spot_img

දොස්තරලා ගාල්ලේ ත්‍රිපෝෂ පෝළිමක් හදයි. අම්මලා සහ දරුවෝ අමාරුවේ

පුවත්

විදෙස්

ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි මව්වරුන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂ ගැනීමට අද (06) දිගු පෝළිම් දක්නට ලැබිණි.

කොරෝනා අවදානම් ලෙස පැතිරෙමින් පවතින ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මව්වරු දහස් ගණනක් මෙලෙස එකම ස්ථානයකට රැස්කර තිබීම ගැන පැමිණි බොහෝ දෙනකු දෝශාරෝපණ එල්ල කළහ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඒ ඒ වසම් සඳහා නියමිත පවුල් සෞඛ්‍ය සේවිකාවන් මාර්ගයෙන් ත්‍රිපෝෂ පැකට් බෙදාහැරීමට හැකියාව තිබිය දී මෙලෙස ගාල්ලේ සියලු දෙනා එකම ස්ථානයකට ගෙන්වා තිබිණි.

එලෙස ඔවුන් ගෙන්වා ඇත්තේ ලබුදූව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නමැති ස්ථානයකටය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන්ගේ පුද්ගලික වුවමනාම මත නීති විරෝධී ආකාරයෙන් ස්ථාපිත කර ඇති මෙම කාර්යාලයට ගාල්ලේ සියලුම දෙනා කැඳවීමෙන් අමතර කොරෝනා ව්‍යාප්තියක් සිදුවන බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ.

එම ස්ථානයේ පසෙක ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි කොරෝනා බවට සැකයක් ඇති පුද්ගලයන් සඳහා ඇන්ටිජන් පරීක්ෂණ කිරීම ද සිදුවෙයි ඒ අතර සිටින ආසාදිතයන් ද ත්‍රිපෝෂ ගැනීමට පැමිණි පිරිස් සමඟ එකම භූමියක සිටීම දැඩි අවදානමකි.

නමුත් තම පුද්ගලික අරමුණු වෙනුවෙන් කටයුතු කරමින් දැනට මාස ගණනාවක සිට ගාල්ලේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ කිසිදු තැකීමක් නොකරන වෛද්‍යවරුන්ට ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles