spot_img
spot_imgspot_img

කොටස් වෙළඳ පොළ සමාගම් ප්‍රාග්ධනය බිලියන 4,150 ඉක්මවයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 66,075ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 12,032ක් බවට පත්විය.

කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වන සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 9,335ක් බවට පත්විය. අද සමස්ත කොටස් මිල දර්ශකය ඉහළ යාම 172.8කි.

වැඩිම වටිනාකමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,426යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලින 2,420යි, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 807ක් ලෙස ප්‍රධාන විය.

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 206යි, සියරා කේබල් සමාගම කොටස් මිලියන 40යි, ඇග්ස්ටාර් සමාගම කොටස් මිලියන 15ක් ලෙස කැපී පෙණිනි.

දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර කොටගල වැවිළි සමාගම 24% ද, ඊ චැනලින් සමාගම 23% ද, නවලෝක රෝහල් සමූහය 22%ක් ද ලෙස වාර්තා විය.

අද දිනයේත් කොළඹ කොටස් වෙළෙඳ පොළේ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 361ක වත්කමක් හිමිකරගනිමින් එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේ ද, රුපියල් බිලියන 291ක වත්කමක් හිමිකරගනිමින් එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද පත්විය. අද දිනයේ කොටස් මිල දර්ශකය ඉහළ යාම කෙරෙහි එක්ස්පෝ ලංකා සමාගම 8%ක ප්‍රතිශතයකින් ද, එල්ඕඑල්සී සමාගම 7%ක ප්‍රතිශතයකින් ජෝන් කීල්ස් සමාගම 4%ක ප්‍රතිශතයකින් ද දායක විය.

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම් ලෙස හේලීස් සමාගමේ කොටස් 314,000ක් රුපියල් 122.00 බැගින් ද, වින්ෆොර්ස් සමාගමේ කොටස් 1,200,000ක් රුපියල් 18.30 බැගින් ද, හැටන් නැෂනල් බැංකුව කොටස් 5,600,000 ක් රුපියල් 125.00 බැගින් ද කො‍මර්ෂල් බැංකුව කොටස් 250,000ක් රුපියල් 85.50 බැගින් ද හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් අද දිනියේ රුපියල් මිලියන 83ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් 939ක කොටස් විකුණා තිබේ.

ඒ අනුව ශුද්ධ ලෙස විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් මිලියන 856ක් ඉවත් කරගෙන ඇත.

අද දක්වා මේ වසර තුළ දී පමණක් විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 39.662ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබේ.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 28යි, වින්ෆෝර්ස් සමාගම රුපියල් මිලියන 21යි, ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 03යි ලෙස කැපී පෙ‍ණිනි.

විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර  හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලින 773යි, ඩයලොග් සමාගම රුපියල් මිලියන 33යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 32යි ලෙස ප්‍රධාන විය.

කොළඹ කොටස් වෙළෙද පොළෙහි සියලු සමාගම්වල සමස්ත ප්‍රාග්ධනීකරණය ඉතිහාසයේ පළමු වරට රුපියල් බිලියන 4,150.44 සීමාව ඉක්මවා තිබේ.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පහළ යාම හේතුවෙන් කොටස් වෙළෙඳ පොළෙහි අපනයන භාණ්ඩ හා සේවා සපයන සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජකයන්ගේ දැඩි ආකර්ශනයක් ඇතිවී තිබෙන අතර දිනෙන් දින එම කොටස් මිල ඉහළ යමින් පවතී.

අප මින් පෙර ද සඳහන් කළ පරිදි කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය ඉතා ඉක්මණින් ඒකක 9,500 ඉක්මවනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළ කරති. විශේෂයෙන් ම චීන අග්‍රාමාත්‍යවරයා සැප්තැම්බර් මස 10 වැනි දින වරාය නගරයේ මුල්ගල් තැබීමේ අවස්ථාව සඳහා පැමිණීමට නියමිත අතර වරාය නගරය ආශ්‍රිතව ඉදිකිරීම් සහ ව්‍යාපාර කිරීමට යෝජිත සමාගම්වල කොටස් කෙරෙහි ද ආයෝජකයන්ගේ ඉල්ලුමක් ඇති වී තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!