spot_img

ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ගෙන් ඉන්දීය මූල්‍ය අපරාධ අංශය පැය 05ක් ප්‍රශ්න කරයි

පුවත්

විදෙස්

ඉන්දීය රුපියල් කෝටි 200කට වැඩි මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය සම්භවයක ඇති සුපිරි බොලිවුඩ් නිලි ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ඉන්දිය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය පැය 05ක පමණ කාලයක් ප්‍රශ්න කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඇය එම සිද්ධියේ සාක්ෂිකාරියක හේතුවෙන් මෙම ප්‍රශ්නකිරීම කළ බව ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය පවසා තිබේ.

බරපතල මූල්‍ය අපරාධකරුවකු ලෙසට සැකකරුන ලබන සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධ කෝටි ගණනක කප්පම් ජාවාරමක් ඇතුළු මූල්‍ය ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අතරතුර මෙම ප්‍රශ්නකිරීම කර තිබේ. ජැකලීන් සහ සුරේෂ් අතර සමීප හිතවත්කමක් පැවති බව ද අනාවරණය වී ඇත.

ජැකලීන් පවසා ඇත්තේ සුරේෂ් චන්ද්‍රශේකර්ගේ බිරිඳ ලීනා පෝල් මාර්ගයෙන් තමන් සුරේෂ් හඳුනාගත් බවයි. ඔහු තමන්ට ද මුදල් වංචාවක් සිදුකර ඇතැයි ඇය පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles