spot_img
spot_imgspot_img

චාජර යුගය අවසන් ? රැහැන් රහිත ආරෝපණ ක්‍රමයක් එයි

පුවත්

විදෙස්

ජංගම දුරකථන, ලැප්ටොප්, ටැබ් ඇතුළු ආරෝපණය කළ යුතු සියලු උපකරණ සඳහා තවදුරටත් ප්ලග් හෝ කේබල් අවශ්‍යතාවකින් තොරව භාවිතා කිරීමට හැකියාව ලැබෙන බව ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාල පර්යේෂකයන් කණ්ඩායමක් පවසයි.

මේ සඳහා ඔවුන් විසින් නිර්මාණය කර ඇති කාමරය මේ වනවිට වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇත. ඔවුන් පවසන්නේ මිනිසුන්ට හෝ කිසිදු සත්වයකුට හානි නොවන පරිදි චුම්භක ක්ෂේත්‍ර උත්පාදනයකින් එම උපකරණ සඳහා ආරෝපණය (චාර්ජ් කිරීම) ලබාගත හැකි බවයි. ඒ සඳහා විද්‍යුත් ක්ෂේත්‍රයක් අවශ්‍ය නොවන බව ද ඔවුන් පවසයි.

පර්යේෂකයන් පවසන්නේ එක් කාමරයක දී මෙය පරීක්ෂා කර සාර්ථක වී ඇති බයයි. මෙය තවතම් ආරම්භක අවධිය පවතින දෙයකි. චුම්භක ක්ෂේත්‍ර කෙරෙහි මිනිසුන් නිර‍ාවරණය වීම සඳහා වූ වර්තමාන මාර්ගෝපදේශ ඉක්මවා නොගොස් වොට් 50ක බලයක් ලබාදිය හැකි බව පර්යේෂකයෝ කියති.

දැනට භාවිතා කරන රැහැන් රහිත ආරෝපණ පෑඩ් සමඟ භාවිතා කරන පද්ධතියට සමාන වයර් දඟරයක් සවි කර ඇති ඕනෑම උපාංගයක් ආරෝපණය කිරීමට එය භාවිතා කළ හැකිය එසේ වුව ද මෙම ක්‍රමයෙන් ආරෝපන තලය (Pad) ද ඉවත් වෙයි.

ආරෝපණය සඳහා යොදා ගන්නා චාජර් සහ ඒවායේ කේබල් බුරුතු පිටින් මේස වලින් ඉවත් කිරීම මෙන්ම, ප්ලග් හෝ කේබල් අවශ්‍යතාවයකින් තොරව තවත් බොහෝ උපාංග සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කිරීමට ඉඩ සැලසෙන බව කණ්ඩායම පවසයි. 

චුම්භක ක්ෂේත්‍රයන් ‘සෑම අස්සක් මුල්ලක් නෑරම’ ළඟා වීමට ඉඩ දීම සඳහා කාමරයේ මධ්‍යයේ ධ්‍රැවයක් වර්තමාන පද්ධතියට ඇතුළත් කරන බව ද කණ්ඩායම පවසයි. 

නමුත් ඔවුන් පවසන්නේ මෙය තවමත් මුල් අවධියේ පවතින බැවින් එය මහජනතාව සඳහා හඳුන්වාදීමට කොපමණ කාලයක් ගත වන්නේ ද යන්න පිළිබඳව හෝ එහි මිල ගණන් පිළිබඳව හෝ කිසිවක් දැන්ම කිව නොහැකි බවයි.

මෙම තාක්ෂණය මගින් ජංගම දුරකථන, පරිගණක වැනි උපාංග පමණක් නොව විදුලි පංකා, විදුලි පහන් වනි ඕනෑම විදුලි උපකරණයක් ආරෝපණය කළ හැකි බව ටෝකියෝ විශ්විවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.

ඔවුන් පර්යේෂණය සඳහා නිර්මාණය කර ඇති කාමර‍යේ ඒ සියල්ල භාවිතා වෙයි.

මෙම පර්යේෂණය හා සම්බන්ධ වී සිටින මිචිගන් විශ්වවිද්‍යාලයේ ඇලන්සන් සාම්පල් පවසන්නේ මෙය සම්පූර්ණයෙන් ම පරිගණක ලෝකයේ බලය ඉහළ නංවනු ඇති බවයි. කිසිම අවස්ථාවක රැහැන් සම්බන්ධතා පිළලිබඳ හෝ ආරෝපණය කිරීම් ගැන හෝ නොසිතා පරිගණක භාවිතා කිරීමට හැකිවීම විප්ලවීය වෙනසක් වනු ඇතැයි ඔහු පවසයි.

නව ක්‍රමය විදහා දැක්වීම සඳහා, ඔවුන් අද්විතීය රැහැන් රහිත ආරෝපණ සාදන ලද ඇලුමිනියම් ‘පරීක්ෂණ කාමරයක’ සවි කළහ.

ගෘහ භාණ්ඩ හෝ මිනිසුන් තැබූ ස්ථාන නොසලකා කාමරයේ ඕනෑම තැනක සිට ධාරාව ඇද ගන්නා ලාම්පු, විදුලි පංකා සහ ජංගම දුරකථන වලට ඔවුන් එය භාවිතා කළහ.  

හානිකර විය හැකි මයික්‍රෝවේව් විකිරණ හෝ කැපවූ ආරෝපණ පෑඩ් මත තැබීමට අවශ්‍ය උපකරණ භාවිතා කළ රැහැන් රහිත ආරෝපණ උත්සාහයට වඩා මෙම පද්ධතිය විශාල දියුණුවක් බව පර්යේෂකයෝ කියති. 

පළමු ලිපිය මෙතැනින් – https://www.dailymail.co.uk/sciencetech/article-9942763/Wireless-charging-room-delivers-electricity-AIR.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!