෂ අංශ මැදිහත් වුණා. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ මලයාවේ චීන කොමියුණිස්ට්වාදීන්ගේ සහායනේ කැරැල්ලක් ආරම්භ වූ වා. මේ අතර ඉන්දියාව සැන්ෆ්‍රැන්සිස්කේා සමුළුවට සහභාගී වීම ප්‍රතික්ෂේප කළේ ජපානයට වාසිදායක ලෙස පිළිගත හැකි විසඳුමක් ලබාදීම කෙරෙහි විශ්වාසයක් නොමැති බව පවසමින්. ලොව පැවති සීතල යුද දේශපාලනයේ බලපෑමට ලක්වූ ඉන්දියාවේ ස්ථාවරය ජපානය සමඟ කිසිදු වෛරයක් නොපැවති බවට පැහැදිළි ඇඟවීමක්.

නොබැඳි රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාව නිදහස ලැබූ මුල් කාලයේ දී බටහිර ගැති පක්ෂපාතීත්වයක් ප්‍රදර්ශනය කළා. අධිරාජ්‍යවාදී පාලකයන්ගෙන් දේශීය නායකයන් ඔස්සේ ප්‍රාදේශීය දේශපාලන ක්‍රමයට බලය මාරු වීම ඉන්දියාවේ සහ බුරුමය සමඟ සන්සන්දනය කිරීමේ දී වඩාත් සුමට ස්වරූපයක් ගත්තා. එක්සත් ජාතික පක්ෂය රටේ මුලින්ම බලය ලැබූ දේශපාලන පක්ෂය වූ අතර එහි නායක ඩී.එස්.සේනානායක නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ද වුණා. මේ පාලකයන් රටේ ප්‍රතිරූපය ඉහළ නංවාගැනීම සඳහා හිතා මතාම බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිකයක් අනුගමනය කළා. නිදහස ලබා තිබිය දී පවා ලංකාව යටත්විජිත සබඳතාවලින් සම්පූර්ණයෙන් ම ඈත් වුණේ නැහැ. 1972 දක්වාම රාජ්‍ය නායකයා ලෙස බ්‍රිතාන්‍ය කිරීටය පිළිගනිමින් සිටියා. එමේන ම එක්සත් ජාතික පක්ෂ නායකත්වය කොමියුනිස්ට්වාදය එරෙහි දේශීය මෙන්ම විදේශීය ප්‍රතිපත්තිවල දී ද විවෘතව විරෝධය දැක්වූවා. සෝවියට් දේශයද ලංකාව සැළකුවේ බටහිර ගැති ඔවුන්ගේ මිත්‍ර රාජ්‍යයක් ලෙසයි. ඒ නිසා ලංකාවව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළුවීම පවා අවහිර කිරීමට සෝවියට් දේශය කටයුතු කළා.

බටහිර ගැති ප්‍රතිපත්තියක සිටිමින් වුව ද ශ්‍රී ලංකාව තම ආර්ථික අභියෝගයන්ට මුහුණ දීම සඳහා කොමියුනිස්ට් හවුල සමඟ යම් යම් සබඳතා පවත්වාගැනීමට උත්සාහ ගැනීම දැකිය හැකියි. මේ අතර එක්සත් ජනපදය කෘතිම රබර් තොග මුදා හැරීම සහ ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනය කෙරෙහි බලපෑම් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳ පොළෙ දැඩි පසුබෑමකට මුහුණ දීමට සිදුවූවා. ජාත්‍යන්තර වෙළෙඳ පොළේ සහල් හිඟයක් ඇතිවීම හේතුවෙන් බටහිර නොවන රටවල සහය ලබාගැනීමට ද ශ්‍රී ලංකාවට සිදුව තිබුණා. එහි ප්‍රතිඵලයක් වුණේ චීන-ලංකා රබර් සහල් ගිවිසුමකට අත්සන් තැබීමට සිදුවීමයි. බටහිර ගැතිව සිටි ශ්‍රී ලංකාවට තම නිෂ්පාදිත රබර් අපනයනය  කිරීමටත්, හදිසි අවශ්‍යතාවන් සඳහා සහල් ආනයනයන කිරීමත් මේ ගිවිසුම අත්සන් කිරීමට සිදුව තිබීම දෛවෝපගත සිද්ධිකයක් වැනියි. නමුත් මේ තත්වය ශ්‍රී ලංකාවේ බටහිර නැඹුරුව අඩු කිරීමට හේතුවක් වූයේ නැහැ.

සෝවියට් සංගමයට අවශ්‍ය වුණේ සැන් ෆ්‍රැන්සිස්කේා සම්මේලනයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කිරීමටයි. තරුණ දේශපාලනඥයකු වූ ජයවර්ධන පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ ලක්ෂණ පෙන්වමින් එම සමුළුවේ ක්‍රියා පටිපාටිය සඳහා වූ සාකච්ඡාවලට මැදිහත්ව සිටියා. ජපානය සඳහා වූ විසදුමක් ප්‍රමාද කිරීමට උත්සාහ කළ සෝවියට් සංගමයේ නියෝජිතයන්ට විරෝධය දැක්වූවා. අවසානයේ සිදුවූයේ සෝවියට් දේශය විසින් ජපානය සම්බන්ධ තීරණ ප්‍රමාද කිරීමේ උත්සාහය අසාර්ථක වීමයි. කුඩා දූපත් රාජ්‍යයක් වන ලංකාව ප්‍රතිපත්තිමය කරුණු අතින් කලාපයේ සුපිරි බලවතාගේ ශක්තියට ප්‍රතිපත්තිමය වශයෙන් කරන ලද අභියෝගයක් ද වෙනවා.

සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේ දී අදහස් දැක්වූ ජේ.ආර්.ජයවර්ධන ත උපන්දිනයට පෙර දින එනම් සැපැත්ම්බර් 16 වැනි දින බුද්ධ දේශනාවන් ගැන සදහන් කළා. ජපානය වෙනුවෙන් ඔහු කළ කතාව ආරක්ෂාව සම්බන්ධ ඉතාමත් වටිනා ප්‍රකාශයක් වූ අතර එහි ඇතැම් කොටස්වලින් ගම්‍ය වූයේ විදේශ ප්‍රතිපත්ති උපාය සැකසීම සඳහා විචක්ෂණශීලී බුද්ධිය භාවිතාකිරීමට ඔහුට තිබූ අපූරු හැකියාවයි.

“…. අප ආකමණයකට ලක් නොවීමට තරම් වාසනාවන්ත වුව ද, අග්නිදිග ආසියාවේ අණ යටතේ අතිවිශාල හමුදා ස්ථානගත කිරීමෙන් යුද්ධයට දායකත්වය සපයන රටක් ලෙස ප්‍රධාන ස්වභාවික රබර් නිෂ්පාදකයකු ව අපට අපගේ ප්‍රධාන වෙළෙඳ අපනන වෙළෙඳ පොළ පවා හිමිවී තිබූ අතර ගුවන් ප්‍රහාරවලින් ද හානි සිදුවුණා. මේ ආකාරයෙන් සිදු වූ හානිය අපට ප්‍රතිපූර්ණය කරගැනීම සඳහා අපට විමසීමට ඇයිතියක් තිබුණ ද අප එසේ කරන්නේ නැහැ. ආසියාවේ මිලියන ගණනක මනුෂ්‍ය ජීවිත සවිබල ගැන්වූ ශ්‍රේෂ්ඨ ගුරුවරයාණන් වූ බුදරජාණන් වහන්සේගේ වදන් අපි විශ්වාස කරනවා. ‍’වෛරයෙන් වෛරය සන්සිදෙන්නේ නැහැ. එය මෛත්‍රීයෙන් අවසන් කළ යුතුයි’ යැයි බුදු දහමේ නිර්මාතෘවරයා වූ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයයි. ආසියාව හරහා මනුෂ්‍යත්වයේ පණිවිඩය බුරුමය, ලාඕසය, කාම්බෝජය, සියමය, ඉන්දුනීසියාව, ලංකාව සහ උතුරු දෙසට හිමාලය හරහා ටිබෙට්, චීනය සහ ජපානය දක්වාම පැතිරී ගොස් වසර සිය ගණනක් පොපදු සංස්කෘතික් හා උරුමයකින් අපි සැවොම එකිනෙක බැඳ තැබුවා….”

ජයවර්ධන ජපානය පූර්ණ නිදහසක් දක්වා තල්ලු කළා. වඩාත් නිවැරදි විග්‍රහයකින් සහ ස්ථාවර ලෙස ජපානයට ඔහු කොන්දේසි විරහිතව සහෝයගය දැක්වීම සමස්ත සම්මන්ත්‍රණයේ ස්වභාවය හා ගතිකත්වයෙ වෙනස් මගකට යොමුකිරීමට ජයවර්ධනට හැකියාව ලැබුණා. කුඩා දූපත් රාජ්‍යයක් වූ ලංකාවෙන් පැමිණි ජයවර්ධනගේ නායකත්වයෙන් ජපානයට ලැබුණු සහයෝගය සළකා බැලීම හැර ජපානයට විරුද්ධව සිටි අනෙකුත් රාජ්‍යයන්ට කිසිදු විකල්පයක් තිබුණේ නැහැ. ජපානය නැවත ස්වාධීන රාජ්‍යයක් බවට පත්කිරීමට එය අවස්ථාවක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අද වනවිට ජපානය ලෝකයේ වඩාත්ම සමෘද්ධිමත් හා ගෞරවනීය බලවත් රාජ්‍යයක් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව එම සමුළුවේ දී ජපානය වෙනුවෙන් ලබාදුන් සහයෝගය සඳහා ජපානයෙන් ප්‍රති උපකාරයක් ලබා ගැනීමට ද උත්සාහ කළේ නැහැ.

ජයවර්ධනගේ කතාව දීගු කතාවක් නොවෙයි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධව බලපෑම් කිරීමට හා පාලනය කිරීමට නොහැකි බව මේ සමුළුවේ දී පෙනී ගිය වැදගත් කරුණක් වුණා.  එදා තරුණ ජයවර්ධනගේ නොපසුබට උත්සාහය සුවිශේෂී රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයකට හෙතු වූ අතරම එතැන් පටන් ජපාන – ශ්‍රී ලංකා මිතුදම ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට උපකාරී වුණා.

ඉන් අවුරුදු 70කට පසු ලෝකයෙ තවමත් බරපතල දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටිනවා. ආර්ථිික, පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු, ජාතීන් අතර ඇති විරසකයන් තවමත් සමාජ හා සංස්කෘතික වශයෙන් ගිගුම් දෙමින් තිබෙනවා. ගැටලු විසඳීමේ දී මනා විචාර බුද්ධියකින් යුතුව කරුණු සහ සාධක සහිතව තීරණ ගත හැකි නිර්භීත නායකයන් වර්තමානයට අවශ්‍යයි. ජයවර්ධන 1950 දී එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළා. වත්මන් නායකයන්ට එසේ නොකිරීමට හේතු තිබේ ද ?

(ලේඛකයා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂකයෙකි. හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මෙන්ම දේශපාලනඥයෙකි.)

මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!