spot_img
spot_imgspot_img

අධික පිරිවැටුමක් සමඟ Expo Lanka වටිනාම සමාගම වෙයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වන සමස්ත කොටස් මිල ඒක 9,036ක් දක්වා වර්ධනය වී දිනයේ ගනුදෙනු අවසානයේ ඊයේ දිනයට සාපේක්ෂව ඒකක 103කින් ඉහළ ගොස් 8,997 බවට පත්විය.

වෙළෙඳ පොළ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 10,865ක් විය. ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළඳ පොළේ වටිනාම සමාගම බවට පත්වූ එල්ඕඑල්සී සමාගමේ වටිනාකම් අභිබවා අද එක්පෝර් ලංකා සමාගම රුපියල් බිලියන 328ක වත්කමක් වාර්තා කරගනිමින් පළමු ස්ථානයටත්, එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 281ක වත්කම් වාර්තා කරමින් දෙවැනි ස්ථානයටත් පත්විය.

දිනයේ වැඩිම වටිනාකමක් ඇති සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 4,947ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 1,788ක්, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 717ක් වශයෙන් ප්‍රමුඛ විය.

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 173යි, එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 31යි, එස්ඩීඑන්බීඑන් සමාගම කොටස් මිලියන 12යි ලෙස කැපී පෙණිනි.

අද දිනයේ වැඩිම ප්‍රතිශතයකින් මිල ඉහළ ගිය සමාගම් අතර එස්ඩීඑන්බී (X) සමාගම 50% කින් ද එකස්පෝ ලංකා සමාගමේ කොටස් මිල 17.71%කින් ද ක්‍රිස්වර්ල්ඩ් සමාගම 15%කින් ද ප්‍රධාන විය.

සංවෘත කවය තුළ අද දිනයේ කොටස් හුවමාරු වූ සමාගම් අතර අම්බන් හෝල්ඩින්ස් සමාගම රුපියල් 50 බැගින් වූ කොටස් මිලියන 02ක් ද, සණස සංවර්ධන බැංකුව රුපියල 43.50 බැගින් වූ කොටස් 405,000ක් ද, ජෝන් කීල්ස් සමාගම රුපියල් 130 බැගින් වූ කොටස් 500,000ක් ද සම්පත් බැංකුව රුපියල් 51.00 බැගින් වූ කොටස් 590,841ක් ද වින්‍ෆෝස් සමාගම රුපියල් 18.20 බැගින් වූ කොටස් මිලියන 3.5ක් ද හුවමාරු විය.

අද දිනයේ විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 135ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 131ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස රුපියල් මිලියන 04ක මුදලක් කොටස් වෙළෙද පොළට ආයෝජනය කර තිබේ.

අද දිනය දක්වා මේ වසරේ ජනවාරි 01 වැනි දා සිට කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් විදේශ ආයෝජකයන් විසින් ඉවත්කරගෙන ඇති මුදල රුපියල් බිලියන 37.9කි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 50යි, වින්ඩ්ෆෝර්ස් සමාගම රුපියල් මිලියන 27යි, ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 05 ලෙස ප්‍රධාන විය. විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපයිල් මිලියන 42යි, ඩයලොග් සමාගම රුපියල් මිලියන 29යි, සම්පත් බැංකුව රුපියල් මිලියන 10ක් ලෙස ද මූලික විය.

අපනයන භාණ්ඩ හා සේවා සැපයුම් සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජකයන්ගේ දැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන අතර දිගින් දිගටම වාර්තාකරනු ලබන අධික පිරිවැටුමත් සමඟ තවදුරටත් කොළඹ කොටස් වෙළෙඳ පොළ වර්ධනය වනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළකර සිටියි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!