spot_img
spot_imgspot_img

ගරු විදුහල්පති ප්‍රශ්න විසඳුවොත් සඳුදාම වර්ජනය අතහරින බව ජෝසප් ස්ටාලින් කියයි

පුවත්

විදෙස්

ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලුවලට එළැඹෙන සඳුදා (30) විසඳුම් ලබාදීමට රජය කටයුතු කරන්නේ නම් වර්ජනය අවසන් කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“අධ්‍යාපනය නතරවෙලා අවුරුද්දකුත් මාස 05ක් ගතවෙලා. ඒ කාලයේ දී අධ්‍යාපනය දුන්නේ ඔන්ලයින් ක්‍රමයට. ඒ ක්‍රමයත් ආණ්ඩුවෙන් පටන්ගත්තු දෙයක් නෙවෙයි. ගුරුවරු තම තමන්ගේ උත්සාහයෙන් විද්‍යාල මට්ටමෙන් පටන්ගත්තම ආණ්ඩුව දැන් තමයි ඒක ගැන කතා කරන්නේ. දැන් කතාකරනවා ෆයිබර් ඔක්ටික් සම්බන්ධතා දෙන්න. අධ්‍යාපන නාලිකා පටන්ගන්න. මේ ඔක්කොම ආරම්භ කරන කතා විතරයි. ශ්‍රී ලංකාවේ ළමයින් ලක්ෂ 43ක් ඉන්නවා. ඉන් 40%ක විතර පිරිසකට තමයි ඔන්ලයින් අධ්‍යාපානය ලැබෙන්නේ ඉතිරි 60% ඒකත් ලැබුණේ නෑ. දැන් ඔන්ලයින් ඉගැන්වීම් නතර වෙලා දින 48ක් වෙනවා.”

ඔහු පවසන්නේ ඔන්ලයින් අධ්‍යාපනය යළි ආරම්භ කරන ලෙස අධ්‍යාපන ඇමතිවරයා ඉල්ලීමක් කළ බවයි. අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් විසින් ලබා දී ඇති වාර්තාව තම යෝජනාවලට සරිලන ආකාරයෙන් සකස් කරන්නේ නම් සඳුදා වුවත් වර්ජනය නතර කළ හැකි බව ජෝසප් ස්ටාලින් කීවේය.

ඉන් පසු චක්‍රලේඛ නිකුත් කළ එම නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ද හෙතෙම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!